Jul 12, 2009

පුංචි ට‍්රිප් එකක්

ගොඩ කාලෙකින් මගෙ දින පොත ලියන්න බැරි උනා... සති 3 කට විත‍ර කලින් අපි මොදෙනා කියන නග‍රයට ගියා... සන් වීතා් කියන ගමට තමයි ගියෙ... ටිකක් පිටිස‍ර.... විසාල තිරිගු යායක් මැද්දෙ තමයි අපි නැවතුන ගෙදර තිබුනෙ...
දවස් 3 ක් එහෙ හිටියා... එහේ හිටිය අයියලා මාමලා අපිට හොදට සැලකුවා.... ගොඩ කාලෙකට පස්සෙ මට ක‍්රිකට් ගහන්නත් ලැබුනා... එදා මොදෙනා නග‍රයෙ ලොකු සල්පිලක් තිබුනා අපි ඒකටත් ගියා... ලංකාවෙ අවන්හලක් එහෙමත් තිබුනා අපිට ඉතින් ටිකක් ආඩම්බ‍රත් හිතුනා... එදා අපි කොත්තු හැදුවා... මමත් කුස්සියට ගිහින් හ‍රි හ‍රියට උදවු කලා... ගොඩක් සතුටු උනා... එලියෙ බාබකිවු දාලා ලොකු පාටියක් දැම්මා... ඒ පාටිය නන් ඉව‍ර උනෙ උදේ 8 ට... මුලු රැයක්ම සින්දු කිවුවා අපේ කට්ටිය.. ඊට පහුවෙනිදා අපි ගගේ නාන්න ගියා... ඒකත් හ‍රිම සුන්ද‍ර අත්දැකීමක් උනා...

ගිය සතියෙ අපි "Acqualandia" හෙවත් වතුරලන්තයට ගියා... කියාගන්න බැරි ත‍රන් විනෝද උනා... භයානක සෙල්ලන් වල යද්දි නන් ගොඩක් බය හිතුනා... හැබැයි ඒ උස නිසා වත් වේගය නිසා වත් නෙමෙයි.... පීනන්න දන්නෙ නැති නිසයි.... හැබැයි අවුවෙ පිච්චිලා පිච්චිලා කට්ට කලු වෙලා තමයි ආපහු ආවෙ... ආයෙ යන්න ආසයි වතුරලන්තයට....

මේ සතියම අමතක ක‍රන්න ඔන සතියක්...