අපි ජීවත් වෙනවා... හැම දේම අනාගතේට බාර දිදි ජීවත් වෙනවා.... හරියට මේ ලෝකෙ මරණය කියල දෙයක් නෑ වගේ... හරියට අපිට හැමදාම ජීවත් වෙන්න පුලුවන් වගේ... හරියට අනාගතේ කියන්නෙ ෂුවර්ම දෙයක් වගේ... ඉපදිලා මැරෙන මේ පුංචි කාලෙදිත් අපි විසින්ම හදාගත්ත සංස්කෘතිය කියන කෝෂයේ වෙලිලා පැටලිලා අපිම දුක් විඳිනවා.... ජීවත් වෙන කාලේ ජීවත් නොවී ඇයි අපි අනාගතේ ජීවත් වෙන ජීවිතයක් ගැන හිත හිත සිහින මවමින් දුක් විඳින්නෙ? මට තේරෙන්නෙ නෑ... මට මේ දේවල් හිතෙනව ඇත්තෙ ඊයෙ උන දෙයක් නිසා වෙන්න ඇති... සමහර විට ගොඩක් කල් ඉඳලා හිත හිත හිටියත් ශක්තියක් තියෙන්නෙ නැතුව ඇති මේ දේ ගැන කතාකරන්න හිතන්න...
ඊයෙ මම අඳුනන අයියා කෙනෙක් මිය ගිහින්... ඇත්තටම කිවුවොත් මියගිහින් නෙමෙයි... පිහියකින් ඇනලා මරාදාලා.... ඒ අයියා මාත් එක්ක එයාගෙ විස්තර කිවුවා... එයාගෙ අතීතේ... වර්තමානෙ විතරක් නෙමේ... අනාගත බලාපොරොත්තුත් ගැන කිවුවා.... එයා මෙච්චර කල් ජීවත් උනේ හම්බ කලේ අනාගතේ ජීවත් වෙන ජීවිතයක් ගැන බලාගෙන... ඒ ගැන සිහින මවමින්... ඒත් ඊට කලින් මරනය ඔහු සොයා ආවා... ජීවිතේ ජීවත් වෙන්නත් කලින් මරනය ඔහු වෙත ආවා... ඇයි අපි අද ජීවත් නොවෙන්නෙ? හෙට ජීවත්වෙන ජීවිතයක් ගැන සිහින මවමින් ඇයි අපි අද ජීවත් නොවෙන්නේ?... මරනය ආවහම කියන්න පුලුවන්ද දැන්ම එන්න එපා තව පහු වෙලා එන්න... මම තවම ජීවත් වෙන්න පටන් ගත්තෙ නෑ කියලා? එහෙම බැහැ නේද? එහෙනන් ඇයි අපි අනාගතේ ගෙවන ජීවිතයක් ගැන සිහින මවමින් දැන් ජීවත් නොවෙන්නෙ? අනාගතේ... මට පෙන්නන්නම් බැරි වචනයක්... කවදාවත් නො එන අනාගතේ... මම වෙයිර කරනවා ඒ වචනෙටත්....
Apr 12, 2010
Apr 7, 2010
නිදිගත් මෙහෙයවන්නා Sleep Dealer

මේ දවස් වල මට බලන්න ලැබුනා ගොඩක් ලස්සන ෆිල්ම් වගයක්... මේ දැන් බලල ඉවර උන එක ගැන කියන්නං... හරිම ලස්සන කතාවක් මේක හැබැයි ඒක මනංකල්පිත කතාවක් (ෆැන්ටසි), මේ ෆිල්ම් එකේ නම නිදිගත් මෙහෙයවන්නා හෙවත් Sleep Dealer...
