Feb 8, 2010

ඔලුව මැදින් නරක් වෙච්ච...

මට ටිකක් තරහා ගිහින් ඉන්නෙ... ඉතිං ඒක පිට කරන්න දිනපොතේ ලියන්න හිතුවා...
අපි ලංකාවෙන් ගොඩක් ඈත ජීවත් උනත් කන්නෙ බොන්නෙ ලංකාවෙ විදිහට.... ටිකක් ගනන් වැඩි උනත් අපේ රටවල වැවෙන එළවළු ජාති තමයි ගන්නෙ... ලංකාවෙම වැවෙන එළවළු කොළ ජාති මෙහෙ ඉදන් කන්න නං සල්ලි ගස් වලින් කඩන්න වෙනවා... ඔන්න ඕක තමයි මට තරහ ආව හේතුව... අපේ මෝඩ දේශපාලකයො නිසා අපි කන බොන මුදලුත් යන්නෙ බංග්ලාදේශය කියන රටට. පැහැදිලිවම කිවුවොත් කතාව මේකයි.

ලංකාවෙ සිට යුරෝපයට කිලෝග්‍රෑම් එකක් ගෙන්වන්න ඇමෙරිකන් ