Apr 7, 2010

නිදිගත් මෙහෙයවන්නා Sleep Dealer


මේ දවස් වල මට බලන්න ලැබුනා ගොඩක් ලස්සන ෆිල්ම් වගයක්... මේ දැන් බලල ඉවර උන එක ගැන කියන්නං... හරිම ලස්සන කතාවක් මේක හැබැයි ඒක මනංකල්පිත කතාවක් (ෆැන්ටසි), මේ ෆිල්ම් එකේ නම නිදිගත් මෙහෙයවන්නා හෙවත් Sleep Dealer...
මෙන්න ලින්ක් එක, කැමති කෙනෙක් ඉන්නවා නං online streaming බැලුවහැකි megavideo එකෙන්

කතාව මෙහෙමයි:

මෙම් කියන තරුණයා තාක්ෂනය ට ගොඩක් ඇබ්බැහි උන කෙනෙක්, නමුත් ඔහු පදින්චි වෙලා ඉන්නෙ මෙක්සිකෝවෙ තිබෙන ඉතාමත් පිටිසර පෙදෙසක... මෙම් ඔහුගේ තාත්තා අම්මා හා අයියා සමග වගා කරමින් තමයි ජීවත් වෙන්නෙ... මෙම් ගෙ සිහිනය තමයි මේ ගමින් ඈතට ගිහින් (ඇමරිකාවට) රස්සාවක් කරන එක... මේ තරුණයා නිදහස් වෙලාවට කරන්නෙ ඔහු විසින්ම තනාගත්ත දුරකතනයක් වගේ යන්ත්‍රයකින් ලෝකෙ අනිත් රටවල මිනිසුන්ගේ දුරකතන ඇමතුම් වලට සවන් දීම... නමුත් එක දවසක් මොහුට අසන්නට ලැබෙන්නේ ඇමරිකාවේ ආරක්ශක අංශයකට සම්බන්ද ඇමතුමක්.... ආරක්ශක අංශය එවෙලෙහිම මොහුව සලකුනු කරගන්නවා... එසැනින් අවිගත් ජෙට් යානාවක් මොහුගේ නිවස කරා ඇදෙනවා.... එතැන් පටන් තමයි හරිම කතාව පටන් ගන්නෙ...