මෙන්න ලින්ක් එක, කැමති කෙනෙක් ඉන්නවා නං online streaming බැලුවහැකි megavideo එකෙන්
මෙන්න ලින්ක් එක, කැමති කෙනෙක් ඉන්නවා නං online streaming බැලුවහැකි megavideo එකෙන්
කතාව මෙහෙමයි:
මෙම් කියන තරුණයා තාක්ෂනය ට ගොඩක් ඇබ්බැහි උන කෙනෙක්, නමුත් ඔහු පදින්චි වෙලා ඉන්නෙ මෙක්සිකෝවෙ තිබෙන ඉතාමත් පිටිසර පෙදෙසක... මෙම් ඔහුගේ තාත්තා අම්මා හා අයියා සමග වගා කරමින් තමයි ජීවත් වෙන්නෙ... මෙම් ගෙ සිහිනය තමයි මේ ගමින් ඈතට ගිහින් (ඇමරිකාවට) රස්සාවක් කරන එක... මේ තරුණයා නිදහස් වෙලාවට කරන්නෙ ඔහු විසින්ම තනාගත්ත දුරකතනයක් වගේ යන්ත්රයකින් ලෝකෙ අනිත් රටවල මිනිසුන්ගේ දුරකතන ඇමතුම් වලට සවන් දීම... නමුත් එක දවසක් මොහුට අසන්නට ලැබෙන්නේ ඇමරිකාවේ ආරක්ශක අංශයකට සම්බන්ද ඇමතුමක්.... ආරක්ශක අංශය එවෙලෙහිම මොහුව සලකුනු කරගන්නවා... එසැනින් අවිගත් ජෙට් යානාවක් මොහුගේ නිවස කරා ඇදෙනවා.... එතැන් පටන් තමයි හරිම කතාව පටන් ගන්නෙ...
Mar 27, 2010
සිංහල අකුරු තනන්න
මේ දවස් ටිකේ මම වැඩ වර්ජනයක... ඇත්තම කිවුවොත් බලෙන් නිවාඩු ගත්තා... මහන්සී නිසා... ඔහොම ඉද්දි මට ශෝක් වෙබ් අඩවියක් හම්බ උනා... මම හිතන්නෙ ඔයාලටත් ප්රයෝජනවත් වේවි.
මේ වෙබ් සයිට් එකෙන් විවිධ අකුරු තැනුවහැකි.. සයිට් එකේ නම: http://fontstruct.fontshop.com
මුලින්ම මෙකේ sign up වෙලා ඊට පස්සෙ තමන් නිර්මානය කරන්න යන අකුරු පන්තියට නමක් දෙන්න ඊට පස්සෙ පල්ලෙහා screen shot එකේ පිලිවෙලට යන්න.

- fonstructor එකට යන්න
- භාෂාව වෙනස් කරන්න... (මෙහි සිංහල ඇත)
- all bricks වලින් රිසි හැඩය තෝරා ගන්න
- පැන්සල තෝරා ගන්න
- හිස් අවකාශයෙ අකුර නිර්මානය කරන්න
- අනෙක් අකුර නිර්මානය සඳහා යන්න.. (සියලුම අකුරු මේ ආකාරයෙන් නිර්මානය කර ගන්න)
- අවසානයේ දී save කරන්න
- font file එක control panel ගිහින් carracter folder එකට drag කරන්න...
Mar 19, 2010
සිහින වලට පාට දෙන්න
පාටකුත් නැතී....
මතකෙනුත් මැකී...
සිතට වද දෙතී....
ඈතටම යතී....
සැබෑවක් නැතී....
අල්ලනුත් බැරී....
ආයෙ එන්නැතී...

සුවඳකුත් නැතී...
නින්දෙදී ඇදී...මතකෙනුත් මැකී...
සිතට වද දෙතී....
ඈතටම යතී....
සැබෑවක් නැතී....
අල්ලනුත් බැරී....
ආයෙ එන්නැතී...
සිහිනයක් සකී...
