Jun 3, 2009

නියපොතු

වෙලාව උදේ 7 යි 41... වැඩට යන්න ඇදුන් අදින ගමන් බ්ලොග් එක ලියන්න මට පිස්සුඩ මන්ද... අද නං මාරම නිදිමතයි... මොකද ඊයෙ රෑ බාප්පල 3 දෙනයි, බබාල 3 යි පුංචියි මමයි බප්පගෙ යලුවෙකුයි ගියා පොඩි උන්ව සෙල්ලන් කරවන්න පුන්චි සතුටු උයනකට... ආවෙ රෑ වෙලා... අර ප්ලේන් එක වගේ උඩ යන එකට යන්න පෝලිමේ ඉද්දි එක පාරට කොල්ලෙක් ඇවිල්ලා මං ඉස්සරහින් හිට ගත්තා මගෙ උරෙස්සෙන් අල්ලගෙන, බය වෙච්ච පාරට මං එයාව තල්ලු ක‍රලා දැම්මා එයාව විසික් වෙලා ගිහින් එතන තිබ්බ වැටේ වැදෙද්දිම මං එයාව අදුර ගත්තා.... මගෙ හොදම යාලුවෙක්... ඉස්කෝලෙ එක බංකුවෙ අපි හිටියෙ.... අනේ මං එයාව බේර ගන්න කියලා පැනල එයාගෙ බාහුවෙන් අල්ල ගත්තත් මගෙ නියපොතු වලට එයාගෙ මුලු අතම සීරැනා... අනේ පවු... ලේ එන්න ත‍රන් සීරිලා.... මට දුකේ බෑ... මං හිතුව මට බනී කියල, අනේ එත් මට බැන්නෙ නෑ... හිනාවෙලා අනේ අනේ උඹ මාව සීරැවා නේද කියල අහල යන්න ගියා... මට නං තාමත් දුකයි... ඒ සීරිච්චි වෙලෙ මං එයාට කිවා "දැන් උඹට සීරැන තැන දකින හැම වෙලාවෙම මාව මතක් වෙයි කියලා" ඉක්මනා හොද වෙන්න කියලා ප්රාර්ථනා ක‍රනවා... වෙලාව 7. 53... ප‍රක්කුත් උනා... මං යනවා ජේසු පිහිටයි...!