Oct 29, 2011

malaa sahena kalekata passe

me davas vala collage veda nisa tikak nidahasa adui... namuth lagadima ayeth liyanna patan gannava :) ethakan hemoma hodin inna... me pc eke sinhala fonts dala naha, mage desktop eken anith davase sinhalen liyannan :)

Nov 22, 2010

බෙතෝවෙන්ගෙන් ලියුමක්

අද 21 නොවෙම්බර් 2010
පහුගිය දවස් මගේ හිතේ තිබුනහම ඇති කියලා හිතුනා... ඒවා අමතක නොවෙයි...ඇත්තටම ආදරයට ආගම්, ජාති, කුලමළ, සුදු කලු භේදයක් නැතිබව හොඳ හැටිම වටහා ගත්තා...අද ඉරිදා... එලියෙ වහිනව හොඳටම... අද විතරක් නෙමේ... දැන් ටික දවසක ඉඳලා...සිකුරාදා නන් යාලුවො දෙන්නෙක් එක්ක ගිහින් ටිකක් විනෝද උනා...ඉතින් අද... කිසිම දෙයක් කරන්නම හිත නෑ...ඉතින් අන්තර්ජාලයෙ සැරිසරද්දි මට ලස්සන දෙයක් හම්බුනා...ඒ තමයි... ලෝක පූජිත සංගීතඥයෙක් වන ලුද්විග් වාන් බෙතෝවෙන් ලියූ ආදර ලිපියක්, මම ඒක කියවලා ආස හිතුන නිසා සිංහලට පරිවර්තනය කලා... මට පුලුවන් හැටියට තමයි...








සුබ දවසක් 7 ඇසල මස (ජූලී),


නිදි යහනෙහි සිටම මාගේ සිතුවිලි ඔබ වෙතමැයි, මාගේ සදාතනික ප්‍රේමය, විටෙක සතුටිනුත්, විටෙක දුකිනුත්, දෙවය අප බලාපොරොත්තු ඉටු කරන තුරා - මට ජීවත්වීමට හැකිවන්නේ ඔබහාම තදින් බැඳී මිසකමය. එසේ නැතිනම් නොයේ. ඔබගේ දෑතට පියාඹා විත් ඔබ ලඟම රැඳෙන්නත්, සම්පූර්නයෙන්ම ගෙදර වාගෙ දැනෙන්නටත්, ඔබ මාගේ ආත්මයම වෙලාගෙන, ආධාත්මික රාජධානියට ඇතුලුවනතෙක් ඈත ඉබාගාතයේ යෑමට මම තීරණය කලෙමි - අවාසනාවට එය එසේම සිදුවෙයි. ඔබ බලාපොරොත්තු අත්හරීවී, මා ඔබවෙත ඇති ලෙංගතුකම දැන දැනමත්. මතු කිසිම ගැහැනියක මා හදවත අත්පත් කර ගැනීමට නොහැකිවේ... කිසි දිනෙක... කිසි විටෙක... අහෝ දෙවියනි, මන්ද මා මෙතරම් සොඳුරු ආලයකින් ඈත්කරවන්නේ? මාගේ ජීවිතය දුක්බරය... ඔබගේ ආදරය මා මිනිසුන් අතර වාසනවන්තම සහ අවාසනාවන්තම පුත්ගලයෙකු බවට පත්කරනු ලැබුවා - මාගේ වයස අනුව සාමකාමී ජීවිතයක් ගතකල යුතුය, නමුත් අප මුහුණපා සිටින තත්වය අනුව එසේ කල හැකිද? මාගේ දේවදුතිකාවියේ, දිනපතා ලියුම් බෙදන බව දැනගන්නට ලැබුනි - හෙයින් මෙම ලිපිය ඉක්මනින්ම ඔබතට පත්වන්නට මා නවතින්නෙමි. සන්සුන්ව සිටින්න, පැහැදිලිව කරුණු මෙනෙහි කිරීමෙන් පමනක් අප ජීවිතයේ අරමුණ ඉටුකරගත හැක, එකට ජීවත්වීම - සන්සුන්ව සිටින්න, මට ප්‍රේම කරන්න... අද - හෙට- දරාගැනීමට නොහැකි මේ වියෝව... ඔබ නැති ශෝකය... ඔබ නැති... ඔබ නැති... මාගේ ජීවිතය - මාගේ සියලුම දේම... සදහටම වෙන්වෙමු - බැගෑපත්වෙමි සදාකල් මට ආදරය කරන්න - ඔබගේ ආදරවන්තයාගේ ලෙන්ගතු හදවත ප්‍රතික්ෂේප නොකරන්න...