මට කවි ලියන්න හරිම අමාරුයි ඒත් හීන වලට මම ආස නිසාම මේක ලිවෙ... අනික දැන් වෙලාව පාන්දර 1.00 යි... මම තාම රෑට කාලත් නෑ... වැඩට ගිහින් ආපු ගමන් ජැකට් එක වත් ගැලෙවුවෙ නෑ... දින පොත පාලුවට අරින්නත් බැරි නිසා බැරි බැරි ගාතේ ඕන් මම හිතෙන් අහුල ගත්ත වචන ටිකක් එක් තැන් කරලා නිසන්ඳෑසක් වගේ දෙයක් ගොණු කලා... මම දන්නවා මගේ සිංහල වියාකරන එහෙම හොඳ නෑ කියලා... ඒත් දන්න ව්දිහට ලියලා හිත හිස් කලා....
Mar 6, 2010
ඉතාලි එන්න කලින් සියපාරක් වත් හිතන්න
ගොඩක් දෙනෙක් හිතන් ඉන්නෙ යුරෝපය කියන්නෙ සිහින පාරාදීසයක් කියල. එහෙම හිතන් ලංකාවෙ තියෙන තමන්ගෙ සේසතම උකස් තියල විකුනල දාලා මෙහෙ දුවගෙන එන්නෙ ඒ දේවල් මාසෙන් දෙකෙන් හම්බකරලා ලංකාවට යවන්න... ඒත් මෙහේ තත්වෙ ගැන හැගෙන්නෙ මෙහේ ආවට පස්සෙ...
මීට අවුරුදු 12 කට 10 කට කලින් ඉතාලි ආවා
මීට අවුරුදු 12 කට 10 කට කලින් ඉතාලි ආවා
- උත්සාහය
- අවංකබව
- කඩිසරකම
- වගකීමක් ඇතිව වැඩ කිරීම
- කාර්යයක්ෂමබව
- නිසි වෙලාවට වැඩ කිරීම
- ස්වාමියාට හිතවත් වීම
නම් පහසුවෙන් මුදල් උපයන්නට තිබුනා..
නමුත් අද පවතින තත්වය නම් මෙම රටේ ඉපද හැදී වැඩුන ඉතාලි ජාතිකයන්ටත් විරැකියාව විශාල ගැටලුවක් වී ඇති අන්දමයි ඉතිං අපේ රටේ සිට පැමිණි අය ගැන කවර කතාද....
මෙම විපර්යාසයට ප්රධානතම හේතුව වන්නේ රුමේනියාව යුරෝපා හවුලට සම්බන්ධ වීම.
රුමේනියාව කියන්නෙ යුරෝපයේම තියෙන අන්ත දුප්පත් රටක්.. පැය 10 ක 12 ක බස් ගමනකින් පසුව ඔවුන්ට ඉතාලියට ලඟාවිය හැකීයී. මොවුන්ගේ ගමන් ගාස්තු හෙම අඩු හෙයින්ම ඉතාමත් අඩු පඩියට රක්ෂා කිරීමට පටන් ගත්තා... අනික් දෙය නම් මෙම ජාතීන්ගේ භාෂාව ඉතාලි භාෂාවට බෙහෙවින් සමාන නිසා ඉතාමත් කෙටි කලකින් ඔවුන් භාෂාව ඉගෙනගෙන පාවිච්චියට යොදනවා... සපත්තුවක් හැඩයගත් රටේ මිනිසුන් නම් ඉංග්රීසී භාෂාවට නම් විශාල මැලිකමකුයි දක්වන්නෙ...
මේ දේවල් ලියන්න හිතුනෙ ලංකාවෙ ඉඳන් ඇවිත් මෙහේ දුක් විඳින ගොඩක දෙනෙක් මට පෙනෙන නිසයි.. ඉතිං අවසන් වශයෙන් කියන්න තියෙන්නෙ ඉතාලිය කියන්නෙ සුරපුරක් නෙමෙයි... ඒක නිසා මෙහේ එන්න කලින් දෙපාරක් තුන්පාරක් නෙමෙයි... සිය පාරක් වත් හිතන්න...

