ගොඩක් කාලෙකට පස්සෙ මම දිනපොතට ආවා....
අමතක වෙලා නම් නෙමේ... දෑන් මං උදේ 9 සිට රෑ 10.00 වනතුරු රෑකියාවක නිරත වන නිසා...
එතෑනත් පොඩි පරිගනක කට්ටක් තිබෙනව උනත් එය පාවිච්චියට යාමේදී මගේ ඉවසීම නැමැති ගුනය බොහෝවිට උවමනා කරන බැවින් බොහෝවිට එය පාවිච්චි නොකරමි...
මේ දවස් වල හරීම සීතලයි... ඊයෙ හිමත් වෑටුනා... මේ සැරේ නං කිහිප වතාවක්ම වැටුනා...
හරීම පාලුයි....
අමතක උනානෙ දෙයක් ලියන්න...
අද මම ලස්සනම ලස්සන ෆිල්ම් එකක් බැලුවා...
ඒකෙ නම "When Harry Met Sally" හරිම ලස්සනයි...
කියලා වැඩක් නැහැ.... චුට්ටක් ඇඩුවත් එක්ක...
යකඩෝ.... වෙලාව 12 යි මහ රෑ....
මම යනවා නිදියන්නට....
හැමෝටම සුබ රාත්රියක්.... <3
Jan 31, 2010
Sep 8, 2009
සෙනසුරාදා
6 වැනි සෙනසුරාදා සැප්තැම්බර්, හොදට මතක තියා ගන්න... බ්ලොග්බාස්ටර් එක ලග... දුකයි ඒත් කරන්න දෙයක් නෑ... දිනේ මතක තියාගන්න ඕන නිසයි මෙතන ලියුවෙ...
Sep 7, 2009
duka davasak
ඊයෙ වැඩ කරන තැන ගාව දවල් 2 යි 50 ට විතර බයික් එකක් කාර් එකක හැප්පිලා එක කොල්ලෙක් එතනම මැරිලා... අනිත් කොල්ලා ගෙ අතකුයි කකුලකුයි කැඩිලා... ඊයෙ ඉරිදා නිසා මම වැඩට ගියේ නෑ... ලස්සනම ලස්සන කොල්ලො දෙන්නෙක්ලු... අවුරැදු 24 යි වයස.... අද ටිවී එකෙන් ඇවිල්ලා වීඩියො කරගෙන ගියා... එතැන ඒ ගොල්ලො වැටිලා හිටිය විදිහ හුනු වලින් ඇදලා තිබ්බා.... මට හරිම දුකයි....
http://www.gazzettino.it/articolo.php?id=72279&sez=NORDEST
http://www.gazzettino.it/articolo.php?id=72279&sez=NORDEST
Aug 10, 2009
අතීතය
සෙනසුරාදා අතීතය වීදුරැ දොරෙන් එහා පැත්තෙ ඉදලා මං දිහා බලං හිටියා... ඒත් ඒ අතීතය අදුනගන්න මට ටිකක් වෙලා ගියා... දැන් මැන්ටල් වීගෙන එන නිසා වෙන්න ඇති... අතීතය සමහරවිට ලස්සන ඇති වර්තමානයට වඩා... ඒත් අනාගතය?... යකාට ගියාවෙ.... නොපෙනෙන අනාගතයක සිහින මල් දකිනවට වඩා හොදට අදුනන අතීතයෙ ජීවත් වෙන එක හොදයි කියලත් හිතෙනවා... පිස්සු නැත්නන් ෂෝයි නේ....!
Jul 13, 2009
සිහින රදවගන්නා....
පෙරෙදා මල්ලි ආවා මං එක්ක බාප්පලාගෙ ගෙදර... එයා නං තාම ගියෙ නෑ... ඊයෙ රෑ බාප්පා ආව පුංචි ලොරෙන්සෝ එක්ක... අපි ඉතින් රෑට නූඩ්ලස් පාරක් දාලා රෑ වෙලා ඇවිදින්න ගියා... ගේ ලගම ලොකු සල්පිලක් තියෙනවා මෙ දවස් වල... ඒකෙ ගිහින් වෙෙයිවාරන බඩු අතර ඇවිදිද්දි මගෙ අවධානය ගිහින් නතර උනා බොහොම අපූරැ බඩුවක් ලග... ඉන්ග්රීසියෙන් නම් "dream cacher" සිංහලෙන් නම් "සිහින රදවන්නා"... ඒක අරන් ඇවිත් නිදියගන්න තැනට හරියටම ඉහලින් එල්ලා ගත්තා... ලස්සන හීනයක් පෙනෙන්න කිය කිය හිතට බල කලත් අන්තිමට උනේ මුලු රෑම නිදිනැතිව ගතකරන්නයී... ඒක නිසා අද මුලුදවසෙම හිටියෙ බොහොම අමාරැවෙන්.... අනේ අද රෑටවත් ලස්සන හීනයක් පෙනියන්....
Jul 12, 2009
පුංචි ට්රිප් එකක්
ගොඩ කාලෙකින් මගෙ දින පොත ලියන්න බැරි උනා... සති 3 කට විතර කලින් අපි මොදෙනා කියන නගරයට ගියා... සන් වීතා් කියන ගමට තමයි ගියෙ... ටිකක් පිටිසර.... විසාල තිරිගු යායක් මැද්දෙ තමයි අපි නැවතුන ගෙදර තිබුනෙ...
