Apr 22, 2009

බස් එක ඇතුලෙ හ‍රකෙක්

ඔන්න මම දැන් චුට්ටකට ඉස්සෙල්ලයි වැඩ ඇරිලා ආවේ. රෑ 8.30 බස් එක අරගෙන හ‍රිම මහන්සී... අද හයි හීල්ස් දෙකක් දාගෙන ගියා ආසාවටත් එක්ක... බස් එකෙන් බහැලා පයින් එක ටිකේදි නං එපාම උනා.. ඒ මදිවට ගෙද‍ර ආවහම අම්මා කෝල් ක‍රලා කියනව උයන්නලු... වැඩ ක‍රන තැන නන් ඒ හැටි වැඩක් නැහැ... එතන නිබ්බ පත්ත‍ර සග‍රා සේරම මම කියවල ඉව‍්ර කලා.. ඒ හැම කතාවක්ම හ‍රිම ලස්සනයි... එත් පුදුම විදිහට බොලදයි... මම ඉතින් හීන මව මව ඒවා කියෙවුවා... එතන පාරේ අයිනෙම නිසා.. මම වීදුරැව ලග ඉන්න නිසාත් මට හිතෙන්නෙ මම අර ෂෝ රෑම්ස් වල දාලා ඉන්න ඩැමියක් වගේ... පාරේ සිද්දවෙන හැම දේම මම බලන් ඉන්නෙ.. ඉතින් එහෙම ඉන්නකොට පොඩි පොඩි දේවල් දකිද්දී ඒක ගැන හිතද්දි හිමින් හිමින් හිත හිතිවිල්ලක් දිගේ ඈතටම යනව... අතීතයෙ සිද්ද වෙච්ච එක එක රසවත් දුක්බ‍ර මතකයන් අත‍රට යනවා... අන්න එහෙම ගිය එකක් තමයි මේ.. ඒක මතක් වෙලා මට තනියම හිනා ගියා ඉතින්...

පහු ගිය අවුරැදු වල හැමෝටම වගේ මටත් ටිකක් ජංගම දුරකතන පිස්සුව තිබුනා... හැබැයි මට ඒ වෙද්දි තිබ්බෙ හද්ද ප‍රණ නොකියා 8310... ( මරැ ෆෝන් එක.. මම 2003 - අද දක්වාම එලකිරි වගේ වැඩ ) අපේ අම්මට තියෙන්නෙ වී ත‍්රී ඉක්ස් මොටෝරෝලා ඒකේ ඉතිං වැඩ කිඩ ටිකක් එහෙම දැම්මහැකි... මම අම්මට විහිලුවක් ක‍රන්න හිතාගෙන ෆෝන් එක අරගත්තා. ඔන්න එදා අම්මා රෑ වැඩ ඉව‍ර වෙලා බස් එකේ එද්දී එක පාරටම අමුතු සතෙක් කෑ ගහන්න පටන‍් අරන් "උම්බෑ... උම්බෑ.... ආන්ස මී..." කියලා... බස් එකේ මිනිස්සු කලබල වෙලා වටපිට බලනවලු මොකාද මේ කෑ ගහන අමුතු සතා කියලා... අම්මත් බයවෙලා හොදටම... බලද්දි අම්මගෙ ෆෝන් එක.... බස් එකේ සේරම මිනිස්සුන්ට හිනාලු...


(මම කලේ අම්මගෙ ෆෝන් එක අරගෙන එකේ හ‍රකෙක් කෑ ගහන විඩිහට රෙකෝඩ් කලා.. ඒක සේව් කරලා අම්මාගේ රින්ග් ටෝන් එක හැටියට සෙට් කලා... හි හි හී... මේ වැඩේම මම මල්ලිටත් කලා... වෙලාවට එයා ඉස්කෝලෙ ඉද්දි රින්ග් වෙලා... එදා නන් මම හොදටම එයාගෙන් දෙහි කපා ගත්තා... හැබැයි මල්ලිට දදුවම් ක‍රලා නෑ.. මොකද ඒ ප‍්රොෆෙසර් ටත් හිනාලු... )

6 comments:

  1. එළකිරි වැඩක්නේ හික් හික් හී

    ReplyDelete
  2. හෆොයි මේ කෙල්ල කරන වැඩ.........!! :P කවදා ඉදන්ද වැඩට යන්නේ කිවුවේවත් නෑ.......!! :(

    ReplyDelete
  3. හොඳ අදහස.
    මාත් දාන්න ඕනේ බල්ලෙක් උඩුබුරලන සද්දේ.

    ReplyDelete
  4. ඔයා නම් මාරයි,
    හැබැයි කල කම් පලදේ කියලා කතාවක් තියෙනවා

    ReplyDelete
  5. මනූශාන් >> ඔයත් ක‍රල බලන්න.. හැබැයි ගුටි කන්නත් බලාගෙන...හි හි හී

    ---------------
    යුරාජ් අයියා ට>>
    මම වැඩට යන්නෙ හිතෙන් හිතෙන දවස් වලට..
    ඔන්න අද ගියේ නැහැ වහිනව කියලා..

    ---------------
    ම>> බල්ලෙක් ලවුවා උඩු බුරලන්නෙ නැතිව ඔයාම උඩුබුරලා රෙකෝඩ් ක‍රන්න... එතකොට තමයි ආතල් එකක් තියෙන්නෙ... හි හි හී

    ---------------
    පොඩ්ඩා >> විහිලුවක්නෙ අනේ... ඇයි ඔහොම සීරියස් ගන්නේ.... :)

    ReplyDelete
  6. මම දාගෙන ඉන්නෙ පූසෙක් කෑ ගහන සද්දයක්.

    ReplyDelete