Mar 2, 2010
තුෂාර සහ වසන්ති

"ජීවිතෙන් අපි හිතන පතන හැම දෙයක්ම ලැබෙන්නෙ නැහැ ඩාලිං. වැඩිපුරම අපට සිද්ද වෙන්නෙ බලාපොරොත්තු කඩවීම් වලට මුහුන දෙන්න. ඒක හින්දා අපට බලාපොරොත්තු නැතුව ජීවත් වෙන්න පුලුවන්නම්! ඒත් බලාපොරොත්තුවක් නැත්නමි ජීවිතේකුත් නැහැ. ජීවිතේ කියන්නෙ බලාපොරොත්තුම තමයි. ඒකයි ජීවිතේ තියෙන ලොකුම අවාසනාවත්"
උපුටා ගැනීම කුමාර කරුණරත්න තුෂාර සහ වසන්ති නවකතාවෙන්
Mar 1, 2010
තුන්මංසල
අද කුමාර කරුණාරත්න ශූරීන්ගේ "තුන්මංසල" නවකතාව කියවීමට වරම් ලැබුනා... ඇත්තටම බොහොම සිත්ගන්නා සුලු ලෙස ඒ කතාව ලියවී තිබෙනවා... ජයන්ත, මාලතී සහ සුරංගගේ අනුවේදනීය කතාව ඕනෑම කෙනෙකුගේ නෙතට කඳුලක් එක්කරන්නට සමත්වන බව නොඅනුමානයි... මෙම කතාවෙන් උගත හැකි දෑ බොහෝයි... මුදල් මතම යැපෙන ලෝකයක... මුදලට වහල් නොවූ පවුලක අනුවේදනීය කතාව "තුන්මංසලින්" බොහොම අපූරුවට අකුරු කර තිබෙනවා... ඒ නමුත් මෙම පොතේ නම පිලිබඳව නං මගෙ පැහැදීම අඩුයි... සමහරවිට ඒ වචනයෙ තේරුම නොදන්න නිසා වෙන්න ඇති... මට හිතෙන හැටියට මේ පොතට ගැලපෙනම නම නම් "අපේ කාලයේ පටාචාරවක්"...
Feb 24, 2010
අද දවස
වෙලාව පාන්දර 2 යි... දැන් චුට්ටකට කලින් ගෙදර ආවේ... මෙහෙ ඉන්න අපෙ අම්මාගෙ යාලු ඇන්ටි කෙනෙක් හදීසියෙ නැති වෙලා... ඔලුවෙ නහරටක් පුපුරලා... වයස් 43... අවුරුදු 13 ක පොඩි දුවෙක් ඉන්නවා... ඒ ලමයා බය වෙලා වගේ පවු.... පොතක් දිගෑරගෙන එක දිහ ඔහේ බලන් ඉන්නවා....
ඉතින් එහේ ගිහින් තමා මේ ආවේ... අපේ ජීවිතේ කොච්චිර අනිතයයිද?... මිනිස්සු තරහ මරහා හිතේ තියන්... බලපොරොත්තූ හීන පොදි බැඳන් ජීවත් උනත්... මරණය අපිව ගෙනියන්න ආවහම.... ඒ හැම දේම අතෑරලා එයා සමග ඒ ගමන අනිවායයෙන්ම යන්න වෙනවා නේද?.... මේ ටික තේරුන් නොගත්ත මිනිස්සු ඉන්න ටික කාලෙත් සන්දු කරනව... අනේ මන්දා...

Feb 21, 2010
ඇස් දෙක මාගේ රැක ගන්න....
ලඟකදි ඉඳලා මගේ ඇස් දෙක පෙන්නෙ ටිකක් බොඳ වෙලා වගේ... ඒ විතරක් නෙමේයි... පෝස්ට් එකක් කියවද්දි ටික වෙලාවකින් ඔලුව රිදෙන්න ගන්නවා... මම කොම්පීතරේ ෆොන්ට්ස් අයිකන්ස් එහෙම සේරම ලොකු කලා... ඔලුව එහෙම රිදෙන්න ගන්නෙ සුදු පාට පසු බිමක් ඇති සහ අකුරු ඉතාමත් කුඩාවට ඇති බ්ලොග්ස් කියවීමට යද්දි... ඉතින් මම මගේ සහෝදර බ්ලොග් ලියන්නන්ගෙන් ඉල්ලා සිටිනව හැකි නම් මේ ගැන පියවරක් ගන්න කියල... මේක බලපෑමක් නම් නෙමේ... බොහොම කාරුනික ඉල්ලීමක් විතරයි...