දවස් 3 ක් එහෙ හිටියා... එහේ හිටිය අයියලා මාමලා අපිට හොදට සැලකුවා.... ගොඩ කාලෙකට පස්සෙ මට ක්රිකට් ගහන්නත් ලැබුනා... එදා මොදෙනා නගරයෙ ලොකු සල්පිලක් තිබුනා අපි ඒකටත් ගියා... ලංකාවෙ අවන්හලක් එහෙමත් තිබුනා අපිට ඉතින් ටිකක් ආඩම්බරත් හිතුනා... එදා අපි කොත්තු හැදුවා... මමත් කුස්සියට ගිහින් හරි හරියට උදවු කලා... ගොඩක් සතුටු උනා... එලියෙ බාබකිවු දාලා ලොකු පාටියක් දැම්මා... ඒ පාටිය නන් ඉවර උනෙ උදේ 8 ට... මුලු රැයක්ම සින්දු කිවුවා අපේ කට්ටිය.. ඊට පහුවෙනිදා අපි ගගේ නාන්න ගියා... ඒකත් හරිම සුන්දර අත්දැකීමක් උනා...
ගිය සතියෙ අපි "Acqualandia" හෙවත් වතුරලන්තයට ගියා... කියාගන්න බැරි තරන් විනෝද උනා... භයානක සෙල්ලන් වල යද්දි නන් ගොඩක් බය හිතුනා... හැබැයි ඒ උස නිසා වත් වේගය නිසා වත් නෙමෙයි.... පීනන්න දන්නෙ නැති නිසයි.... හැබැයි අවුවෙ පිච්චිලා පිච්චිලා කට්ට කලු වෙලා තමයි ආපහු ආවෙ... ආයෙ යන්න ආසයි වතුරලන්තයට....
මේ සතියම අමතක කරන්න ඔන සතියක්...

Jun 15, 2009
මට පිස්සුද නැත්නන්.....
අදත් ඉතින් උදේම නැගිටලා දිවුවා වැඩට... උදේ ඉදලම ගිනි රස්නෙට අවුවක් පෑවිවා ඉන්නම බෑ... ඔලුවත් කැක්කුමයි... වැඩකරන තැනට සුද්දියෙක් ආවා තරමක් වයසක... අවුරැදු 55 ක් විතර ඇති... මගෙන් අහනව "ඔයා ලංකාවෙද?" කියලා... මට මොකුත් හිතා ගන්න බෑ... මං එක පාරට කියවුනා "මොකක්" කියලා, මට හිතුනෙ නං ඒ වෙලේ රස්නෙ ඉහට ගහලා මගේ මොලේ හොද නැති වෙලා කියලා... ඒ ගෑනු කෙනා අයෙත් මගෙන් ඇහුවා "ඔයා ලංකාවෙද?" කියලා මම "ඔව්" කිවුවා , මේ මනුස්සයා මට කියපි "ඉතිං මමත් ලංකාවෙ තමයි" කියලා... මට හීන් දාඩිය දැම්මා... ඊට පස්සෙ දිගට හරහට එයාගෙ විස්තර කියවගෙන කියවගෙන ගියා සිංහලෙන්... මට ඉතින් මාර සතුටුයි... එයා කිවුව විදිහට එයා ඇම්රිකන් ජාතික කාන්තාවක්... ලංකාවෙ නුව්ර මනුස්සයෙක්ව බැදලා තියෙන්නෙ... එයාලට නිමි ඇදුම් ගාමන්ට් එකක් තියෙනවා නුවර... එයා ඇවිල්ලා තියෙන්නෙ රෙදි ජාති හොයන්න... හෙට ලංකාවට ආයෙම යනව කිවුවා... ඇත්තටම මට ගොඩක් ආඩම්බර හිතුනා සතුටු හිතුනා ඒ වගේම ලැජ්ජත් හිතුනා ... ලංකාවෙ හැදෙන අපේ සමහර සිංහල දරැවන්ට ගෙදෙට්ට ගුරැවරැ ගෙනෙත් සිංහල උගන්නන එක විලාසිතාවක් වෙලා තියෙන කාලේ "සුද්දියෙක් වතුර වගේ සිංහල කතා කරන එක ගැන....
Jun 14, 2009
එන්න හිතයි පියඹා ලංකාවට
තවත් ඉරිදාවක්... අද නං 10 වෙනකන් නිදාගත්තා... නිදියන්න පුලුවන් එකම දවසනෙ.. පස්සෙ කාලා බීලා ස්කයිප් එකට ලොග් උනා... අද සුදු නැන්දලෑ ගෙදර පාටියක්... ඉතින් හැමෝම එහෙ ඇවිල්ලා... අපි කැමරා ඔන් කරගෙන කතා කලා... සිංදු කිවුවා... හරිම සතුටුයි... පුංචි පැදුරැ පාටිය නිසා අපි හැමෝම ගොඩක් සතුටු උනා... අන්තර්ජාලයට පිං සිද්ද වේවා...! එත් දුක වැඩි උනාද මන්දා... අනේ අපි හැමෝටම එකටම ඉන්න ඇත්නම්...!!!!!
එන්න හිතයි පියඹා ලංකාවට.....
එන්න හිතයි පියඹා ලංකාවට.....
Jun 7, 2009
පොසොන් දන්සල...
