Apr 24, 2009

කොත්තු සහ මගෙ බඩ

අදත් මම වැඩට ගියා.... අද නං තනියම තමයි වැඩ කලේ... කම්මැලිකමේ බෑ... ඒ මදිවට අද පුදුම සීතලයි... පෙරේදා සමර් ඇදුමක් ඇදලා ගියත් අද ජැකට් ඇදලා යන්න උනේ.... අනිද්දට අපේ සිංහල අලුත් අවුරැදු උත්සවේ... ඉතිං හැමෝම ලක ලැහැස්ති වෙනවා... අද මේනක අංකල් ආවා කඩේට, මට අවුරැදු කුමාරි ත‍රගෙට ඉන්න කියල පොරේ... මම බැහැම කිවුවා... නිකන් බොරැවට චාටර් වෙන්න ඕනෙ නහැනේ... ටානියා නංගිත් ඊයේ කෝල් ක‍රල පැය ගානක් නාහෙන් ඇඩුවා මට අවුරැදු කුමාරි ත‍රගෙට එන්න කියලා... එයාගෙන් බේරැනේ "අන්දයාට කිරි කැවීමෙ ත‍රගයට" එන්නම් කියලා පොරොන්දු වෙලා... මට වෙන්නේ කිරි නාන්න තමයි...

හවස් වෙද්දි නං මට වාසි වැඩක් උනා... පාලුවෙ ඉද්දි මම අන්ද‍්රේගෙ කතාවක් ලිවුවා "අන්ද‍්රේ කිරි කෑ හටි" එකත් ඩිලාන් අයියා විසින් බලු වලිගෙට බාර දුන්න වැඩක්... (සාමන්යයෙන් එයාට භාර වෙන වැඩ කෙරෙන්නෙ මගෙ අතින්) තාත්තගෙ යාලුවෙක් ඇවිල්ලා මගෙන් ඇහුවා බඩුවක් දෙන්නම් කනවද කියලා.. ඒ වෙලේ මගේ බඩ ෆුල්... මම කිවුවා අංකල් බඩ නං ෆුල් එත් මොනාද කෑම කියලා... "මස් කොත්තුයි බිත්ත‍්ර කොත්තුයි" මම අන්ද‍රේගෙ කතාව ලියුව කොලේ අංකල්ට කියවන්න දීලා බඩ පැලෙනලකං කොත්තු කෑවා... රස වැඩි වෙන්න කොත්තු ජාති දෙක මිස‍්ර ක‍රලා කෑවේ... මගෙ බඩ නං දැං අච්චිආරැවක් වෙලා... අනේ දෙයියනෙ බඩේ අමාරැවක් නං හැදෙන්න එපා... අනිද්දට හොදට කන්න හම්බෙන දවසක්...!
.

.

8 comments:

  1. හික් හික් :)
    බඩෙ අමාරුවක් හැදෙන්න එපා කියලා ඔන්න මමත් ප්‍රාර්තනය කරා

    ReplyDelete
  2. බඩේ අමාරැවක් ෂුවර්. ඒත් නොහැදේවා කියල ප්‍රාර්තනා කරනවා

    ReplyDelete
  3. Thilina, එහෙම වෙන්නේ කොහොමද? මධු ඉන්නේ ලංකාවේ නොවෙයි නොවැ?

    අවුරැදු උත්සව දෙකක් තුනක් අස්සේ හෙට (26) එකක්. මං නම් නර්තනයක් හරි බෙර වාදනයක් නම් පැනලා දෙනවා. කොත්තු, වඩේ, පාරාටා එක දිගට වැඩිම වෙන්න කාපු වාර නම් ගොඩාාාායි. ඔන්න අක්කට වගේම හෙට අනිද්දට කන්න හම්බ වෙනවා මටත්!!!

    ReplyDelete
  4. @ -බිன்ku-

    මධුගේ profile එක හරිය‍ට බැලුවේ දැන්නෙ. හික්...

    ReplyDelete
  5. කාලා මලත් කමක් නැහැ කියලා තියෙනවනේ.මමත් ඉතින් නිකන් අත අරින්නැ මොකද නිකන් නෙමෙයිනේ මහන්සිවෙලා හදන හින්දා කන්නේ.

    ReplyDelete
  6. මෙහෙ ඉඳන් කෙලෙ ගිල්ලට ඔහෙට ඒක වැඩ කරන එකක් නැහැනේ?

    ReplyDelete
  7. ආ මම අහන්නමයි හිටියේ ඔහෙ කොහොමද කොත්තු දාන්නේ
    අපෙ තාත්තා ඉන්නේ කටාර් වල එහේ සද්දෙට කොත්තු දාන්න තහනම්ලූ ඒක නිසා නිකම් කවලන් කරලා දෙනවලු

    ReplyDelete
  8. අෙපා්! කියවද්දිත් අප්පිරියයි.

    ReplyDelete