May 15, 2009

අද ගෙද‍ර...

ගොඩ දවසකට පස්සෙ දිනපොත ලියන්නෙ... මම පදින්චිය වෙනස් කල එකයි ඒකට හේතුව... දැන් මම ඉන්නෙ අපේ බාප්පලාගෙ ගෙද‍ර නවතිලා... පහුගිය දවස් ටිකෙම වැඩට ගියා.. අද මෙහේ බස්, කෝච්චි, ඉස්කෝල ගුරැවරැ වැඩ වර්ජනයක්... ඉතින් මම ගෙද‍ර නැවතුනා නංගිව බලා ගන්න ඕන නිසා... එයාට කාටුන් එකක් දාලා දුන්න බලන්න... මල්ලි නං ඉස්කෝලෙ ගියා...
පහුගිය දවස් ටිකේම හොදට අවුව පායලා තිබුනා... ඒත් අද නං අහස කලු ක‍රලා, වහින්න වගේ... හ‍රිම පාලුයි... හ‍රිම කම්මැලී... පහුගිය දවස් ටිකේම ගොඩක් දේවල් සිද්ද උනා.... ඒවා ලියන්න හිතාගෙන හිටියත් මට නං දැන් ඒවා මතකත් නෑ... ඉරිදට මම "අබා" බලන්න යන්න හිතන් ඉන්නෙ... සාහිත්ය උලෙලට යවන්න මම ලියපු සින්දුවක් ලැහැස්ති කලත් ඒක 15 වෙනිදා ඉව‍්රයි... ඉතින් අද 15 නිසා මට සින්දුව සහිත ඉල්ලුම්පත‍්රය දාන්න බැරිවෙයි වගේ...මෙහේ නංගී මල්ලී එක්ක ඉන්නකොට නං වැඩිය පාලුව දැනෙන්නෙ නෑ... ඒත් පොඩි ලමයිව හදන එක කොයි ත‍රන් අමාරැද කියලා මට දැන් හොදට තේරෙනවා... අපේ අම්මත් කොච්චිර දුක්විදින්න ඇද්ද අපිව මේ තත්වෙට ගේන්න...
මගේ අම්මට මම ගොඩාක් ආද‍රෙයි....!