L.

සදහටම ඔබ මගේ
සදහටම මා ඔබේ
සදහටම අපි අපේ

පරිවර්තනය මධූ වීරකෝන්.

Nov 17, 2010

මාස, සති, දින, පැය, මිනිත්තු, තත්පර



මුණිවත හොඳයි... දෙබසින් දුක වැඩිහින්දා.....

Jul 22, 2010

17/07/2010 - 18/07/2010


අද මමයි මල්ලී හවස සමන් බැප්පලෑ ගෙදර ගියා... මොදෙනා ඉඳලා කට්ටිය ඇවිත් හිටියා... ඉතින් අපි රෑ වෙනකන් බාබකියු දාලා 11.30 ට ගියා මල් වෙඩි බලන්න... එතන සෑහෙන්න සෙනග හිටියා.. ඉතින් මගෙ පෝං කට්ටෙන් ලාවට වගේ වීඩියෝ කලේ... ඊට පස්සෙ ගිහින් කාලා බීලා නිදා ගත්තා කට්ටිය සැමන් පැක් කලා වගේ... එදා රෑ මහා කුනාටුවක් ඇවිත් උදේනේ දන්නේ... උදේ ආරන්චි උනා පල්ලෙහා කට්ටිය ලී මෝල් දාලා කියල මුලු රෑමා.. හොඳ වෙලාවට අපිට ඇහුනෙ නෑ... ඉතින් ඔන්න ඊට පස්සෙ දවසෙ ඒ කියන්නෙ 18/07 මගේ උපන් දිනේනේ... ඔන්න ඉතින් මාසෙකට ඉස්සෙල්ලා අල්ලපු ඔට්ටුව පරදින්න බැරිනිසා මම හැදුවා කේක් එකක්... කට්ටිය පරිප්පුත් හදාගෙන හිටියේ ඒක කන්න, ඒත් මගෙ වෙලාවට රසට ආවා... ඉතින් එදා හවස ගෙදර ආවා...

19/07/2010

තාත්තගෙ යාලුවෙක්ගෙ ෆැමිලි එකක් මෙහෙ ඇවිල්ලා නිසා අපි කන්න එලියට ගියා...

20/07/2010

අද මතකතියා ගන්න... අද අපි marghera estate village එකට ගියා ලූ සහ ආලේ සමග...

Jun 19, 2010

රෝස මලක්







අද නං සාමාන්යයෙන් රස්නෙ දවසක්, මම ඊයෙ පුංචිලෑ ගෙදර නැවතිලා අද පොඩි නංගිත් එක්ක ගියේ... නංගාව ආම්බන් කරන එක නං සුලුපටු දෙයක් නෙමෙයි, කලොත් කරන්නෙ ජල්තර වැඩ තමයි, කොහොම හරි දවල් බාප්පා ඇවිත් එක්කන් ගියා... ටික ටික රෑ උනා... අඳුනන අංකල් කෙනෙක් රසම රස වෙඩ්න් කේක් වගයක් ගෙනෙත් දුන්නා... එයා පෙබරවාරි මාසෙ තමයි ඒක හදන්න පටන් අරගෙන තියෙන්නෙ, පදම් වෙන්න මාස ගානක් යනවලු, ඇත්තමයි එච්චර රස වෙඩින් කේක් කෑල්ලක් මම ජීවිතේට කාලා නෑ, පුදුම රසක්....