අද නං නිවාඩු, අද වැඩ කරන තැන ශ්රී ටීවී එකට දාන්න වෙළද දැන්වීමක් රෑපගත කරනවා... එත් මට නං ආරාධනා ලෑබුනෙ නෑ... ඉතිං ඊයෙ හවස මගෙ යාලුවො 3 දෙනෙක්ම ආවා මාව බලන්න... අද ත්රෙවීසෝ නගරෙ පොසොන් මහා බත් දන්සැල.. අපි ඉතින් යන්න කතා කරගත්තා.... අද උදේ නැගිටලා ඇදගෙන බස් හෝල්ට් එකට ගියා... අනේ අද ඉරිදා නිසා බස් නෑ... මං යාලුවන්ට කතා කරහම එයාලා ආවා මාව ගන්න... හරිම ජොලි... යාලුවො දෙන්නගෙ තාත්තා තමයි අපිව එක්කන් ගියේ... අපි ඉතිං කිචි බිචි ගගා හරිම ජොලියෙ ගියා... මට ඉතිං හැමදාම මොකක් හරි නැස්පැත්තියක් වෙනවනෙ... කලබලේට මම බ්ලවුස් එක ඇදලා තියෙන්නෙ පිටිපස්ස ඉස්ස්රහට.... අනේ ඉතිං වාහනේ ඇතුලෙම බොහොම අමාරැවෙන් මාරැ කරගත්තා... ඉතිං කොහොම හරි දන්සැලට ගිහින් බත් කෑවා... ලස්සන මිහින්තලාවකුයි ලොකු පොසොන් කූඩුවකුයිත් හදලා තිබුනා... දන්සල තිබුනෙ පල්ලියෙ... පල්ලියෙ පියතුමායි පන්සලේ හාමුදුරැවොයි දෙන්නම එකතුවෙලා ලස්සනට ඒ වැඩේ කලා.. මං එක්ක ගිය මගෙ යාලුවො දෙන්න කතොලික උනත් ඒ දෙන්නත් බණ ඇහුවා පිරිත් නූලුත් ගැටගහගත්තා... බණ අහලා දන්සල් වැදලා ඊට පස්සෙ මගෙ යාලුවො දෙන්නගෙ තාත්තගෙ යාලුවෙක්ගෙ ගෙදරත් ගියා... ඒ පැත්ත හරියට ලංකාව වගේ... හරි ලස්සනයි... පස්සෙ අපි ගෙදර ආවා... ටිකක් වෙලා ඉදලා එයාලා ගියා... දැන් නං මම යනවා නාන්න.... දන්සල දුන්න හැමෝටම ගොඩක් පිං...!
අමතක උනානෙ... ඊයෙ පුංචි ලොරෙන්සෝගෙ 3 වෙනි උපන්දිනෙ... අපි එලියට ගියා කන්න... පස්සෙ සතුටු උයනට ගිහින් පොඩි අයට සෙල්ලන් කෙරෙවුවා... එත් කේක් එක නං කපන්න බැරි උනා... රෑ වෙලා ගෙදර ආවා
අමතක උනානෙ... ඊයෙ පුංචි ලොරෙන්සෝගෙ 3 වෙනි උපන්දිනෙ... අපි එලියට ගියා කන්න... පස්සෙ සතුටු උයනට ගිහින් පොඩි අයට සෙල්ලන් කෙරෙවුවා... එත් කේක් එක නං කපන්න බැරි උනා... රෑ වෙලා ගෙදර ආවා
Jun 3, 2009
නියපොතු
වෙලාව උදේ 7 යි 41... වැඩට යන්න ඇදුන් අදින ගමන් බ්ලොග් එක ලියන්න මට පිස්සුඩ මන්ද... අද නං මාරම නිදිමතයි... මොකද ඊයෙ රෑ බාප්පල 3 දෙනයි, බබාල 3 යි පුංචියි මමයි බප්පගෙ යලුවෙකුයි ගියා පොඩි උන්ව සෙල්ලන් කරවන්න පුන්චි සතුටු උයනකට... ආවෙ රෑ වෙලා... අර ප්ලේන් එක වගේ උඩ යන එකට යන්න පෝලිමේ ඉද්දි එක පාරට කොල්ලෙක් ඇවිල්ලා මං ඉස්සරහින් හිට ගත්තා මගෙ උරෙස්සෙන් අල්ලගෙන, බය වෙච්ච පාරට මං එයාව තල්ලු කරලා දැම්මා එයාව විසික් වෙලා ගිහින් එතන තිබ්බ වැටේ වැදෙද්දිම මං එයාව අදුර ගත්තා.... මගෙ හොදම යාලුවෙක්... ඉස්කෝලෙ එක බංකුවෙ අපි හිටියෙ.... අනේ මං එයාව බේර ගන්න කියලා පැනල එයාගෙ බාහුවෙන් අල්ල ගත්තත් මගෙ නියපොතු වලට එයාගෙ මුලු අතම සීරැනා... අනේ පවු... ලේ එන්න තරන් සීරිලා.... මට දුකේ බෑ... මං හිතුව මට බනී කියල, අනේ එත් මට බැන්නෙ නෑ... හිනාවෙලා අනේ අනේ උඹ මාව සීරැවා නේද කියල අහල යන්න ගියා... මට නං තාමත් දුකයි... ඒ සීරිච්චි වෙලෙ මං එයාට කිවා "දැන් උඹට සීරැන තැන දකින හැම වෙලාවෙම මාව මතක් වෙයි කියලා" ඉක්මනා හොද වෙන්න කියලා ප්රාර්ථනා කරනවා... වෙලාව 7. 53... පරක්කුත් උනා... මං යනවා ජේසු පිහිටයි...!
May 26, 2009
පහුගිය දවස්
පහුගිය ටිකේම හරිම බිසී... ඉතිං ලියන්න වෙලාවක් තිබුනෙ නෑ... සති අන්තයෙ ගෙදර යන්න හිතන් හිටියත් අන්තිමට ගියෙ නෑ... ගිය ඉරිදාවක රෑ චයිනීස් කාලා සන් ජුලියානෝ පාක් එකට ගිහින් ඇවිද්දා... ඒ පාක් එක හරිම ලස්සනයි... කලපුව අයිනෙ නිසා මුහුදු හුලන් ගොඩයි... මේ සතියෙ ගෙදර කාලා පාක් එකට ගිහින් ඇවිද්දා... දීපා බාප්පයි පුංචි ලොරෙන්සෝයි, ආසියා නංගීයී අශේන් මල්ලී බාප්පයි පුංචියී මායි... පොඩි උන්ටික බයිසිකල් අරන් ගියනිසා උන් ඒවා පැද්දා... ඉරිදා එක්කෙනෙක් අස් උන නිසා දැන් වැඩ වැඩීයී... ඊයෙ අදුරන අයියා කෙනෙක් ඇවිල්ලා මට පොත් දෙකක් දුන්නා... මම ඊයෙම එකක් කියවලා ඉවර කලා... එඩ්වඩ් මල්ලවාරච්චි ගෙ "පතා ආ සැටි" හරිම ලස්සනයි... මම පාන්දර 1 වෙනකන් නිදිමරාගෙන කියෙවුවා එත් උදේ නැගිටිද්දි නං මාර අමාරැයි... මේ දවස්වල පුදුම රස්නයක්.... ඉවසන්න බෑ... අද වැඩ ඇරිලා ආ ගමන්ම බාත්රෑම් එකට පැනලා ඇග හෝද ගත්තා... නිවන් ගියා වගේ... හෙට අනිත් පොත කියවන්න ඔන... පොඩිඋන් දෙන්නට මම සිංදුවක් දාලා දුන්නා... උන් දෙන්නා මෙතන ඇද උඩ උඩපැන පැන නටනවා... දැන්නන් මට මහන්සියී... ගිහින් පොඩ්ඩක් නිදාගන්න ඕනෙ... පුංචීයී බාප්පයි සුපර්මාකට් එකට ගියා තාම නෑ... මං නිදාගත්තොත් පොඩිඋන් දෙන්නා මොනා කරගනීද දන්නෙ නෑ... එයාලා ආවහමම නිදියනවා... ඊයෙ අවුරැදු උත්සවේ විඩියෝ එක බැලුවා... හිනාකාලා පන ගියා...
