Jun 19, 2010

රෝස මලක්







අද නං සාමාන්යයෙන් රස්නෙ දවසක්, මම ඊයෙ පුංචිලෑ ගෙදර නැවතිලා අද පොඩි නංගිත් එක්ක ගියේ... නංගාව ආම්බන් කරන එක නං සුලුපටු දෙයක් නෙමෙයි, කලොත් කරන්නෙ ජල්තර වැඩ තමයි, කොහොම හරි දවල් බාප්පා ඇවිත් එක්කන් ගියා... ටික ටික රෑ උනා... අඳුනන අංකල් කෙනෙක් රසම රස වෙඩ්න් කේක් වගයක් ගෙනෙත් දුන්නා... එයා පෙබරවාරි මාසෙ තමයි ඒක හදන්න පටන් අරගෙන තියෙන්නෙ, පදම් වෙන්න මාස ගානක් යනවලු, ඇත්තමයි එච්චර රස වෙඩින් කේක් කෑල්ලක් මම ජීවිතේට කාලා නෑ, පුදුම රසක්....

දවල් ඒ අංකල්ම කඩල වගයකුත් හදාගෙන ආවා... ඒකත් රසයි.... ඔහොම දවස ගෙවීගෙන ගෙවීගෙන යද්දි, ටික ටික රෑ උනා... වට පිටාව කූල් උනා... ඊට පස්සෙ ඉස්සරහ කඩේ ඉන්න පිරිමි ලමයෙක් මට රෝස මලක් ගෙනෙත් දුන්නා... ෂා... මට නං හරිම සතුටුයි.... විහිලුවට උනත් රෝස මල ඇත්ත එකක්නෙ...
අද ඉතින් මට කන්න ඕනත් නෑ බොන්න ඔනත් නෑ :)