Apr 7, 2010

නිදිගත් මෙහෙයවන්නා Sleep Dealer


මේ දවස් වල මට බලන්න ලැබුනා ගොඩක් ලස්සන ෆිල්ම් වගයක්... මේ දැන් බලල ඉවර උන එක ගැන කියන්නං... හරිම ලස්සන කතාවක් මේක හැබැයි ඒක මනංකල්පිත කතාවක් (ෆැන්ටසි), මේ ෆිල්ම් එකේ නම නිදිගත් මෙහෙයවන්නා හෙවත් Sleep Dealer...
මෙන්න ලින්ක් එක, කැමති කෙනෙක් ඉන්නවා නං online streaming බැලුවහැකි megavideo එකෙන්

කතාව මෙහෙමයි:

මෙම් කියන තරුණයා තාක්ෂනය ට ගොඩක් ඇබ්බැහි උන කෙනෙක්, නමුත් ඔහු පදින්චි වෙලා ඉන්නෙ මෙක්සිකෝවෙ තිබෙන ඉතාමත් පිටිසර පෙදෙසක... මෙම් ඔහුගේ තාත්තා අම්මා හා අයියා සමග වගා කරමින් තමයි ජීවත් වෙන්නෙ... මෙම් ගෙ සිහිනය තමයි මේ ගමින් ඈතට ගිහින් (ඇමරිකාවට) රස්සාවක් කරන එක... මේ තරුණයා නිදහස් වෙලාවට කරන්නෙ ඔහු විසින්ම තනාගත්ත දුරකතනයක් වගේ යන්ත්‍රයකින් ලෝකෙ අනිත් රටවල මිනිසුන්ගේ දුරකතන ඇමතුම් වලට සවන් දීම... නමුත් එක දවසක් මොහුට අසන්නට ලැබෙන්නේ ඇමරිකාවේ ආරක්ශක අංශයකට සම්බන්ද ඇමතුමක්.... ආරක්ශක අංශය එවෙලෙහිම මොහුව සලකුනු කරගන්නවා... එසැනින් අවිගත් ජෙට් යානාවක් මොහුගේ නිවස කරා ඇදෙනවා.... එතැන් පටන් තමයි හරිම කතාව පටන් ගන්නෙ...

7 comments:

  1. හරි අපිත් උත්සාහා කරලා බලන්නම්...

    ReplyDelete
  2. ලින්ක් එක වැඩ කරන්නෙ නැහැ.. ප්‍රංශ ෆිල්ම් එකක්ද..ටොරන්ට් එකෙත් හෙන අස්සක තිබිලා හම්බ උනෙ.. හරි මම බලලා කියන්නම් ඔය දුන්නු ෆිල්ම් එක මල්... ද ජිල් ...ද කියලා..

    ReplyDelete
  3. සමාවෙන්න ලින්ක් එකේ වැඩිපුර වැදිලා
    http://www.megavideo.com/?v=W04ZVKOU
    මේක උත්සහ කරන්නකො

    ReplyDelete
  4. ඔන්න මම බලපු තැන පෙන්නන්නන්කො
    http://italia-film.com/film-fantascienza/7086-sleep-dealer-subita-streaming-film-megavideo.html

    ඕකෙන් megavideo එකෙන් තමයි බැලුවෙ

    ReplyDelete
  5. යාලුවෝ මට කියන්නේ Science Fiction මරුවා කියල.. කොහේ හරි තියෙන Science Fiction පොතක් හරි Movie එකක් හරි අහුවුනොත් අතාරින්නෙම නැති හන්දා... බැලු බැල්මට නම් මේකත් Science Fiction එකක් වගේ... මම මේකේ Trailer එක බලලා තිබුණා.. ඒත් නම අමතක වෙලයි තිබ්බෙ... ස්තූතියි සිස්.. මේක බලලම අදහස් කියල යන්න එන්නං...

    ReplyDelete
  6. කතාවේ ඉතිරියත් ලිව්වා නම් බැලුවේ නැතත් කතාව දන්නවා නේ! ම‍ා කතාව දන්න චිත්‍රපට බලන්නයි කැමති නැත්තම් නිකත් කාලය නාස්ති වෙනවා! ස්තූතියි දැනුවත් කිරීමට. . .

    ReplyDelete