බොහොම ස්තුතීයී...
බොහොම ස්තුතීයී...
Feb 16, 2010
ආයෙ නං කරන්නෙම නෑ....
මේ දවස් ටිකේ නං මාර මහන්සී... මම හිටු කියලා සිංහල බ්ලොග්ස් කියවන නිසාද කොහෙද මගෙ ටීක් බෝල දෙකේ පෙනීම දැන් ටිකක් අඩු වෙලා... මේ දවස් ටිකේ තාත්තා මට කාර් එක ගෙනියන්න දුන්නා... (අවුරුදු 3ක් වෙනවා බලපත්රය අරගෙන ඒත් මට වාහනේ දුන්නෙම නෑ පොඩි වැඩී කියලා) ඉතිං හෙන හැපි එකේ තමයි අරං ගියේ.... අම්මා නං මුල් දවස් ටිකේ බර බරේ දැම්මා.... දැන් නං ෂේප්...
හැබැයි පොඩි පොඩි මිස්ටේක් නං ටිකක් උනා.... ඒ කිව්වෙ දෙතුන් තැනකදිම මම ට්රැෆික් ලයිට් දැක්කෙම නෑ... (හොද වෙලාවට අම්මලාට ඒක තෙරුනේ නෑ... අනේ දෙවියනේ ගෙදරට නං දඩ කොල එන්න එපෝ...)
හොද වෙලාවට කොළ වැටිලා තිබිලා තියෙන්නෙ... ඒ වෙලාවේ ඒක ගැන හිතුවෙ නති උනාට මම ගෙදර ඇවිත් නිදියන්න ඇදට ගියහම එක පාරට ලොකු බයක් හිතට ආවා...බඩ පපුව පිච්චිලා ගියා... සෙල්ලමක් වගේ පෙනුනට ඒක ගොඩාක් භයානක දෙයක් කියලා තේරුනා... දෙයියනේ අම්මගෙ තාත්තගෙ ජීවිතේ වගේම පාරෙ යන අනිත් මිනිස්සුන්ගෙ ජීවිතෙත් මගෙ අත් දෙකේ....!!! අනිත් දවසෙ නං නිදිමතක් ආවොත් සත්තයි මං නවත්තනවා...!!!!!!!!!!

Feb 10, 2010
Feb 8, 2010
ඔලුව මැදින් නරක් වෙච්ච...
මට ටිකක් තරහා ගිහින් ඉන්නෙ... ඉතිං ඒක පිට කරන්න දිනපොතේ ලියන්න හිතුවා...
අපි ලංකාවෙන් ගොඩක් ඈත ජීවත් උනත් කන්නෙ බොන්නෙ ලංකාවෙ විදිහට.... ටිකක් ගනන් වැඩි උනත් අපේ රටවල වැවෙන එළවළු ජාති තමයි ගන්නෙ... ලංකාවෙම වැවෙන එළවළු කොළ ජාති මෙහෙ ඉදන් කන්න නං සල්ලි ගස් වලින් කඩන්න වෙනවා... ඔන්න ඕක තමයි මට තරහ ආව හේතුව... අපේ මෝඩ දේශපාලකයො නිසා අපි කන බොන මුදලුත් යන්නෙ බංග්ලාදේශය කියන රටට. පැහැදිලිවම කිවුවොත් කතාව මේකයි.
ලංකාවෙ සිට යුරෝපයට කිලෝග්රෑම් එකක් ගෙන්වන්න ඇමෙරිකන් ඩොලර් 2.40 ක් වැය වෙනවා... ඒ ලංකාවෙ ගනන්...
