Apr 12, 2010

ජීව්තේ අපේ

අපි ජීවත් වෙනවා... හැම දේම අනාගතේට බාර දිදි ජීවත් වෙනවා.... හරියට මේ ලෝකෙ මරණය කියල දෙයක් නෑ වගේ... හරියට අපිට හැමදාම ජීවත් වෙන්න පුලුවන් වගේ... හරියට අනාගතේ කියන්නෙ ෂුවර්ම දෙයක් වගේ... ඉපදිලා මැරෙන මේ පුංචි කාලෙදිත් අපි විසින්ම හදාගත්ත සංස්කෘතිය කියන කෝෂයේ වෙලිලා පැටලිලා අපිම දුක් විඳිනවා.... ජීවත් වෙන කාලේ ජීවත් නොවී ඇයි අපි අනාගතේ ජීවත් වෙන ජීවිතයක් ගැන හිත හිත සිහින මවමින් දුක් විඳින්නෙ? මට තේරෙන්නෙ නෑ... මට මේ දේවල් හිතෙනව ඇත්තෙ ඊයෙ උන දෙයක් නිසා වෙන්න ඇති... සමහර විට ගොඩක් කල් ඉඳලා හිත හිත හිටියත් ශක්තියක් තියෙන්නෙ නැතුව ඇති මේ දේ ගැන කතාකරන්න හිතන්න...
ඊයෙ මම අඳුනන අයියා කෙනෙක් මිය ගිහින්... ඇත්තටම කිවුවොත් මියගිහින් නෙමෙයි... පිහියකින් ඇනලා මරාදාලා.... ඒ අයියා මාත් එක්ක එයාගෙ විස්තර කිවුවා... එයාගෙ අතීතේ... වර්තමානෙ විතරක් නෙමේ... අනාගත බලාපොරොත්තුත් ගැන කිවුවා.... එයා මෙච්චර කල් ජීවත් උනේ හම්බ කලේ අනාගතේ ජීවත් වෙන ජීවිතයක් ගැන බලාගෙන... ඒ ගැන සිහින මවමින්... ඒත් ඊට කලින් මරනය ඔහු සොයා ආවා... ජීවිතේ ජීවත් වෙන්නත් කලින් මරනය ඔහු වෙත ආවා... ඇයි අපි අද ජීවත් නොවෙන්නෙ? හෙට ජීවත්වෙන ජීවිතයක් ගැන සිහින මවමින් ඇයි අපි අද ජීවත් නොවෙන්නේ?... මරනය ආවහම කියන්න පුලුවන්ද දැන්ම එන්න එපා තව පහු වෙලා එන්න... මම තවම ජීවත් වෙන්න පටන් ගත්තෙ නෑ කියලා? එහෙම බැහැ නේද? එහෙනන් ඇයි අපි අනාගතේ ගෙවන ජීවිතයක් ගැන සිහින මවමින් දැන් ජීවත් නොවෙන්නෙ? අනාගතේ... මට පෙන්නන්නම් බැරි වචනයක්... කවදාවත් නො එන අනාගතේ... මම වෙයිර කරනවා ඒ වචනෙටත්....

8 comments:

  1. ඒක ඇත්ත.. අපි වැඩිපුර ජීවත් වෙන්නේ එක්කෝ අනාගතේ එහෙමත් නැත්තන් අතීතයේ. අපි අද දවසේ, මේ මොහොතේ ජීවත් වෙන්න පුරුදු උනොත් එදාට මේ ලෝකෙ මීට වඩා ගොඩක් ලස්සන තැනක් වෙයි, හැමෝටම සතුටින් ජීවත් වෙන්න පුලුවන් වෙයි. බුදු හාමුදුරුවොත් දේශනා කලේ මේ මොහොත තුල ජීවත් වෙන්න කියලනේ.

    ReplyDelete
  2. ඒක ඇත්ත

    ReplyDelete
  3. මම අද ජීවත් වෙන්න ට්ර්යි කරනකොට මගෙ ගර්ල්ට ඕනි උනෙ අනාගතයෙ ඉන්න.....

    ReplyDelete
  4. ඇයි ඔබ අනාගතෙට වෛර කරන්නෙ... වෛර කරන්න ඔනා හිත ඇතුලෙ තියන වෛරය උපදවන තැනට...මට හිතෙන විදියට අනාගතෙවත් , අතිතෙවත්, වර්ථමානයෙ වත්, වැරැද්දක් නැහැ.. වැරැද්ද තියන්නෙ තමුන්ගෙ හිතෙයි..බලාපොරොත්තු ගොඩාක් බැදගෙන..., එවාට ආදරය කරගෙන,, එ වා බිදුනු ගමන් දුක විදගෙන ඉන්නවා.. මම කියන්න එවා බිදුන ගමන් තව බලාපොරොත්තු, වෙන බලාපොරොත්තු ඇති කරගන්න කියලා.. මොහොතක් ජිවත් වෙන්න.. එ ඇති...

    ReplyDelete
  5. සුබ අලුත් අවුරුද්දක වෙවා... ඔබටත් ඔබගෙ පවුලෙ සියල්ලන්ටත්...

    ReplyDelete
  6. http://madhumarathon.blogspot.com/බ්ලොග් එකේ කමෙන්ට් කරන්න බෑ

    contact කරන්න වෙන ක්‍රමයක් නැති නිසා මේ කමෙන්ට් එක දැම්මේ

    ReplyDelete
  7. හිතලත් බැහැ නොහිතත් බැහැ මදූ...

    ReplyDelete