Mar 1, 2010

තුන්මංසල


අද කුමාර කරුණාරත්න ශූරීන්ගේ "තුන්මංසල" නවකතාව කියවීමට වරම් ලැබුනා... ඇත්තටම බොහොම සිත්ගන්නා සුලු ලෙස ඒ කතාව ලියවී තිබෙනවා... ජයන්ත, මාලතී සහ සුරංගගේ අනුවේදනීය කතාව ඕනෑම කෙනෙකුගේ නෙතට කඳුලක් එක්කරන්නට සමත්වන බව නොඅනුමානයි... මෙම කතාවෙන් උගත හැකි දෑ බොහෝයි... මුදල් මතම යැපෙන ලෝකයක... මුදලට වහල් නොවූ පවුලක අනුවේදනීය කතාව "තුන්මංසලින්" බොහොම අපූරුවට අකුරු කර තිබෙනවා... ඒ නමුත් මෙම පොතේ නම පිලිබඳව නං මගෙ පැහැදීම අඩුයි... සමහරවිට ඒ වචනයෙ තේරුම නොදන්න නිසා වෙන්න ඇති... මට හිතෙන හැටියට මේ පොතට ගැලපෙනම නම නම් "අපේ කාලයේ පටාචාරවක්"...