නමුත් බංග්ලාදේශයෙ සිට යුරෝපයට කිලෝග්රරැම් එකක් ගෙන්වන්න වැය වන්නේ ඇමරිකන් ඩොලර් 1.00 ක් පමණයි.....
සෑම කිලෝග්රෑමයකටම ඇ. ඩො 1.40 ක් වැඩිපුර දෙන්න වත්කමක් අපිට නැහැ... ඉතින් යුරෝපයේ ජීවත්වෙන අපි මිලදී ගන්නෙත් බංග්ලාදේශයෙන් ගෙන්වන එළවළු.
අනෙක් අවනඩුව නම් ලක්ෂ 4 1/2 ක් පමන ශ්රී ලාංකිකයින් වෙසෙන මේ යුරෝපයේ ලාංකීය තොගවෙලෙන්දන් නොමැති කම... මෙය ඉතාමත් ලැජ්ජාවට පත්වීමට කරැණක්.... බහුතරයක් චීන සහ බංග්ලාදේශ, ඉන්දීය තොග වෙලෙන්දන් ශ්රී ලාංකීය වියලි ආහාර ඔවුනට රිසි ඉතාමිල අධික මිලගනන් වලට සිල්ලර වෙලෙන්දන්ට විකුණන අතර අසරණ පාරිභෝගිකයන් එමනිසා ඉමහත් අපහසුතාවයකට පත්වේ....
අවසන් වශයෙන් ශ්රී ලංකන් ගුවන් සේවය කරන්නා වූ බෙදාගෙන නොව බදාගෙන කෑම් නිසා ලාංකීය අපගේ දුක් මහන්සියෙන් උපයන මුදල් අන්ය රටවල් වල දිව්නුව සදහා යෙදෙන අන්දම ඉතා කණගාටුදායකයි....
අදාල බලධාරීන් ගේ ඇස් කන් ඇරී මේ තත්වය යහපත් අතට හැරේවායි පතමින් අවසන් කරන්නම්...

Feb 1, 2010
ඉවසන්න බෑ
මේ දවස් වල තියෙන්නෙ පුදුම සීතලක්....
ඉවසන්නෙ කොහොමද...
අනේ.... ආදරනීය සමර් එක...
ඉක්මනට එන්න මගෙ ලගට...
Jan 31, 2010
ආයෙත් මම ඈවිත්
ගොඩක් කාලෙකට පස්සෙ මම දිනපොතට ආවා....
අමතක වෙලා නම් නෙමේ... දෑන් මං උදේ 9 සිට රෑ 10.00 වනතුරු රෑකියාවක නිරත වන නිසා...
එතෑනත් පොඩි පරිගනක කට්ටක් තිබෙනව උනත් එය පාවිච්චියට යාමේදී මගේ ඉවසීම නැමැති ගුනය බොහෝවිට උවමනා කරන බැවින් බොහෝවිට එය පාවිච්චි නොකරමි...
මේ දවස් වල හරීම සීතලයි... ඊයෙ හිමත් වෑටුනා... මේ සැරේ නං කිහිප වතාවක්ම වැටුනා...
හරීම පාලුයි....
අමතක උනානෙ දෙයක් ලියන්න...
අද මම ලස්සනම ලස්සන ෆිල්ම් එකක් බැලුවා...
ඒකෙ නම "When Harry Met Sally" හරිම ලස්සනයි...
කියලා වැඩක් නැහැ.... චුට්ටක් ඇඩුවත් එක්ක...
යකඩෝ.... වෙලාව 12 යි මහ රෑ....
මම යනවා නිදියන්නට....
හැමෝටම සුබ රාත්රියක්.... <3

Sep 8, 2009
සෙනසුරාදා
6 වැනි සෙනසුරාදා සැප්තැම්බර්, හොදට මතක තියා ගන්න... බ්ලොග්බාස්ටර් එක ලග... දුකයි ඒත් කරන්න දෙයක් නෑ... දිනේ මතක තියාගන්න ඕන නිසයි මෙතන ලියුවෙ...
