Feb 8, 2010

ඔලුව මැදින් නරක් වෙච්ච...

මට ටිකක් තරහා ගිහින් ඉන්නෙ... ඉතිං ඒක පිට කරන්න දිනපොතේ ලියන්න හිතුවා...
අපි ලංකාවෙන් ගොඩක් ඈත ජීවත් උනත් කන්නෙ බොන්නෙ ලංකාවෙ විදිහට.... ටිකක් ගනන් වැඩි උනත් අපේ රටවල වැවෙන එළවළු ජාති තමයි ගන්නෙ... ලංකාවෙම වැවෙන එළවළු කොළ ජාති මෙහෙ ඉදන් කන්න නං සල්ලි ගස් වලින් කඩන්න වෙනවා... ඔන්න ඕක තමයි මට තරහ ආව හේතුව... අපේ මෝඩ දේශපාලකයො නිසා අපි කන බොන මුදලුත් යන්නෙ බංග්ලාදේශය කියන රටට. පැහැදිලිවම කිවුවොත් කතාව මේකයි.

ලංකාවෙ සිට යුරෝපයට කිලෝග්‍රෑම් එකක් ගෙන්වන්න ඇමෙරිකන් ඩොලර් 2.40 ක් වැය වෙනවා... ඒ ලංකාවෙ ගනන්...
නමුත් බංග්ලාදේශයෙ සිට යුරෝපයට කිලෝග්‍රරැම් එකක් ගෙන්වන්න වැය වන්නේ ඇමරිකන් ඩොලර් 1.00 ක් පමණයි.....
සෑම කිලෝග්‍රෑමයකටම ඇ. ඩො 1.40 ක් වැඩිපුර දෙන්න වත්කමක් අපිට නැහැ... ඉතින් යුරෝපයේ ජීවත්වෙන අපි මිලදී ගන්නෙත් බංග්ලාදේශයෙන් ගෙන්වන එළවළු.

අනෙක් අවනඩුව නම් ලක්ෂ 4 1/2 ක් පමන ශ්‍රී ලාංකිකයින් වෙසෙන මේ යුරෝපයේ ලාංකීය තොගවෙලෙන්දන් නොමැති කම... මෙය ඉතාමත් ලැජ්ජාවට පත්වීමට කරැණක්.... බහුතරයක් චීන සහ බංග්ලාදේශ, ඉන්දීය තොග වෙලෙන්දන් ශ්‍රී ලාංකීය වියලි ආහාර ඔවුනට රිසි ඉතාමිල අධික මිලගනන් වලට සිල්ලර වෙලෙන්දන්ට විකුණන අතර අසරණ පාරිභෝගිකයන් එමනිසා ඉමහත් අපහසුතාවයකට පත්වේ....

අවසන් වශයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය කරන්නා වූ බෙදාගෙන නොව බදාගෙන කෑම් නිසා ලාංකීය අපගේ දුක් මහන්සියෙන් උපයන මුදල් අන්ය රටවල් වල දිව්නුව සදහා යෙදෙන අන්දම ඉතා කණගාටුදායකයි....

අදාල බලධාරීන් ගේ ඇස් කන් ඇරී මේ තත්වය යහපත් අතට හැරේවායි පතමින් අවසන් කරන්නම්...