දවල් ඒ අංකල්ම කඩල වගයකුත් හදාගෙන ආවා... ඒකත් රසයි.... ඔහොම දවස ගෙවීගෙන ගෙවීගෙන යද්දි, ටික ටික රෑ උනා... වට පිටාව කූල් උනා... ඊට පස්සෙ ඉස්සරහ කඩේ ඉන්න පිරිමි ලමයෙක් මට රෝස මලක් ගෙනෙත් දුන්නා... ෂා... මට නං හරිම සතුටුයි.... විහිලුවට උනත් රෝස මල ඇත්ත එකක්නෙ...
අද ඉතින් මට කන්න ඕනත් නෑ බොන්න ඔනත් නෑ :)


Jun 16, 2010

මොකුත් නෑ

ඊයෙ එද්දි 1.30 පහු උනා, පොඩ්ඩක් ජාති 3 ක් මික්ස් උනා, spritz, moito, scivolo.... අද දවසෙම ඔලුවෙ කැක්කුමයි... දැන් තමයි ටිකක් අඩු උනේ... අමතක නොවෙන්නයි ලියුවේ.... අද 15/06/2010

May 5, 2010

21 සියවසෙ ගැහැනු ලමයි

මේ වීඩියෝ එක බලලම තේරුන් ගන්නකො.... ඩිරෙක්ට් ලින්ක් එක නන් නහැ... මේ අඩවියට ගිහින් වීඩියෝ එක බලලම කියන්නකො හිතන දේ...


http://www.tuttifatti.it/attualita/video-bambina-picchia-stupratore-e-lo-mette-in-fuga/

අද කාලේ කෙල්ලො

Apr 25, 2010

මැරතන් එකෙන් පසු හති දැමීම

ඇත්තටම ඊයෙ පුරා පැය 12 ක් තිස්සෙ මැරතන් දුවලා, චැට රූම් එකේ චැට් කරල ගොඩක් සතුටු උනා...
මට මෙහෙ වෙලාවෙන් සවස 4,30 ට තමයි මැරතන් එක පටන් ගත්තෙ... මම හිමින් පුලු පුලුවන් විදිහට පෝස්ට් 18 ක් පමනයි ලියුවෙ... මගේ ටෙම්ප්ලේට් එකේ තිබ්බ අවුලක් නිසා කට්ටියට වතුර ගහන්න ලැබුනෙ නෑ, මම තරහ නෑ, මොකද වරද මගෙ අතේනේ.... ඉවර උනේ පාන්දර 4.30 ට නිදිමත ගියාට පස්සෙ නින්ද ගියෙත් නෑ, ආපහු නිදාගෙන නැගිටිනකොට වෙලාව සවස 2.00 යි. හැබැයි ඊට පස්සෙ දැනුන ඔලුවෙ කැක්කුම ගැන් නම් කියන්න වචන නෑ, ගොඩක් සතුටු උනා, ලබන අවුරුද්දෙත් එකතු වෙමු මේ වගේම මැරතන් එකකින්...