Sep 7, 2009
duka davasak
ඊයෙ වැඩ කරන තැන ගාව දවල් 2 යි 50 ට විතර බයික් එකක් කාර් එකක හැප්පිලා එක කොල්ලෙක් එතනම මැරිලා... අනිත් කොල්ලා ගෙ අතකුයි කකුලකුයි කැඩිලා... ඊයෙ ඉරිදා නිසා මම වැඩට ගියේ නෑ... ලස්සනම ලස්සන කොල්ලො දෙන්නෙක්ලු... අවුරැදු 24 යි වයස.... අද ටිවී එකෙන් ඇවිල්ලා වීඩියො කරගෙන ගියා... එතැන ඒ ගොල්ලො වැටිලා හිටිය විදිහ හුනු වලින් ඇදලා තිබ්බා.... මට හරිම දුකයි....
http://www.gazzettino.it/articolo.php?id=72279&sez=NORDEST
http://www.gazzettino.it/articolo.php?id=72279&sez=NORDEST
Aug 10, 2009
අතීතය
සෙනසුරාදා අතීතය වීදුරැ දොරෙන් එහා පැත්තෙ ඉදලා මං දිහා බලං හිටියා... ඒත් ඒ අතීතය අදුනගන්න මට ටිකක් වෙලා ගියා... දැන් මැන්ටල් වීගෙන එන නිසා වෙන්න ඇති... අතීතය සමහරවිට ලස්සන ඇති වර්තමානයට වඩා... ඒත් අනාගතය?... යකාට ගියාවෙ.... නොපෙනෙන අනාගතයක සිහින මල් දකිනවට වඩා හොදට අදුනන අතීතයෙ ජීවත් වෙන එක හොදයි කියලත් හිතෙනවා... පිස්සු නැත්නන් ෂෝයි නේ....!
Jul 13, 2009
සිහින රදවගන්නා....
පෙරෙදා මල්ලි ආවා මං එක්ක බාප්පලාගෙ ගෙදර... එයා නං තාම ගියෙ නෑ... ඊයෙ රෑ බාප්පා ආව පුංචි ලොරෙන්සෝ එක්ක... අපි ඉතින් රෑට නූඩ්ලස් පාරක් දාලා රෑ වෙලා ඇවිදින්න ගියා... ගේ ලගම ලොකු සල්පිලක් තියෙනවා මෙ දවස් වල... ඒකෙ ගිහින් වෙෙයිවාරන බඩු අතර ඇවිදිද්දි මගෙ අවධානය ගිහින් නතර උනා බොහොම අපූරැ බඩුවක් ලග... ඉන්ග්රීසියෙන් නම් "dream cacher" සිංහලෙන් නම් "සිහින රදවන්නා"... ඒක අරන් ඇවිත් නිදියගන්න තැනට හරියටම ඉහලින් එල්ලා ගත්තා... ලස්සන හීනයක් පෙනෙන්න කිය කිය හිතට බල කලත් අන්තිමට උනේ මුලු රෑම නිදිනැතිව ගතකරන්නයී... ඒක නිසා අද මුලුදවසෙම හිටියෙ බොහොම අමාරැවෙන්.... අනේ අද රෑටවත් ලස්සන හීනයක් පෙනියන්....
Jul 12, 2009
පුංචි ට්රිප් එකක්
ගොඩ කාලෙකින් මගෙ දින පොත ලියන්න බැරි උනා... සති 3 කට විතර කලින් අපි මොදෙනා කියන නගරයට ගියා... සන් වීතා් කියන ගමට තමයි ගියෙ... ටිකක් පිටිසර.... විසාල තිරිගු යායක් මැද්දෙ තමයි අපි නැවතුන ගෙදර තිබුනෙ...
