Feb 21, 2010

ඇස් දෙක මාගේ රැක ගන්න....

ලඟකදි ඉඳලා මගේ ඇස් දෙක පෙන්නෙ ටිකක් බොඳ වෙලා වගේ... ඒ විතරක් නෙමේයි... පෝස්ට් එකක් කියවද්දි ටික වෙලාවකින් ඔලුව රිදෙන්න ගන්නවා... මම කොම්පීතරේ ෆොන්ට්ස් අයිකන්ස් එහෙම සේරම ලොකු කලා... ඔලුව එහෙම රිදෙන්න ගන්නෙ සුදු පාට පසු බිමක් ඇති සහ අකුරු ඉතාමත් කුඩාවට ඇති බ්ලොග්ස් කියවීමට යද්දි... ඉතින් මම මගේ සහෝදර බ්ලොග් ලියන්නන්ගෙන් ඉල්ලා සිටිනව හැකි නම් මේ ගැන පියවරක් ගන්න කියල... මේක බලපෑමක් නම් නෙමේ... බොහොම කාරුනික ඉල්ලීමක් විතරයි...
බොහොම ස්තුතීයී...

7 comments:

  1. අනේ මගේ එකෙනම් පසුබිම ලා අලු පාටයි

    ReplyDelete
  2. බලමු බලමු .....පොට්ටනම් ඉතින් බෙහෙතක් ගන්න බදින්න කලින්ම මෙහෙම වුනානේ අපේ අක්කට....

    ReplyDelete
  3. මගේ එකේ පසුබිම සුදුයි. හැබැයි අකුරු ලොකුයි! බලන්ඩ බොරුද කියලා

    ReplyDelete
  4. RT: @Chanaka Aruna Munasinghe
    මාත් තාම පාට වෙනස් කලේ නෑ. හැබයි ඉස්සරහට කරන්න වෙයි. නරකද ඇස් කණ් ඩොක්ට කෙනෙක්ට පෙන්නුවනං.

    FYI
    මොනිටරයේ දීප්ත ත්‍රීව්‍තාවය අවට ආලෝක තත්වය අනුව හදාගෙන පාවිච්චි කරනව නම් ඇස් වලට අමාරුවක් නෑ.

    ReplyDelete
  5. අනේ ඉතිං අනෙක් අයගෙන් ඒ ඉල්ලීම කරන්න පෙර ඔයා නිතර ගැවසෙන මේක හදා ගන්නකෝ.....(අකුරු ලොකු කරන්න..... )

    ReplyDelete
  6. විහිලුවට නොගෙන, ඔයා ඉක්මනින්ම ඩොක්ටර් කෙනෙක් හමු වෙන්න. පුංචිකාලේ ඉඳන් කණ්නාඩි දාන හන්දා, මම දන්නවා ඇස් දෙකේ තියෙන වටිනාකම.

    ReplyDelete