Jun 3, 2009

නියපොතු

වෙලාව උදේ 7 යි 41... වැඩට යන්න ඇදුන් අදින ගමන් බ්ලොග් එක ලියන්න මට පිස්සුඩ මන්ද... අද නං මාරම නිදිමතයි... මොකද ඊයෙ රෑ බාප්පල 3 දෙනයි, බබාල 3 යි පුංචියි මමයි බප්පගෙ යලුවෙකුයි ගියා පොඩි උන්ව සෙල්ලන් කරවන්න පුන්චි සතුටු උයනකට... ආවෙ රෑ වෙලා... අර ප්ලේන් එක වගේ උඩ යන එකට යන්න පෝලිමේ ඉද්දි එක පාරට කොල්ලෙක් ඇවිල්ලා මං ඉස්සරහින් හිට ගත්තා මගෙ උරෙස්සෙන් අල්ලගෙන, බය වෙච්ච පාරට මං එයාව තල්ලු ක‍රලා දැම්මා එයාව විසික් වෙලා ගිහින් එතන තිබ්බ වැටේ වැදෙද්දිම මං එයාව අදුර ගත්තා.... මගෙ හොදම යාලුවෙක්... ඉස්කෝලෙ එක බංකුවෙ අපි හිටියෙ.... අනේ මං එයාව බේර ගන්න කියලා පැනල එයාගෙ බාහුවෙන් අල්ල ගත්තත් මගෙ නියපොතු වලට එයාගෙ මුලු අතම සීරැනා... අනේ පවු... ලේ එන්න ත‍රන් සීරිලා.... මට දුකේ බෑ... මං හිතුව මට බනී කියල, අනේ එත් මට බැන්නෙ නෑ... හිනාවෙලා අනේ අනේ උඹ මාව සීරැවා නේද කියල අහල යන්න ගියා... මට නං තාමත් දුකයි... ඒ සීරිච්චි වෙලෙ මං එයාට කිවා "දැන් උඹට සීරැන තැන දකින හැම වෙලාවෙම මාව මතක් වෙයි කියලා" ඉක්මනා හොද වෙන්න කියලා ප්රාර්ථනා ක‍රනවා... වෙලාව 7. 53... ප‍රක්කුත් උනා... මං යනවා ජේසු පිහිටයි...!

8 comments:

  1. වැඩට ගිහිල්ලා ලන්ච් ටයිම් එකේදි කෑම නොකා නියපොතු ටික කාලා දාන්න..

    ReplyDelete
  2. අය්යෝ අර අහක ඉන්න කොල්ලෙක්ට කරපු දෙයක්

    ReplyDelete
  3. අය්යෝ අර අහක ඉන්න කොල්ලෙක්ට කරපු දෙයක්

    ReplyDelete
  4. අනේ හෆොයි අසරණ කොල්ල.මනුස්ස කමට කතාකරන්න ගිහින් කොල්ල කොරගත්තු දෙයක්.හරියට හිසේ කඩාවැටුනු දේවාලය වදින්න ගියා වගේ දෙයක් නේ. ;)‍

    ReplyDelete
  5. අනේ අර කොල්ලට ‍ඌරු උණට ඉන්ජෙක්ෂන් ගැහුවද දන්නෙත් නෑ.. :P :P

    ReplyDelete
  6. කාන්තවන් තුල හැංගිලා තියෙන ස්වභාවික ගතිය සමහර වෙලාවට නිකම්ම එලියට එනවා

    ReplyDelete
  7. හික් හික් නියපොතු... ඔයාටත් මට වගේම යක් නියපොතු ටිකක්නේ තියෙන්නේ.. ඒ වුනාට කමක් නෑ.. ලස්සනයි.. මේ එක නෙවෙයි.. කැඩෙන්නේ නැති වෙන්න මොනාද කරන්නේ?

    ReplyDelete
  8. තිලින >> මරැ අදහස, අනික විටමිනුත් තියෙනවනෙ... හි හි හී

    ඩීප්ස් >> අනේ ඉතින් හත්වලාමෙ වෙච්චි දේට මක් ක‍රන්ටද...

    නැණ පියස >> කරැමෙ කරැමෙ.. හි හි හී

    කනිශ්ක >> ඔයා මොකද ඌරැ උන ගැන ඔය ත‍රන් හොදට දන්නෙ? ඔයත් ඌරෙක් නිසාද? හි හි හී

    ම >> මොකද්ද ඒ කතාවෙ තේරැම.... ?

    මලී >> ඔව් ඔව් යක් නියපොතු තමයි හි හි හී බොහොම ස්තූතියී ලස්සනයි කීවට.. මගෙ නියපොතු හයිය වෙලා තියෙන්නෙ ජාන වලින්... පවුලෙ දෙයක්... ඔයාට නියපොතු හයිය ක‍රගන්න ඌනෙ නන් ජෙලටින් ටිකක් උනු වතුරෙ දිය ක‍රලා ඒකෙ නියපොතු ඔබාගෙන ඉන්න පෙය කාලක් විත‍ර... සතියකට දෙපාරක් විත‍ර ක‍රන්න...

    ReplyDelete