දවස් 3 ක් එහෙ හිටියා... එහේ හිටිය අයියලා මාමලා අපිට හොදට සැලකුවා.... ගොඩ කාලෙකට පස්සෙ මට ක්රිකට් ගහන්නත් ලැබුනා... එදා මොදෙනා නගරයෙ ලොකු සල්පිලක් තිබුනා අපි ඒකටත් ගියා... ලංකාවෙ අවන්හලක් එහෙමත් තිබුනා අපිට ඉතින් ටිකක් ආඩම්බරත් හිතුනා... එදා අපි කොත්තු හැදුවා... මමත් කුස්සියට ගිහින් හරි හරියට උදවු කලා... ගොඩක් සතුටු උනා... එලියෙ බාබකිවු දාලා ලොකු පාටියක් දැම්මා... ඒ පාටිය නන් ඉවර උනෙ උදේ 8 ට... මුලු රැයක්ම සින්දු කිවුවා අපේ කට්ටිය.. ඊට පහුවෙනිදා අපි ගගේ නාන්න ගියා... ඒකත් හරිම සුන්දර අත්දැකීමක් උනා...
ගිය සතියෙ අපි "Acqualandia" හෙවත් වතුරලන්තයට ගියා... කියාගන්න බැරි තරන් විනෝද උනා... භයානක සෙල්ලන් වල යද්දි නන් ගොඩක් බය හිතුනා... හැබැයි ඒ උස නිසා වත් වේගය නිසා වත් නෙමෙයි.... පීනන්න දන්නෙ නැති නිසයි.... හැබැයි අවුවෙ පිච්චිලා පිච්චිලා කට්ට කලු වෙලා තමයි ආපහු ආවෙ... ආයෙ යන්න ආසයි වතුරලන්තයට....
මේ සතියම අමතක කරන්න ඔන සතියක්...

Jun 15, 2009
මට පිස්සුද නැත්නන්.....
අදත් ඉතින් උදේම නැගිටලා දිවුවා වැඩට... උදේ ඉදලම ගිනි රස්නෙට අවුවක් පෑවිවා ඉන්නම බෑ... ඔලුවත් කැක්කුමයි... වැඩකරන තැනට සුද්දියෙක් ආවා තරමක් වයසක... අවුරැදු 55 ක් විතර ඇති... මගෙන් අහනව "ඔයා ලංකාවෙද?" කියලා... මට මොකුත් හිතා ගන්න බෑ... මං එක පාරට කියවුනා "මොකක්" කියලා, මට හිතුනෙ නං ඒ වෙලේ රස්නෙ ඉහට ගහලා මගේ මොලේ හොද නැති වෙලා කියලා... ඒ ගෑනු කෙනා අයෙත් මගෙන් ඇහුවා "ඔයා ලංකාවෙද?" කියලා මම "ඔව්" කිවුවා , මේ මනුස්සයා මට කියපි "ඉතිං මමත් ලංකාවෙ තමයි" කියලා... මට හීන් දාඩිය දැම්මා... ඊට පස්සෙ දිගට හරහට එයාගෙ විස්තර කියවගෙන කියවගෙන ගියා සිංහලෙන්... මට ඉතින් මාර සතුටුයි... එයා කිවුව විදිහට එයා ඇම්රිකන් ජාතික කාන්තාවක්... ලංකාවෙ නුව්ර මනුස්සයෙක්ව බැදලා තියෙන්නෙ... එයාලට නිමි ඇදුම් ගාමන්ට් එකක් තියෙනවා නුවර... එයා ඇවිල්ලා තියෙන්නෙ රෙදි ජාති හොයන්න... හෙට ලංකාවට ආයෙම යනව කිවුවා... ඇත්තටම මට ගොඩක් ආඩම්බර හිතුනා සතුටු හිතුනා ඒ වගේම ලැජ්ජත් හිතුනා ... ලංකාවෙ හැදෙන අපේ සමහර සිංහල දරැවන්ට ගෙදෙට්ට ගුරැවරැ ගෙනෙත් සිංහල උගන්නන එක විලාසිතාවක් වෙලා තියෙන කාලේ "සුද්දියෙක් වතුර වගේ සිංහල කතා කරන එක ගැන....
Subscribe to:
Posts (Atom)