මේ දවස් ටිකේ නං මාර මහන්සී... මම හිටු කියලා සිංහල බ්ලොග්ස් කියවන නිසාද කොහෙද මගෙ ටීක් බෝල දෙකේ පෙනීම දැන් ටිකක් අඩු වෙලා... මේ දවස් ටිකේ තාත්තා මට කාර් එක ගෙනියන්න දුන්නා... (අවුරුදු 3ක් වෙනවා බලපත්‍රය අරගෙන ඒත් මට වාහනේ දුන්නෙම නෑ පොඩි වැඩී කියලා) ඉතිං හෙන හැපි එකේ තමයි අරං ගියේ.... අම්මා නං මුල් දවස් ටිකේ බර බරේ දැම්මා.... දැන් නං ෂේප්...
හැබැයි පොඩි පොඩි මිස්ටේක් නං ටිකක් උනා.... ඒ කිව්වෙ දෙතුන් තැනකදිම මම ට්‍රැෆික් ලයිට් දැක්කෙම නෑ... (හොද වෙලාවට අම්මලාට ඒක තෙරුනේ නෑ... අනේ දෙවියනේ ගෙදරට නං දඩ කොල එන්න එපෝ...)
හොද වෙලාවට කොළ වැටිලා තිබිලා තියෙන්නෙ... ඒ වෙලාවේ ඒක ගැන හිතුවෙ නති උනාට මම ගෙදර ඇවිත් නිදියන්න ඇදට ගියහම එක පාරට ලොකු බයක් හිතට ආවා...බඩ පපුව පිච්චිලා ගියා... සෙල්ලමක් වගේ පෙනුනට ඒක ගොඩාක් භයානක දෙයක් කියලා තේරුනා... දෙයියනේ අම්මගෙ තාත්තගෙ ජීවිතේ වගේම පාරෙ යන අනිත් මිනිස්සුන්ගෙ ජීවිතෙත් මගෙ අත් දෙකේ....!!! අනිත් දවසෙ නං නිදිමතක් ආවොත් සත්තයි මං නවත්තනවා...!!!!!!!!!!
වහනෙ පදවද්දි මම නම් හැමතිසසෙම කල්පනා කරනවා අනතුරක් කොහොමද වෙන්න පුලුවන් කියලා. එ අනුව හැම දෙයක්ම පරිස්සමට කරනවා. මම දැන් වහනෙ එලවන්නෙ අවුරුදු 16 ඉදලා. ලයිසැන් නැතුව කොළඹත් ගියා(රැට). බය වෙන්න එපා. හැබැයි අනිත් මිනිස්සුන්ව විස්වාසකරලා තිරණ ගන්න යන්න එපා. වාහනෙ බර, තිරිංග, මාර්ගයෙ ස්භාවය, ගියර් පාලනය, පැද්විමෙ තත්වය ගොඩක් දෙවල් ඉගන්න ගන්න ඔනා. නිකම්ම ගියර් දාගෙන යන එක නෙමෙ වැඩෙ. අනික ඔටො ගියර් වහනයක් පදවන්න එපා. මම ගොඩක් ආස මැනුවෙල් වලට ඔටො තිබුනත් එංජින් එකෙ සද්දෙට අනුව ගියර් එක දාන තරම් ජොලියක් වැවක නාද්දිවත් නැහැ...
ReplyDeleteබුදු අම්මෝ වැරදිලාවත් වෙනිස් පැත්තෙ යන්න හොඳ නෑ. නංගි කාරෙකෙන් ඇවිල්ල ඇරල දැම්මොත් එහෙම. පොඩි විහිළුවක් කලේ. පරිස්සමින් එලවන්න නංගී. පුරුදුවෙද්දි ඕවා මග ඇරිල යයි.
ReplyDeleteඅනේ ලංකාවට එනවනම් පොඩ්ඩක් කියලා එන්න මොකද අපි පදින්නේම බයික්නේ...මව 3පාරක්ම හැප්පුවේ පිටි පස්සෙන් ඇවිල්ලා...මට එපා වෙලා තියෙන්නේ...
ReplyDeleteතව විනාඩි දහයකින් කාර් එක මගේ අතේ
ReplyDeleteහහ් හා....
විහිලු නෙමේ මම අද හොදට එලවනවා...
මම ගෙදරින් ලොග් වෙන්නන්...
දැන් මම යනවා
බුදු අම්මෝ මම මෙ ඔය පැත්තේ යන්න හිතුවා විතරයි.
ReplyDeleteයන්නේ නෑ..
යන්නේ නෑ..