මගේ මැරතන් දුවපු බ්ලොග් එක

Apr 12, 2010

ජීව්තේ අපේ

අපි ජීවත් වෙනවා... හැම දේම අනාගතේට බාර දිදි ජීවත් වෙනවා.... හරියට මේ ලෝකෙ මරණය කියල දෙයක් නෑ වගේ... හරියට අපිට හැමදාම ජීවත් වෙන්න පුලුවන් වගේ... හරියට අනාගතේ කියන්නෙ ෂුවර්ම දෙයක් වගේ... ඉපදිලා මැරෙන මේ පුංචි කාලෙදිත් අපි විසින්ම හදාගත්ත සංස්කෘතිය කියන කෝෂයේ වෙලිලා පැටලිලා අපිම දුක් විඳිනවා.... ජීවත් වෙන කාලේ ජීවත් නොවී ඇයි අපි අනාගතේ ජීවත් වෙන ජීවිතයක් ගැන හිත හිත සිහින මවමින් දුක් විඳින්නෙ? මට තේරෙන්නෙ නෑ... මට මේ දේවල් හිතෙනව ඇත්තෙ ඊයෙ උන දෙයක් නිසා වෙන්න ඇති... සමහර විට ගොඩක් කල් ඉඳලා හිත හිත හිටියත් ශක්තියක් තියෙන්නෙ නැතුව ඇති මේ දේ ගැන කතාකරන්න හිතන්න...
ඊයෙ මම අඳුනන අයියා කෙනෙක් මිය ගිහින්... ඇත්තටම කිවුවොත් මියගිහින් නෙමෙයි... පිහියකින් ඇනලා මරාදාලා.... ඒ අයියා මාත් එක්ක එයාගෙ විස්තර කිවුවා... එයාගෙ අතීතේ... වර්තමානෙ විතරක් නෙමේ... අනාගත බලාපොරොත්තුත් ගැන කිවුවා.... එයා මෙච්චර කල් ජීවත් උනේ හම්බ කලේ අනාගතේ ජීවත් වෙන ජීවිතයක් ගැන බලාගෙන... ඒ ගැන සිහින මවමින්... ඒත් ඊට කලින් මරනය ඔහු සොයා ආවා... ජීවිතේ ජීවත් වෙන්නත් කලින් මරනය ඔහු වෙත ආවා... ඇයි අපි අද ජීවත් නොවෙන්නෙ? හෙට ජීවත්වෙන ජීවිතයක් ගැන සිහින මවමින් ඇයි අපි අද ජීවත් නොවෙන්නේ?... මරනය ආවහම කියන්න පුලුවන්ද දැන්ම එන්න එපා තව පහු වෙලා එන්න... මම තවම ජීවත් වෙන්න පටන් ගත්තෙ නෑ කියලා? එහෙම බැහැ නේද? එහෙනන් ඇයි අපි අනාගතේ ගෙවන ජීවිතයක් ගැන සිහින මවමින් දැන් ජීවත් නොවෙන්නෙ? අනාගතේ... මට පෙන්නන්නම් බැරි වචනයක්... කවදාවත් නො එන අනාගතේ... මම වෙයිර කරනවා ඒ වචනෙටත්....

Apr 7, 2010

නිදිගත් මෙහෙයවන්නා Sleep Dealer


මේ දවස් වල මට බලන්න ලැබුනා ගොඩක් ලස්සන ෆිල්ම් වගයක්... මේ දැන් බලල ඉවර උන එක ගැන කියන්නං... හරිම ලස්සන කතාවක් මේක හැබැයි ඒක මනංකල්පිත කතාවක් (ෆැන්ටසි), මේ ෆිල්ම් එකේ නම නිදිගත් මෙහෙයවන්නා හෙවත් Sleep Dealer...
මෙන්න ලින්ක් එක, කැමති කෙනෙක් ඉන්නවා නං online streaming බැලුවහැකි megavideo එකෙන්

කතාව මෙහෙමයි:

මෙම් කියන තරුණයා තාක්ෂනය ට ගොඩක් ඇබ්බැහි උන කෙනෙක්, නමුත් ඔහු පදින්චි වෙලා ඉන්නෙ මෙක්සිකෝවෙ තිබෙන ඉතාමත් පිටිසර පෙදෙසක... මෙම් ඔහුගේ තාත්තා අම්මා හා අයියා සමග වගා කරමින් තමයි ජීවත් වෙන්නෙ... මෙම් ගෙ සිහිනය තමයි මේ ගමින් ඈතට ගිහින් (ඇමරිකාවට) රස්සාවක් කරන එක... මේ තරුණයා නිදහස් වෙලාවට කරන්නෙ ඔහු විසින්ම තනාගත්ත දුරකතනයක් වගේ යන්ත්‍රයකින් ලෝකෙ අනිත් රටවල මිනිසුන්ගේ දුරකතන ඇමතුම් වලට සවන් දීම... නමුත් එක දවසක් මොහුට අසන්නට ලැබෙන්නේ ඇමරිකාවේ ආරක්ශක අංශයකට සම්බන්ද ඇමතුමක්.... ආරක්ශක අංශය එවෙලෙහිම මොහුව සලකුනු කරගන්නවා... එසැනින් අවිගත් ජෙට් යානාවක් මොහුගේ නිවස කරා ඇදෙනවා.... එතැන් පටන් තමයි හරිම කතාව පටන් ගන්නෙ...