May 15, 2009
අද ගෙදර...
ගොඩ දවසකට පස්සෙ දිනපොත ලියන්නෙ... මම පදින්චිය වෙනස් කල එකයි ඒකට හේතුව... දැන් මම ඉන්නෙ අපේ බාප්පලාගෙ ගෙදර නවතිලා... පහුගිය දවස් ටිකෙම වැඩට ගියා.. අද මෙහේ බස්, කෝච්චි, ඉස්කෝල ගුරැවරැ වැඩ වර්ජනයක්... ඉතින් මම ගෙදර නැවතුනා නංගිව බලා ගන්න ඕන නිසා... එයාට කාටුන් එකක් දාලා දුන්න බලන්න... මල්ලි නං ඉස්කෝලෙ ගියා...
පහුගිය දවස් ටිකේම හොදට අවුව පායලා තිබුනා... ඒත් අද නං අහස කලු කරලා, වහින්න වගේ... හරිම පාලුයි... හරිම කම්මැලී... පහුගිය දවස් ටිකේම ගොඩක් දේවල් සිද්ද උනා.... ඒවා ලියන්න හිතාගෙන හිටියත් මට නං දැන් ඒවා මතකත් නෑ... ඉරිදට මම "අබා" බලන්න යන්න හිතන් ඉන්නෙ... සාහිත්ය උලෙලට යවන්න මම ලියපු සින්දුවක් ලැහැස්ති කලත් ඒක 15 වෙනිදා ඉව්රයි... ඉතින් අද 15 නිසා මට සින්දුව සහිත ඉල්ලුම්පත්රය දාන්න බැරිවෙයි වගේ...මෙහේ නංගී මල්ලී එක්ක ඉන්නකොට නං වැඩිය පාලුව දැනෙන්නෙ නෑ... ඒත් පොඩි ලමයිව හදන එක කොයි තරන් අමාරැද කියලා මට දැන් හොදට තේරෙනවා... අපේ අම්මත් කොච්චිර දුක්විදින්න ඇද්ද අපිව මේ තත්වෙට ගේන්න...

මගේ අම්මට මම ගොඩාක් ආදරෙයි....!
Apr 27, 2009
කිරි කෑවා නෙමේ කිරි නෑවා... :( (අපේ අවුරැදු උත්සවේ)
දවස් දෙක තුනකට පස්සෙ අද තමයි නිවාඩුව බ්ලොග් එක ලියන්න ලැබුනෙ... පෙරේදා මම ගියා අපේ බාප්පලාගෙ ගෙද්ර... එහේ එදා රෑ ඉදලා ඒගොල්ලො එක්කම ගියා අවුරැදු උත්සවේට... නංගීයී මල්ලී බුලත් දී පිළිගැනීමට හිටිය නිසා උදෙන්ම යන්න උනා... අවුරැදු උත්සවේ නං ජොලි... ඔක්කොම යාලුවො ඇවිල්ලා හිටියා... අලුත් යාලුවො ටිකකුත් හම්බවුනා...මම දෙහිගෙඩිය හැන්දෙ තියන් යන්නයි, ඉදිකට්ටට නූල දාන්නයි, සංගීත පුටු තරගෙටයි, අන්දයා කිරි කැවීමටයි සහභාගීවුනා... අනේ මම හිටියෙ කිරි කන්න... අපි 3 වෙනියට විතර ආවේ එත් අපිව දැක්කෙ නෑ... අපිව බලන්න හිටිය විනිශ්යකාරය වෙන දිහාවක් බලන් හිටියෙ... ඔක්කොමත් හරි කියමුකො මට නං
පැන්නෙ කිරි හැලුනු ග්රෙම්බියුල් එක ගලවපු විදිහට... අපිට ඒක ඇන්දෙවිවෙ කිරි ඇගේ හැලෙන්නෙ නැති වෙන්නනෙ... මේ මනුස්සයා ඒක ගැලෙවුවෙ කනපිටට... මගෙ මුලු මූණෙයි කොන්ඩෙයි කිරි ගෑවුනා....
අන්තිමට සංගීතෙකුත් තිබ්බා... අපි ඉතිං නැටුවා කකුල් රිදෙනකන්ම... රෑ 12 ත් පහුඋනා ඒක ඉවරවෙද්දි. බෝට්ටු තියෙන්නෙ පැයෙන් පැයට අනිත් එක හොදටම වහිනවා සීතලේ ගැහි ගැහි හිටියා ඉතිං, ගෙදර එද්දි පාන්දර 2 ත් පහුවෙලා, ආව ගමන් බත් කාලා නිදාගත්තා... අද දවල් මම නැගිටිද්දි 12 යි වෙලාව... ඊට පස්සෙ කඩේට ගිහින් අයේ ගෙද්ර ආව... මට දැන් උන වගේ වැස්සට තෙමුනනෙ ඊයෙයි අදයි... දැන් මම නිදියන්න යනවා... (අද දවල්ට මම ලොකු කෙබබ් එකක් කෑවා :) )
පැන්නෙ කිරි හැලුනු ග්රෙම්බියුල් එක ගලවපු විදිහට... අපිට ඒක ඇන්දෙවිවෙ කිරි ඇගේ හැලෙන්නෙ නැති වෙන්නනෙ... මේ මනුස්සයා ඒක ගැලෙවුවෙ කනපිටට... මගෙ මුලු මූණෙයි කොන්ඩෙයි කිරි ගෑවුනා....
අන්තිමට සංගීතෙකුත් තිබ්බා... අපි ඉතිං නැටුවා කකුල් රිදෙනකන්ම... රෑ 12 ත් පහුඋනා ඒක ඉවරවෙද්දි. බෝට්ටු තියෙන්නෙ පැයෙන් පැයට අනිත් එක හොදටම වහිනවා සීතලේ ගැහි ගැහි හිටියා ඉතිං, ගෙදර එද්දි පාන්දර 2 ත් පහුවෙලා, ආව ගමන් බත් කාලා නිදාගත්තා... අද දවල් මම නැගිටිද්දි 12 යි වෙලාව... ඊට පස්සෙ කඩේට ගිහින් අයේ ගෙද්ර ආව... මට දැන් උන වගේ වැස්සට තෙමුනනෙ ඊයෙයි අදයි... දැන් මම නිදියන්න යනවා... (අද දවල්ට මම ලොකු කෙබබ් එකක් කෑවා :) )අන්දයා කිරි කැවීමේ පින්තූර කිහිපයක්
Apr 24, 2009
කොත්තු සහ මගෙ බඩ
අදත් මම වැඩට ගියා.... අද නං තනියම තමයි වැඩ කලේ... කම්මැලිකමේ බෑ... ඒ මදිවට අද පුදුම සීතලයි... පෙරේදා සමර් ඇදුමක් ඇදලා ගියත් අද ජැකට් ඇදලා යන්න උනේ...
. අනිද්දට අපේ සිංහල අලුත් අවුරැදු උත්සවේ... ඉතිං හැමෝම ලක ලැහැස්ති වෙනවා... අද මේනක අංකල් ආවා කඩේට, මට අවුරැදු කුමාරි තරගෙට ඉන්න කියල පොරේ... මම බැහැම කිවුවා... නිකන් බොරැවට චාටර් වෙන්න ඕනෙ නහැනේ... ටානියා නංගිත් ඊයේ කෝල් කරල පැය ගානක් නාහෙන් ඇඩුවා මට අවුරැදු කුමාරි තරගෙට එන්න කියලා... එයාගෙන් බේරැනේ "අන්දයාට කිරි කැවීමෙ තරගයට" එන්නම් කියලා පොරොන්දු වෙලා... මට වෙන්නේ කිරි නාන්න තමයි...
හවස් වෙද්දි නං මට වාසි වැඩක් උනා... පාලුවෙ ඉද්දි මම අන්ද්රේගෙ කතාවක් ලිවුවා "අන්ද්රේ කිරි කෑ හටි" එකත් ඩිලාන් අයියා විසින් බලු වලිගෙට බාර දුන්න වැඩක්... (සාමන්යයෙන් එයාට භාර වෙන වැඩ කෙරෙන්නෙ මගෙ අතින්) තාත්තගෙ යාලුවෙක් ඇවිල්ලා මගෙන් ඇහුවා බඩුවක් දෙන්නම් කනවද කියලා.. ඒ වෙලේ මගේ බඩ ෆුල්... මම කිවුවා අංකල් බඩ නං ෆුල් එත් මොනාද කෑම කියලා... "මස් කොත්තුයි බිත්ත්ර කොත්තුයි" මම අන්දරේගෙ කතාව ලියුව කොලේ අංකල්ට කියවන්න දීලා බඩ පැලෙනලකං කොත්තු කෑවා... රස වැඩි වෙන්න කොත්තු ජාති දෙක මිස්ර කරලා කෑවේ... මගෙ බඩ නං දැං අච්චිආරැවක් වෙලා... අනේ දෙයියනෙ බඩේ අමාරැවක් නං හැදෙන්න එපා... අනිද්දට හොදට කන්න හම්බෙන දවසක්...!
.

Apr 22, 2009
බස් එක ඇතුලෙ හරකෙක්
ඔන්න මම දැන් චුට්ටකට ඉස්සෙල්ලයි වැඩ ඇරිලා ආවේ. රෑ 8.30 බස් එක අරගෙන හරිම මහන්සී... අද හයි හීල්ස් දෙකක් දාගෙන ගියා ආසාවටත් එක්ක... බස් එකෙන් බහැලා පයින් එක ටිකේදි නං එපාම උනා.. ඒ මදිවට ගෙදර ආවහම අම්මා කෝල් කරලා කියනව උයන්නලු... වැඩ කරන තැන නන් ඒ හැටි වැඩක් නැහැ... එතන නිබ්බ පත්තර සගරා සේරම මම කියවල ඉව්ර කලා.. ඒ හැම කතාවක්ම හරිම ලස්සනයි... එත් පුදුම විදිහට බොලදයි... මම ඉතින් හීන මව මව ඒවා කියෙවුවා... එතන පාරේ අයිනෙම නිසා.. මම වීදුරැව ලග ඉන්න නිසාත් මට හිතෙන්නෙ මම අර ෂෝ රෑම්ස් වල දාලා ඉන්න ඩැමියක් වගේ... පාරේ සිද්දවෙන හැම දේම මම බලන් ඉන්නෙ.. ඉතින් එහෙම ඉන්නකොට පොඩි පොඩි දේවල් දකිද්දී ඒක ගැන හිතද්දි හිමින් හිමින් හිත හිතිවිල්ලක් දිගේ ඈතටම යනව... අතීතයෙ සිද්ද වෙච්ච එක එක රසවත් දුක්බර මතකයන් අතරට යනවා... අන්න එහෙම ගිය එකක් තමයි මේ.. ඒක මතක් වෙලා මට තනියම හිනා ගියා ඉතින්...
පහු ගිය අවුරැදු වල හැමෝටම වගේ මටත් ටිකක් ජංගම දුරකතන පිස්සුව තිබුනා... හැබැයි මට ඒ වෙද්දි තිබ්බෙ හද්ද පරණ නොකියා 8310... ( මරැ ෆෝන් එක.. මම 2003 - අද දක්වාම එලකිරි වගේ වැඩ ) අපේ අම්මට තියෙන්නෙ වී ත්රී ඉක්ස් මොටෝරෝලා ඒකේ ඉතිං වැඩ කිඩ ටිකක් එහෙම දැම්මහැකි... මම අම්මට විහිලුවක් කරන්න හිතාගෙන ෆෝන් එක අරගත්තා. ඔන්න එදා අම්මා රෑ වැඩ ඉවර වෙලා බස් එකේ එද්දී එක පාරටම අමුතු සතෙක් කෑ ගහන්න පටන් අරන් "උම්බෑ... උම්බෑ.... ආන්ස මී..." කියලා... බස් එකේ මිනිස්සු කලබල වෙලා වටපිට බලනවලු මොකාද මේ කෑ ගහන අමුතු සතා කියලා... අම්මත් බයවෙලා හොදටම... බලද්දි අම්මගෙ ෆෝන් එක.... බස් එකේ සේරම මිනිස්සුන්ට හිනාලු...
(මම කලේ අම්මගෙ ෆෝන් එක අරගෙන එකේ හරකෙක් කෑ ගහන විඩිහට රෙකෝඩ් කලා.. ඒක සේව් කරලා අම්මාගේ රින්ග් ටෝන් එක හැටියට සෙට් කලා... හි හි හී... මේ වැඩේම මම මල්ලිටත් කලා... වෙලාවට එයා ඉස්කෝලෙ ඉද්දි රින්ග් වෙලා... එදා නන් මම හොදටම එයාගෙන් දෙහි කපා ගත්තා... හැබැයි මල්ලිට දදුවම් කරලා නෑ.. මොකද ඒ ප්රොෆෙසර් ටත් හිනාලු... )
Apr 19, 2009
අපි වෙනුවෙන් අපි
18 / 04 / 2009
ඔන්න ඊයෙ අපි විචෙන්සා ගියා "අපි වෙනුවෙන් අපි" සංස්කෘතික උලෙල බලන්න... ෂා කියලා වැඩක් නෑ.. අපේ හමුදාවෙ සහොදරයො නියම වැඩ කිඩ ටිකක් පෙන්නුවා, පිනුන් ගැහුවා, නැටුවා, සිංදු කිවුවා, රග පෑවා... අපි කෙල්ලො ටිකත් නිකන් හිටියෙ නෑ... අත්පුඩි ගහල කෑ කෝ ගහලා හෙන සපෝට් එකක් දීලා හෙන ජොලියෙන් හිටියා... මම ෆොටොස් ගත්තා එවා මූණූ පොතට දාන්න ඕනෙ... හැබැයි ටිකක් රෑ උනා ගෙදර එද්දි... ලබන සතියෙ අපේ ගමේ අවුරැදු උත්සවේ නිසා හැමෝම හරි හරියට ලක ලැහැස්ති වෙනවා... ලබන ඉරිදා වෙනකන් ඉන්නෙ ඉවසිල්ලක් නැතිව... මෙදා පාර නං මම හැම තරගෙකටම සහභාගී වෙනවා... කොහොම හරි තෑග්ගක් දිනන්න ඕනේ...

Apr 17, 2009
මායා බන්ධන (15 16 17 බක් මාසය)
පහුගිය දවස් 3 ම මම කලේ youtube වෙබ් අඩවියෙන් spellbinder (මායා බන්ධන) බලපු එකයි...
අවුරැදු 13 ක අතීතයට මම නැවත ගියා වගේ... ආසාවේ බැහැ... ඉතිං බ්ලොග් එක ලියන්න බැරි උනා...
15 කොටස තමයි දැන් බලමින් ඉන්නේ... මම ලංකාවෙ ඉද්දි මේක බලල හිතන් හිටියෙ ඇත්තටම සමාන්තර ලෝක ඇති කියලා... :) අනේ මටත් ආසයි පෝල් වගේ සමාන්ත්ර ලෝකෙකට ගිහිල්ලා ආයෙත් එන්න... :)

Apr 14, 2009
පරණ අවුරැද්ද සහ අලුත් අවුරැද්ද...
අද අළුත් අවුරැද්ද...
අද උදෙත් ඇහැරැනේ නිරෝශා ගේ සිංදුවකින්... අම්මා හැමදාම උදේට කන පැලෙන තරන් හයියෙන් සිංදු දානවා අපිව ඇහැරෙන්න... පහුගිය අවුරැද්දෙම දැම්මේ සුරේන්ද්ර ගේ සිංදු... ඉතිං උදේට ඇහැරෙන්නේ ඒ මිනිස්සුන්ට බැන බැන... පවු... අම්ම කරන වැඩෙන් අපිට ගායකයො එපා වෙනවා... ඔන්න ඉතින් නැගිටලා තේ බිවුවා.. අම්මා අද කිරිබත් හදලා... හැබැයි ලුණු මිරිස් නං හදලා නැහැ.. රස වැක්කෙරෙන සවි හට්ටියකුත් හදලා හකුරැත් දාලා... රසම රසයි... එකත් බීලා මම නා ගන්න කියලා හැදුවෙ.. මල්ලි ඇවිල්ලා වද දෙනවා කොන්ඩෙ ටිකක් කපන්නලු... ඒ ලමයගෙ කොන්ඩෙ මාර ඉක්මනට වැවෙන්නෙ... මම ඉතිං බාබර් කෙනෙක්යැ... ඒත් ඉතිං පවුනෙ කියලා කැපුවා... මාර කේස් එක... මගෙ අතින් එක තැනක වැඩියෙන් කැපුනා.. හොද වෙලාවට ඔලුවෙ පිටිපස්ස පැත්ත නිසා මල්ලිට පේන්නෙ නෑ... මල්ලි කොන්ඩෙට තියෙන්නෙ මාර ආදරයක්... භක්තියක්... අර මීයා කාපු තැන දැක්කා නං මිනිහා මාව කයි.., මම ඉතිං හෙන ගේම් එකක් දීලා කොහොම හරි අර මීයා කාපු තැන ෂේප් කලා... දන්නැති weddings කරන්න ගියහම ඕක තමයි වෙන්නෙ...
අද පරණ අවුරැද්ද... 13/4/09
අද නං ඉරිදා නිසා නිවාඩු... ගේ ටිකක් අස් කරලා අන්තර්ජාලයේ රවුමක් ගැහුවා...
මූණූ පොතට ගිහින් හැමෝටම අලුත් අවුරැද්දට සුභ පැතුවා.. මගෙ කටට රසට බ්ලොග් අඩවියත් ටිකක් හැදුවා... අවුරැදු කාලේ නිසා කැවිලි ටිකක් හදන හැටි දැම්මා... වෙන නං මොකුත් කලේ නෑ... තාත්තා සන්ෆ්ලවර්ස් ලගෙ සංගීතෙ බලන්න ගියා... මම ෆිල්ම් එකක් බල බල උයලා කාලා නිදා ගත්තා..

සාමයෙන් සෞභායෙන් සපිරි සුභ නව වසරකට ලක්වාසී සියලු දෙනාට (කොටි ඇරෙන්න) මම ආසිරි පතනවා....!
අද පරණ අවුරැද්ද... 13/4/09
අද නං ඉරිදා නිසා නිවාඩු... ගේ ටිකක් අස් කරලා අන්තර්ජාලයේ රවුමක් ගැහුවා...
මූණූ පොතට ගිහින් හැමෝටම අලුත් අවුරැද්දට සුභ පැතුවා.. මගෙ කටට රසට බ්ලොග් අඩවියත් ටිකක් හැදුවා... අවුරැදු කාලේ නිසා කැවිලි ටිකක් හදන හැටි දැම්මා... වෙන නං මොකුත් කලේ නෑ... තාත්තා සන්ෆ්ලවර්ස් ලගෙ සංගීතෙ බලන්න ගියා... මම ෆිල්ම් එකක් බල බල උයලා කාලා නිදා ගත්තා..
Apr 8, 2009
06 - 11 බක් මාසය 2009
6/4/09
අද මම වැඩට ගියා, මහ රෑ වෙලා ආවෙ, අද නං නරකම නෑ එත් හරිම මහන්සී...
මහ රෑ ගෙදර ආවෙ... අද ටානියා ආවා... මට සනිධප ෂො එකෙ ෆොටො ගෙනෙල්ලා දුන්නා...
අද අබෘස්සො වල භූමිකම්පාවක් වෙලා... පව් ගොඩක් දෙනෙක් මැරිලා..
7/4/09
අද නං හරිම රස්නෙයි... අද උදෙ මම තනියම ගියේ... එපා උනා... හරිම මහන්සී...
රොහාන් අංකල් එයාගෙ අලුත් සිංදු මට අහන්න දුන්නා... එක සිංදුවක් නං හරිම ලස්සනයි..
"ඔබ සිටියා නම් මගෙ තුරැලේ " සිංදුව... අද අර අලුතින් ඇවිත් ඉන්න නංගි එක්ක මම කතාකලා...
8/4/09
අම්මො අද නං උදෙ වරැව ගෙදර... දැන් මම නාන්න යනවා..
පැය 13 ක් වැඩ කරනව කියන්නෙ සෙල්ලම් නෑ...
රෑ අම්මයි තාත්තයි එක්ක ආවෙ..
9/4/09
අද උදේ නං මට නැගිට ගන්න බැරි උනා... අම්මත් එක්ක ගියෙ ඉතිං... අපි බස් එකේ යද්දි අම්ම ලස්සන ගවුමක් දැකලා, අපි ටාං ගාල බැස්සා, ගිහින් එ ගවුම ගත්තා.. රතු පාට ටිකක් කොට එකක්, මට නං එච්චිරම ඇල්ලිවෙ නෑ, එත් අම්මා බල කරලා අරන්දුන්න නිසා ගත්තා, නිකං හම්බෙනව නං දෙමල පත්තරෙත් කියවනවා වගෙ... මං යද්දි 11.30 ත් පහුවෙලා... අපෝ අද නං එපාම උනා... පිටිපස්සෙ බිත්තියක් ගැලෙව්වා අද...
මට ඇතිම උනා, පස්සෙ 7.30 ට විතර මම ගෙදර එන්න කියල ආවා.. මෙන්න එක පාරට බයිසිකලේක නැගපු මිනිහෙක් මගෙත් එක්ක කතාවට එන්න හදනවා.. මම ආයෙම හැරිලා ආවා... ඒ මිනිහා ගියාට පස්සෙ ආයෙ ගියා... ලෝකෙ කොහෙත් එකයි කියලා මට හිතුනා.. මෙ වගෙ උන දෙවෙනි දවස අද... පලවෙනි පාර ලංකාවෙදි... කරාටි ටිකක් ඉගෙන ගත්තොත් හොදයි වගෙ... හ්ම්ම්ම්... අද මල්ලි යුනි ගිහින් නැහැ...
දවසේ සිතිවිල්ල:
10/4/09
සති අන්තය වෙනකන් බලා ඉන්න නිසාද මන්ද, මම හිතන් හිටියෙ අද සෙනසුරාදා කියලා... අනිත් අයගෙ බ්ලොගි වලට පොඩ්ඩක් ඔලුව දාලා බැලුවා.. මෙන්න මේ ලිපියෙ පාසල් එන අම්මලාට සාරි අන්දන්නට දත කවන අපේ විදුහල්පතිවරු සමහරක් පිලිතුරැ කියවද්දි නම් මට පුදුම තරහක් දැනුනා, මමත් හොද පිලිතුරක් ලිවුවා ඉතින්...

කෙනෙක් මැරැනා වෙන්නෙ එයාට ආදරේ කරන අයගෙ ආදරෙ, නැතිවෙලා ගිය දාටයි....! ආදරේ කරන එක, ආදරේ හිතෙන එක නවත්තන දාටයි...!
10/4/09
සති අන්තය වෙනකන් බලා ඉන්න නිසාද මන්ද, මම හිතන් හිටියෙ අද සෙනසුරාදා කියලා... අනිත් අයගෙ බ්ලොගි වලට පොඩ්ඩක් ඔලුව දාලා බැලුවා.. මෙන්න මේ ලිපියෙ පාසල් එන අම්මලාට සාරි අන්දන්නට දත කවන අපේ විදුහල්පතිවරු සමහරක් පිලිතුරැ කියවද්දි නම් මට පුදුම තරහක් දැනුනා, මමත් හොද පිලිතුරක් ලිවුවා ඉතින්...
සෑම් ට පිලිතුරැ
[ උපුටනය]සීමා දැම්මේ නැත්තම් මෙ හයක් හතරක් නොදන්නා, අසමජ්ජාති ලංකාවේ අධම මිලේච්ච ගෑනු ජාතිය, කොටට අදින්න පටන් ගනීවි. දැන් අපි මේ නීතී රීතී දා, මේ ලංකාවේ ගෑනු සංහරය ආන්ඩුමට්ටු කර තියෙනා නිසා රන්දිල්ගේ අම්මාත් හොදට ඇග පත වැසෙන්නට අදිති.[ නූඋපුටනය]
විසි එක්වැනි සත වර්ශයේ දී මෙවැනි කියුන් අසන්නට ලැබේ යැයි මා කිසිසේත් බලා පොරොත්තු වූයේ නැත… සෑම්ගේ පිලිතුර පිලිබද මම බෙහෙවින්ම ශෝකයට පත් වෙමි…. ලංකාව ප්රජාතන්ත්රවාදී රටක් ලෙස පිලිගැනුනත්, මෙම ලෙස ගැහැනු අයව ආන්ඩු මට්ටු කිරීමට සැරසී සිටින අය සිටින තාත් කල් සැබවින්ම ලංකාව ප්රජාතන්ත්රවාදී රටක් වන්නේ නැත. පිරිමි උඩවිය කියනා තාලයට ගැහැනු නටනේ නම් මොවුන් අතිශයින්ම සතුටුය…
රටේ ලෝකයෙ සිටිනා ගැහැනුන්ට නීතී දැමීමට හැකි අයිතිය කොහෙන් කොහොම ලැබුනාදැයි මම විස්මිත වෙමි…. සදාචාරය යනු බලෙන් පෙවිය හැක්කක් නොව… බලෙන් කිරීමට යන කිසිම දේක තේරැම්ක් හෝ පැවැත්මක් නැත… යම් දෙයක් සාර්ථක වන්නේ එහී ඇති වැදගත්කම සැබවින්ම හදුනාගෙන ක්රියාත්මක වන විටදීය.
සැබවින්ම ලංකාව දේශගුනයෙන් අතිශයින්ම උනුසුම් රටකි… මෙවැනි දේශගුනයක් පවතින රටක ගැහැනුන්ට මුලු ශ්රීරයම වසාගෙන යෑම මහත් කරදරයකි… මා මෙයින් අදහස් කරන්නේ නිරැවතට හෝ අඩ නිරැවතට අනුබල දීමක් නෙවේ…
කාරැනික පිරිමි සහොද්රවරැනි… හෙට සිට ඔබ සැමට අප්ගේ ජාතික ඇදුම හිස සිට දෙපතුල දක්වා අදිනට ලැහැස්තීනම් ගැහැනු අපිත් සාරී ඇදීමට සූදානම්ය… :P

11/4/09
ඇති යන්තං මම මෙච්ච්ර දවසක් බලන් හිටිය ශනිදාව ආවා... අද ඉතිං ගෙදර, පුදුමෙ කියන්නෙ වැඩට යන දවස් වලට බොම්බ ගැහුවත් ඇහැරෙන්නෙ නැති මම අද වගේ නිඩඩු දවසට උදෙන්ම නැගිටින එක, ගේ ටිකක් අස් අස්කරලා බ්ලොග් එක පැත්තට ඔලුව දැම්මා... මල්ලි පහුගිය දවස් ටිකේම සිංදුවක් දාලා දාලා මාව ඒකට ආස කෙරෙවුවා, ඇත්තටම ඒක ගොඩක් ලස්සන සිංදුවක් :)
Apr 5, 2009
ජීවිතේ තවත් එක දවසක්
අද නං කිසිම වැඩක් කලේ නෑ... හැබැයි බ්ලොග් එකෙ ග්රැෆික්ස් නං ටිකක් හැදුවා, වැඩෙ සාර්ථකයි වගේ මම ආස විඩිහට ආවා, අද හැබැයි කාළගුනය නං නරකම නෑ, හැබැයි රෑ වෙනකොට වැස්සා, සදුදා ඉදලා මට වැඩට යන්න වෙයි වගෙ... හෙට තමයි නිදාගන්න තියෙන අන්තිම දවස.. එක අතකට කමක් නෑ කියල හිතෙනවා... මොනා කරන්නද වෙන... පෙරලුනුපිට හොදයි නොකියා... දැන් වෙලාව පාන්ද්ර 2 යි 14... ගෑනු ලමිස්සියේ නිදා ගන්න වෙලාව.. අනෙ අම්මපා :D
Subscribe to:
Posts (Atom)