කවුරුත් යන් නැති හින්ද මං වත් යන්න ඔය පැත්තට ....
ReplyDeleteඅම්මෝ මාරයා නේන එකමයි හොද
ReplyDeleteමම එලවන වෙලාවට...
------------------------------
වැප් ජීවිතේට ආසවක් නැද්ද?
එලවනකොට බලාගෙන එලවනවා නැත්නම් මලගෙයක් වුනොත් අපිට ඔහෙට එන්න සල්ලි නෑ.....
ReplyDeleteබය වෙන්න එපා මල්ලි... මම හොදට එලවනවා...
ReplyDeleteමලගෙයක් උනත් ඔයා මොකද කරන්නේ ආආආආ....
අඩනවද නැහැනෙ....
නැන්දලෑ උඩ තට්ටුවට ගිහින් අපේ පොඩි සෙට් එක එක්ක කැරම් ගහයි..
:(
හෆොයි පරිස්සමෙන්.. වාහෙනට නම් මොනා උනත්.. දඩ කොළ කීයක් ආවත් කමක් නෑ.. ඔයාට හරි පාරේ යන කෙනෙකුට හරි මොනා හරි උනොත්....! ඒ නිසා පරිස්සමෙන්.
ReplyDeleteදන්නවද වැඩක්. කාන්තාවන්ගේ තිබෙන හෝමෝන පිරිමින්ගේ හෝමෝන වලට වඩා වෙනස්නේ........ ඒක ඉතින් මම ඔයාට අමුතුවෙන් කියන්න ඕන නැහැ.
ReplyDeleteමේ හෝමෝන වල වෙනස නිසා කාන්තාවන්ට පිරිමින්ට සාපේක්ෂව අවකාශය පිළිබදව ගත හැකි ක්ෂණික අවබෝධය අඩුයි කියලා දැන් විද්‍යාත්මකව ඔප්පු වෙලා තියෙනවා. උදාහරණයක් හැටියට ගත්තොත් වාහනයක් පදවාගෙන යද්දී තව වාහනයකට ඉස්සර කරනවිට ඉදිරියෙන් එන වාහනයේ වේගය, වේගයට සාපේක්ෂව ලැබෙන ඉඩ ආදී අවකාශය සම්බන්ධ තීරණ ගැනීමට පිරිමින්ට වඩා ගැහැණුන්ට ඇත්තේ අඩු හැකියාවක්. මේ නිසා වර්තමානයේ ගැහැණු පදවන රථ අනතුරට ලක්වීමේ ප්‍රතිශතය වැඩිවෙලා.
ලංකාවෙනම් අපිට වාහනේ යන විදිය දැක්කම කියන්න පුළුවන් එළවන්නේ ගැහැණු කෙනෙක් ද පිරිමි කෙනෙක් ද කියලා.
ඉතින් මේක කිව්වේ ගැහැණු කියන අපිට නැතිවම බැරි අයට අපහාස කරන්න නෙවෙයි. විද්‍යාත්මක සත්‍යයක් නිසා. ඔයත් ඒක ගැන ටිකක් හිතන්නකෝ
@සජීව ඒක නං ඇත්ත. ටග් ගාල කියන්න පුළුවන් එලවන්නෙ ගෑනු කෙනෙක් නං. මම නං කොළඹ පාරවල් වල පයින් යන කොටත් පුළුවන් තරං ගෑනු එළවන වාහන වලින් ඈත් වෙලයි යන්නෙ. මාව දැන් තුන්පාරක් විතර හප්පන්න හැදුවා ඔය කට්ටිය.
ReplyDelete@මධූ ලංකාවෙ ඇවිල්ල එහෙම වාහනේ එළවනව නං අපිට කියල ඉන්න. නැත්තං ඉතිං හැම තැනම මල ගෙවල් හිටියි.
හිටපල්ලකො... මං බොලා ඔක්කොම හප්පලා දානවා...
ReplyDeleteදොඩන් ගෙ කොම්පීතරේ පල්ලා...
හප්පච්චියේ ඔන්න ඩෝං ගිහින්...
ReplyDeleteකොහොමත් අපිට ඔහේ එන්න වෙන්නේ නැති එකේ බය වෙන්න දෙයක් නැහැ.
ඒත් නගේ ලංකාව පැත්තේ එනවනම් කලින් කියලා එන්න.
අඩුම තරමෙ කොහේවත් නොගිහින් දෙරටවත් වෙලා ඉන්න.
මොකෝ ඉතින් හප්පලා දාලා ගියොත් මට මොකාගේ පිහිටද?