Mar 27, 2010

සිංහල අකුරු තනන්න

මේ දවස් ටිකේ මම වැඩ වර්ජනයක... ඇත්තම කිවුවොත් බලෙන් නිවාඩු ගත්තා... මහන්සී නිසා... ඔහොම ඉද්දි මට ශෝක් වෙබ් අඩවියක් හම්බ උනා... මම හිතන්නෙ ඔයාලටත් ප්‍රයෝජනවත් වේවි.

මේ වෙබ් සයිට් එකෙන් විවිධ අකුරු තැනුවහැකි.. සයිට් එකේ නම: http://fontstruct.fontshop.com

මුලින්ම මෙකේ sign up වෙලා ඊට පස්සෙ තමන් නිර්මානය කරන්න යන අකුරු පන්තියට නමක් දෙන්න ඊට පස්සෙ පල්ලෙහා screen shot එකේ පිලිවෙලට යන්න.

  1. fonstructor එකට යන්න
  2. භාෂාව වෙනස් කරන්න... (මෙහි සිංහල ඇත)
  3. all bricks වලින් රිසි හැඩය තෝරා ගන්න
  4. පැන්සල තෝරා ගන්න
  5. හිස් අවකාශයෙ අකුර නිර්මානය කරන්න
  6. අනෙක් අකුර නිර්මානය සඳහා යන්න.. (සියලුම අකුරු මේ ආකාරයෙන් නිර්මානය කර ගන්න)
  7. අවසානයේ දී save කරන්න
  8. font file එක control panel ගිහින් carracter folder එකට drag කරන්න...

6 comments:

  1. අකුරු නම් කොහෙන් හරි හදාගත්ත හැකි... මම දැනුයි දැක්කෙ.. ඔයා කියවලා තියනවද...? ඈනා ෆ්රෑන්ක් ගෙ The Diary of a Young Girl... මම ගොඩාක් ආසයි.. කොටින්ම කියනව නම් මෙ කතාව ටිකක් කියෙව්වට එ සම්බන්දව තිබුනු විස්තර ඔක්කොම හෙව්වා. මම ෆිල්ම් එකක් බලලා තමයි දැන ගත්තෙ මෙ ලොකෙ ඈනා ෆ්රෑන්ක් කියලා කෙනෙක් හිටපු බව.. සින්ඩිය හින්දා දැනගත්තා මධු කියලා අක්කා කෙනෙක් හිටපු බව...

    ReplyDelete
  2. මම 7 වසරෙ ඉන්නකොට අපිට ඇනා ෆ්‍රෑන්ක්ගෙ ඩයරි එකේ කොටසක් පාඩමකට තිබුනා, ඊට පස්සෙ විශය නිර්දේශය අනුව එක්කන් ගියා නාසි වධකාගාරයක් බලන්න, වදකාගාරෙ දැක්කහම මට ඇනාගෙ කතාව මතක් වෙලා ගොඩක් දුක හිතුනා, ඊට පස්සෙ මාත් ඩයරියක් ලියන්න පටන් ගත්තා... වයසින් වැඩෙද්දි කඩදාසි ඩයරිය පැත්තකට දාල මම ඩිගිටල් ඩයරිකයකට බැස්සා... ඒ හේතුව නිසා ඔයාලා හැමෝම මට හම්බ උනා... ඉතිං බලන්න කොච්චර ශෝක් ද කියලා :)

    ReplyDelete
  3. මධු හොයාගෙන බලන්න
    The Boy In The Striped Pyjamas (2008) මම ආසම කරන ෆිල්ම් එකක්.. මම තවම මතක් කරනවා ඇන් ෆ්රැන්ක් ව මට හම්බ උනෙ කොහොමද කියලා හැබැයි එයාව මට හම්බ උනෙ මිට අවුරුදු දෙකකට විතර ඉස්සල්ලා.

    ReplyDelete
  4. රවා>> මට ඔය යුද්ධ කතා වගේම හොල්මන් කතාත් බලන්න බැහැ... රෑට හීනෙන් පේනවා, නින්ද යන්නෙ නෑ... ඕක බැලුවොත් මට වෙන්නෙ දවස් ගානක් අඬන්න... මට ඇනා ව හම්බුනෙ අවුරුදු 11 කට විතර ඉස්සර.

    ReplyDelete
  5. ශෝක් ශෝක් ශෝක් ශෝක් ශෝක් ශෝක් ශෝක් ශෝක්

    ReplyDelete
  6. ගොඩක් ප්‍රයෝජනවත් දෙයක් මදූ...භෙදා ගත්තට ගොඩක් ස්තූතීයී..ඒ වෙග්ම තේරුම් ගන්න පුලුවන් විදිහට ලස්සනට , සරළව පැහැදිලි කරල තියෙනවා.... shashi

    ReplyDelete