Mar 6, 2010

ඉතාලි එන්න කලින් සියපාරක් වත් හිතන්න





ගොඩක් දෙනෙක් හිතන් ඉන්නෙ යුරෝපය කියන්නෙ සිහින පාරාදීසයක් කියල. එහෙම හිතන් ලංකාවෙ තියෙන තමන්ගෙ සේසතම උකස් තියල විකුනල දාලා මෙහෙ දුවගෙන එන්නෙ ඒ දේවල් මාසෙන් දෙකෙන් හම්බකරලා ලංකාවට යවන්න... ඒත් මෙහේ තත්වෙ ගැන හැගෙන්නෙ මෙහේ ආවට පස්සෙ...

මීට අවුරුදු 12 කට 10 කට කලින් ඉතාලි ආවා
  • උත්සාහය
  • අවංකබව
  • කඩිසරකම
  • වගකීමක් ඇතිව වැඩ කිරීම
  • කාර්යයක්ෂමබව
  • නිසි වෙලාවට වැඩ කිරීම
  • ස්වාමියාට හිතවත් වීම
නම් පහසුවෙන් මුදල් උපයන්නට තිබුනා..
නමුත් අද පවතින තත්වය නම් මෙම රටේ ඉපද හැදී වැඩුන ඉතාලි ජාතිකයන්ටත් විරැකියාව විශාල ගැටලුවක් වී ඇති අන්දමයි ඉතිං අපේ රටේ සිට පැමිණි අය ගැන කවර කතාද....
මෙම විපර්යාසයට ප්‍රධානතම හේතුව වන්නේ රුමේනියාව යුරෝපා හවුලට සම්බන්ධ වීම.
රුමේනියාව කියන්නෙ යුරෝපයේම තියෙන අන්ත දුප්පත් රටක්.. පැය 10 ක 12 ක බස් ගමනකින් පසුව ඔවුන්ට ඉතාලියට ලඟාවිය හැකීයී. මොවුන්ගේ ගමන් ගාස්තු හෙම අඩු හෙයින්ම ඉතාමත් අඩු පඩියට රක්ෂා කිරීමට පටන් ගත්තා... අනික් දෙය නම් මෙම ජාතීන්ගේ භාෂාව ඉතාලි භාෂාවට බෙහෙවින් සමාන නිසා ඉතාමත් කෙටි කලකින් ඔවුන් භාෂාව ඉගෙනගෙන පාවිච්චියට යොදනවා... සපත්තුවක් හැඩයගත් රටේ මිනිසුන් නම් ඉංග්‍රීසී භාෂාවට නම් විශාල මැලිකමකුයි දක්වන්නෙ...
මේ දේවල් ලියන්න හිතුනෙ ලංකාවෙ ඉඳන් ඇවිත් මෙහේ දුක් විඳින ගොඩක දෙනෙක් මට පෙනෙන නිසයි.. ඉතිං අවසන් වශයෙන් කියන්න තියෙන්නෙ ඉතාලිය කියන්නෙ සුරපුරක් නෙමෙයි... ඒක නිසා මෙහේ එන්න කලින් දෙපාරක් තුන්පාරක් නෙමෙයි... සිය පාරක් වත් හිතන්න...

10 comments:

  1. අනේ ඉතින් මෙ පුංචි ලංකාව දාලා මම නම් කොහේවත් යන්නේ නෑ. කරන්න දෙයක් නැත්නම් පොල් ගස් පයිලට් කෙනෙක් වෙනවා. ඒක සැපයි. ඒත් සංචාරයට වගේ නම් ලොකෙ පුරා ඇවිදින්න තියෙනවනම් හොදයි.
    කොහොමත් ඉතින් අපි රස්තියාදු කාරයෝනේ..
    ලොකෙ වටෙ ගියානම ජ්‍යාත්‍යන්තර රස්තියාදු කාරයෙක් වෙන්න තිබ්බා..

    ReplyDelete
  2. රට ගියාම කියල වැඩක් නෑ වගේ . . .

    ReplyDelete
  3. "ඉතාලිය කියන්නෙ සුරපුරක් නෙමෙයි... ඒක නිසා මෙහේ එන්න කලින් දෙපාරක් තුන්පාරක් නෙමෙයි... සිය පාරක් වත් හිතන්න..."
    ඕක ඉතාලියට විතරක් නෙමෙයි ඕස්ට්‍රේලියාවටත් පොදු කතාවක්.

    ReplyDelete
  4. ඕක ලංකාවේ ගොඩ දෙනෙක් දන්නේ නෑ.
    අපේ අය ඉතාලි යන්න දඟලන්නේ..පන ඇරලා නේ..මධු..


    මාත්, මාරයා වගේ තමයි..ලංකාව දාලා කොහේවත් යන් නෑ...වැරදිලා හරි ලැබුනු..සංචාරයක් ..ඇරෙන්න.

    ReplyDelete
  5. ""ඉතාලිය කියන්නෙ සුරපුරක් නෙමෙයි... ඒක නිසා මෙහේ එන්න කලින් දෙපාරක් තුන්පාරක් නෙමෙයි... සිය පාරක් වත් හිතන්න..."
    ඕක ඉතාලියට විතරක් නෙමෙයි ඕස්ට්‍රේලියාවටත් පොදු කතාවක්"
    I want to add USA to this list.

    ReplyDelete
  6. මං නම් ඉතිං කොහෝ ගියත් ටුවරිස්ට් කෙනෙක් විදියට කවදා හරි යනවා මිසක් රස්සා කරලා ජිවත් වෙන්න යයි කියලා නම් හිතන්න බෑ.

    ReplyDelete
  7. මමත් ඉතින් එහෙම තමයි.. අයියා ඉතින් කියනවා පොඩ්ඩකට ඇවිල්ලා තැන් තැන් බලලා යන්න එන්න කියලා.. එත් මම යන්නෙ නැහැ.. එ ඇයි.. මොකද ඉතාලියෙ බුලත් නැහැනෙ..මට බුලත් විටක් ඔනා කැම කාලා ඉවර උනාට පස්සෙ..

    ඔයගෙ වයස ප්‍රශ්නෙට මම මාරයගෙ තැන පොඩි සටහන්ක් දැම්මා..

    ReplyDelete
  8. Eth ithin giya minissu enne naththe ai? Ochcharama amaru ratawal kiyanawanam a gollo aye ayeth ehetama yanne ai ? mehe awith inne nathuwa? Api nam awilla goda giya ... oyala try karanna epa ammo me rata amarui kiyalada kiyanne?

    Puduma de thama hamoma honda ne kiya kiya ehetama yana eka. heh heh!

    ReplyDelete
  9. දැන් හරි මෙහෙම දෙයක් ලියන්න හිතුන එක හොදයි....ටික දවසකට ලන්කාවට ඈවිල්ලා යනවා පුලුවන්නම්.....රස්සාවක් හොයාගන්න අපේ අනිත් අයත් විදින දුක ඉතින් ඔයා දන්නවනේ නේද?....

    ReplyDelete