Mar 27, 2010

සිංහල අකුරු තනන්න

මේ දවස් ටිකේ මම වැඩ වර්ජනයක... ඇත්තම කිවුවොත් බලෙන් නිවාඩු ගත්තා... මහන්සී නිසා... ඔහොම ඉද්දි මට ශෝක් වෙබ් අඩවියක් හම්බ උනා... මම හිතන්නෙ ඔයාලටත් ප්‍රයෝජනවත් වේවි.

මේ වෙබ් සයිට් එකෙන් විවිධ අකුරු තැනුවහැකි.. සයිට් එකේ නම: http://fontstruct.fontshop.com

මුලින්ම මෙකේ sign up වෙලා ඊට පස්සෙ තමන් නිර්මානය කරන්න යන අකුරු පන්තියට නමක් දෙන්න ඊට පස්සෙ පල්ලෙහා screen shot එකේ පිලිවෙලට යන්න.

  1. fonstructor එකට යන්න
  2. භාෂාව වෙනස් කරන්න... (මෙහි සිංහල ඇත)
  3. all bricks වලින් රිසි හැඩය තෝරා ගන්න
  4. පැන්සල තෝරා ගන්න
  5. හිස් අවකාශයෙ අකුර නිර්මානය කරන්න
  6. අනෙක් අකුර නිර්මානය සඳහා යන්න.. (සියලුම අකුරු මේ ආකාරයෙන් නිර්මානය කර ගන්න)
  7. අවසානයේ දී save කරන්න
  8. font file එක control panel ගිහින් carracter folder එකට drag කරන්න...

Mar 19, 2010

සිහින වලට පාට දෙන්න

පාටකුත් නැතී....
සුවඳකුත් නැතී...
නින්දෙදී ඇදී...
මතකෙනුත් මැකී...
සිතට වද දෙතී....

ඈතටම යතී....

සැබෑවක් නැතී....

අල්ලනුත් බැරී....

ආයෙ එන්නැතී...
සිහිනයක් සකී...

මට කවි ලියන්න හරිම අමාරුයි ඒත් හීන වලට මම ආස නිසාම මේක ලිවෙ... අනික දැන් වෙලාව පාන්දර 1.00 යි... මම තාම රෑට කාලත් නෑ... වැඩට ගිහින් ආපු ගමන් ජැකට් එක වත් ගැලෙවුවෙ නෑ... දින පොත පාලුවට අරින්නත් බැරි නිසා බැරි බැරි ගාතේ ඕන් මම හිතෙන් අහුල ගත්ත වචන ටිකක් එක් තැන් කරලා නිසන්ඳෑසක් වගේ දෙයක් ගොණු කලා... මම දන්නවා මගේ සිංහල වියාකරන එහෙම හොඳ නෑ කියලා... ඒත් දන්න ව්දිහට ලියලා හිත හිස් කලා....

Mar 6, 2010

ඉතාලි එන්න කලින් සියපාරක් වත් හිතන්න





ගොඩක් දෙනෙක් හිතන් ඉන්නෙ යුරෝපය කියන්නෙ සිහින පාරාදීසයක් කියල. එහෙම හිතන් ලංකාවෙ තියෙන තමන්ගෙ සේසතම උකස් තියල විකුනල දාලා මෙහෙ දුවගෙන එන්නෙ ඒ දේවල් මාසෙන් දෙකෙන් හම්බකරලා ලංකාවට යවන්න... ඒත් මෙහේ තත්වෙ ගැන හැගෙන්නෙ මෙහේ ආවට පස්සෙ...

මීට අවුරුදු 12 කට 10 කට කලින් ඉතාලි ආවා
  • උත්සාහය
  • අවංකබව
  • කඩිසරකම
  • වගකීමක් ඇතිව වැඩ කිරීම
  • කාර්යයක්ෂමබව
  • නිසි වෙලාවට වැඩ කිරීම
  • ස්වාමියාට හිතවත් වීම
නම් පහසුවෙන් මුදල් උපයන්නට තිබුනා..
නමුත් අද පවතින තත්වය නම් මෙම රටේ ඉපද හැදී වැඩුන ඉතාලි ජාතිකයන්ටත් විරැකියාව විශාල ගැටලුවක් වී ඇති අන්දමයි ඉතිං අපේ රටේ සිට පැමිණි අය ගැන කවර කතාද....
මෙම විපර්යාසයට ප්‍රධානතම හේතුව වන්නේ රුමේනියාව යුරෝපා හවුලට සම්බන්ධ වීම.
රුමේනියාව කියන්නෙ යුරෝපයේම තියෙන අන්ත දුප්පත් රටක්.. පැය 10 ක 12 ක බස් ගමනකින් පසුව ඔවුන්ට ඉතාලියට ලඟාවිය හැකීයී. මොවුන්ගේ ගමන් ගාස්තු හෙම අඩු හෙයින්ම ඉතාමත් අඩු පඩියට රක්ෂා කිරීමට පටන් ගත්තා... අනික් දෙය නම් මෙම ජාතීන්ගේ භාෂාව ඉතාලි භාෂාවට බෙහෙවින් සමාන නිසා ඉතාමත් කෙටි කලකින් ඔවුන් භාෂාව ඉගෙනගෙන පාවිච්චියට යොදනවා... සපත්තුවක් හැඩයගත් රටේ මිනිසුන් නම් ඉංග්‍රීසී භාෂාවට නම් විශාල මැලිකමකුයි දක්වන්නෙ...
මේ දේවල් ලියන්න හිතුනෙ ලංකාවෙ ඉඳන් ඇවිත් මෙහේ දුක් විඳින ගොඩක දෙනෙක් මට පෙනෙන නිසයි.. ඉතිං අවසන් වශයෙන් කියන්න තියෙන්නෙ ඉතාලිය කියන්නෙ සුරපුරක් නෙමෙයි... ඒක නිසා මෙහේ එන්න කලින් දෙපාරක් තුන්පාරක් නෙමෙයි... සිය පාරක් වත් හිතන්න...

Mar 2, 2010

තුෂාර සහ වසන්ති

"ජීවිතෙන් අපි හිතන පතන හැම දෙයක්ම ලැබෙන්නෙ නැහැ ඩාලිං. වැඩිපුරම අපට සිද්ද වෙන්නෙ බලාපොරොත්තු කඩවීම් වලට මුහුන දෙන්න. ඒක හින්දා අපට බලාපොරොත්තු නැතුව ජීවත් වෙන්න පුලුවන්නම්! ඒත් බලාපොරොත්තුවක් නැත්නමි ජීවිතේකුත් නැහැ. ජීවිතේ කියන්නෙ බලාපොරොත්තුම තමයි. ඒකයි ජීවිතේ තියෙන ලොකුම අවාසනාවත්"


උපුටා ගැනීම කුමාර කරුණරත්න තුෂාර සහ වසන්ති නවකතාවෙන්

Mar 1, 2010

තුන්මංසල


අද කුමාර කරුණාරත්න ශූරීන්ගේ "තුන්මංසල" නවකතාව කියවීමට වරම් ලැබුනා... ඇත්තටම බොහොම සිත්ගන්නා සුලු ලෙස ඒ කතාව ලියවී තිබෙනවා... ජයන්ත, මාලතී සහ සුරංගගේ අනුවේදනීය කතාව ඕනෑම කෙනෙකුගේ නෙතට කඳුලක් එක්කරන්නට සමත්වන බව නොඅනුමානයි... මෙම කතාවෙන් උගත හැකි දෑ බොහෝයි... මුදල් මතම යැපෙන ලෝකයක... මුදලට වහල් නොවූ පවුලක අනුවේදනීය කතාව "තුන්මංසලින්" බොහොම අපූරුවට අකුරු කර තිබෙනවා... ඒ නමුත් මෙම පොතේ නම පිලිබඳව නං මගෙ පැහැදීම අඩුයි... සමහරවිට ඒ වචනයෙ තේරුම නොදන්න නිසා වෙන්න ඇති... මට හිතෙන හැටියට මේ පොතට ගැලපෙනම නම නම් "අපේ කාලයේ පටාචාරවක්"...

Feb 24, 2010

අද දවස

වෙලාව පාන්දර 2 යි... දැන් චුට්ටකට කලින් ගෙදර ආවේ... මෙහෙ ඉන්න අපෙ අම්මාගෙ යාලු ඇන්ටි කෙනෙක් හදීසියෙ නැති වෙලා... ඔලුවෙ නහරටක් පුපුරලා... වයස් 43... අවුරුදු 13 ක පොඩි දුවෙක් ඉන්නවා... ඒ ලමයා බය වෙලා වගේ පවු.... පොතක් දිගෑරගෙන එක දිහ ඔහේ බලන් ඉන්නවා....
ඉතින් එහේ ගිහින් තමා මේ ආවේ... අපේ ජීවිතේ කොච්චිර අනිතයයිද?... මිනිස්සු තරහ මරහා හිතේ තියන්... බලපොරොත්තූ හීන පොදි බැඳන් ජීවත් උනත්... මරණය අපිව ගෙනියන්න ආවහම.... ඒ හැම දේම අතෑරලා එයා සමග ඒ ගමන අනිවායයෙන්ම යන්න වෙනවා නේද?.... මේ ටික තේරුන් නොගත්ත මිනිස්සු ඉන්න ටික කාලෙත් සන්දු කරනව... අනේ මන්දා...

Feb 21, 2010

ඇස් දෙක මාගේ රැක ගන්න....

ලඟකදි ඉඳලා මගේ ඇස් දෙක පෙන්නෙ ටිකක් බොඳ වෙලා වගේ... ඒ විතරක් නෙමේයි... පෝස්ට් එකක් කියවද්දි ටික වෙලාවකින් ඔලුව රිදෙන්න ගන්නවා... මම කොම්පීතරේ ෆොන්ට්ස් අයිකන්ස් එහෙම සේරම ලොකු කලා... ඔලුව එහෙම රිදෙන්න ගන්නෙ සුදු පාට පසු බිමක් ඇති සහ අකුරු ඉතාමත් කුඩාවට ඇති බ්ලොග්ස් කියවීමට යද්දි... ඉතින් මම මගේ සහෝදර බ්ලොග් ලියන්නන්ගෙන් ඉල්ලා සිටිනව හැකි නම් මේ ගැන පියවරක් ගන්න කියල... මේක බලපෑමක් නම් නෙමේ... බොහොම කාරුනික ඉල්ලීමක් විතරයි...
බොහොම ස්තුතීයී...

Feb 16, 2010

ආයෙ නං කරන්නෙම නෑ....



මේ දවස් ටිකේ නං මාර මහන්සී... මම හිටු කියලා සිංහල බ්ලොග්ස් කියවන නිසාද කොහෙද මගෙ ටීක් බෝල දෙකේ පෙනීම දැන් ටිකක් අඩු වෙලා... මේ දවස් ටිකේ තාත්තා මට කාර් එක ගෙනියන්න දුන්නා... (අවුරුදු 3ක් වෙනවා බලපත්‍රය අරගෙන ඒත් මට වාහනේ දුන්නෙම නෑ පොඩි වැඩී කියලා) ඉතිං හෙන හැපි එකේ තමයි අරං ගියේ.... අම්මා නං මුල් දවස් ටිකේ බර බරේ දැම්මා.... දැන් නං ෂේප්...
හැබැයි පොඩි පොඩි මිස්ටේක් නං ටිකක් උනා.... ඒ කිව්වෙ දෙතුන් තැනකදිම මම ට්‍රැෆික් ලයිට් දැක්කෙම නෑ... (හොද වෙලාවට අම්මලාට ඒක තෙරුනේ නෑ... අනේ දෙවියනේ ගෙදරට නං දඩ කොල එන්න එපෝ...)
හොද වෙලාවට කොළ වැටිලා තිබිලා තියෙන්නෙ... ඒ වෙලාවේ ඒක ගැන හිතුවෙ නති උනාට මම ගෙදර ඇවිත් නිදියන්න ඇදට ගියහම එක පාරට ලොකු බයක් හිතට ආවා...බඩ පපුව පිච්චිලා ගියා... සෙල්ලමක් වගේ පෙනුනට ඒක ගොඩාක් භයානක දෙයක් කියලා තේරුනා... දෙයියනේ අම්මගෙ තාත්තගෙ ජීවිතේ වගේම පාරෙ යන අනිත් මිනිස්සුන්ගෙ ජීවිතෙත් මගෙ අත් දෙකේ....!!! අනිත් දවසෙ නං නිදිමතක් ආවොත් සත්තයි මං නවත්තනවා...!!!!!!!!!!

Feb 10, 2010

යාථාර්තය එපා



නිම නොවන
සිහිනයක

අතරමං වන්නට
පාරමී පුරන්නෙම්
මං




Feb 8, 2010

ඔලුව මැදින් නරක් වෙච්ච...

මට ටිකක් තරහා ගිහින් ඉන්නෙ... ඉතිං ඒක පිට කරන්න දිනපොතේ ලියන්න හිතුවා...
අපි ලංකාවෙන් ගොඩක් ඈත ජීවත් උනත් කන්නෙ බොන්නෙ ලංකාවෙ විදිහට.... ටිකක් ගනන් වැඩි උනත් අපේ රටවල වැවෙන එළවළු ජාති තමයි ගන්නෙ... ලංකාවෙම වැවෙන එළවළු කොළ ජාති මෙහෙ ඉදන් කන්න නං සල්ලි ගස් වලින් කඩන්න වෙනවා... ඔන්න ඕක තමයි මට තරහ ආව හේතුව... අපේ මෝඩ දේශපාලකයො නිසා අපි කන බොන මුදලුත් යන්නෙ බංග්ලාදේශය කියන රටට. පැහැදිලිවම කිවුවොත් කතාව මේකයි.

ලංකාවෙ සිට යුරෝපයට කිලෝග්‍රෑම් එකක් ගෙන්වන්න ඇමෙරිකන් ඩොලර් 2.40 ක් වැය වෙනවා... ඒ ලංකාවෙ ගනන්...
නමුත් බංග්ලාදේශයෙ සිට යුරෝපයට කිලෝග්‍රරැම් එකක් ගෙන්වන්න වැය වන්නේ ඇමරිකන් ඩොලර් 1.00 ක් පමණයි.....
සෑම කිලෝග්‍රෑමයකටම ඇ. ඩො 1.40 ක් වැඩිපුර දෙන්න වත්කමක් අපිට නැහැ... ඉතින් යුරෝපයේ ජීවත්වෙන අපි මිලදී ගන්නෙත් බංග්ලාදේශයෙන් ගෙන්වන එළවළු.

අනෙක් අවනඩුව නම් ලක්ෂ 4 1/2 ක් පමන ශ්‍රී ලාංකිකයින් වෙසෙන මේ යුරෝපයේ ලාංකීය තොගවෙලෙන්දන් නොමැති කම... මෙය ඉතාමත් ලැජ්ජාවට පත්වීමට කරැණක්.... බහුතරයක් චීන සහ බංග්ලාදේශ, ඉන්දීය තොග වෙලෙන්දන් ශ්‍රී ලාංකීය වියලි ආහාර ඔවුනට රිසි ඉතාමිල අධික මිලගනන් වලට සිල්ලර වෙලෙන්දන්ට විකුණන අතර අසරණ පාරිභෝගිකයන් එමනිසා ඉමහත් අපහසුතාවයකට පත්වේ....

අවසන් වශයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය කරන්නා වූ බෙදාගෙන නොව බදාගෙන කෑම් නිසා ලාංකීය අපගේ දුක් මහන්සියෙන් උපයන මුදල් අන්ය රටවල් වල දිව්නුව සදහා යෙදෙන අන්දම ඉතා කණගාටුදායකයි....

අදාල බලධාරීන් ගේ ඇස් කන් ඇරී මේ තත්වය යහපත් අතට හැරේවායි පතමින් අවසන් කරන්නම්...