Mar 19, 2010

සිහින වලට පාට දෙන්න

පාටකුත් නැතී....
සුවඳකුත් නැතී...
නින්දෙදී ඇදී...
මතකෙනුත් මැකී...
සිතට වද දෙතී....

ඈතටම යතී....

සැබෑවක් නැතී....

අල්ලනුත් බැරී....

ආයෙ එන්නැතී...
සිහිනයක් සකී...

මට කවි ලියන්න හරිම අමාරුයි ඒත් හීන වලට මම ආස නිසාම මේක ලිවෙ... අනික දැන් වෙලාව පාන්දර 1.00 යි... මම තාම රෑට කාලත් නෑ... වැඩට ගිහින් ආපු ගමන් ජැකට් එක වත් ගැලෙවුවෙ නෑ... දින පොත පාලුවට අරින්නත් බැරි නිසා බැරි බැරි ගාතේ ඕන් මම හිතෙන් අහුල ගත්ත වචන ටිකක් එක් තැන් කරලා නිසන්ඳෑසක් වගේ දෙයක් ගොණු කලා... මම දන්නවා මගේ සිංහල වියාකරන එහෙම හොඳ නෑ කියලා... ඒත් දන්න ව්දිහට ලියලා හිත හිස් කලා....

8 comments:

  1. මධු
    අපි ඇස් ඇරගෙන දකින හීනත් ඔය වගේමයි. නේද?
    සුභ දවසක්

    ReplyDelete
  2. හීනනම් හොදයි තමයි කොයිදේටත් වඩා

    ReplyDelete
  3. හීන වලට කවුද අකමැති.
    මමත් ව්‍යාකරණ දන්නෙ නැහැ. ඒ උනත් නිසදැස නම් රස වින්දා.

    ReplyDelete
  4. ජීවිතය කියන්නේ නොලැබීමේ ඉදලා ලැබීම දක්වා බලාපොරොත්තුවේ පහන දල්වාගෙන පරිස්සමින් යන ගමනක් කියලා සමනලී අහලා තියෙනවා.... හීන කියන්නේ අපේ හිතේ ගැඹුරුම තැන තියෙන බලාපොරොත්තු අපිට මතක් කරලා දෙන පුංචි මායාවක්....

    ReplyDelete
  5. ඔයා බලලා තියෙනවද මනිරත්නම්ගෙ Guru චිත්‍රපටය.. ඒකේ සංවේදි අවසානයේ ගුරු බායි හීන ගැන මෙහෙම කියනව..

    “සිහින දකින්නට එපා...
    සිහින කිසිදා සැබෑවන්නෙ නැති යැයි මගෙ පියා විසින් නිතරම කියන්නට යෙදුණි..
    නමුදු මම සිහින දැක්කෙමි...“

    ඔයා අමාරුවෙන් ලිව්වැයි කියපු පැදි පෙළ දැකපු ගමන් මට මතක් වුණේ ඒක..
    හීන ගැන කියන ඔයාගෙ අදහසත් ඒ තරමටම සංවේදියි..
    මාත් අවංකවම රස වින්ඳා...
    අපූරුයි !!!

    ReplyDelete
  6. හම්මෙ මෙන්න යන්තං ගෑනු ළමයා කාලයකට පස්සේ ඇවිත්.
    මෙ හලෝ ඇයි අර ෆොටෝ එක අහක් කලේ. මාගේ බලවත් විරෝධය.

    කවිය හොදා, කෙටි විරිතෙන් හැම දේම කියවිලා තියෙනවා.

    ReplyDelete
  7. ලස්සනයි මධු.

    ReplyDelete
  8. ආ.... අක්කා... ඔය ලියලා තියන්නෙ ලස්සන කවියක්.. අපුරුයි මම අදයි දැක්කෙ....

    ReplyDelete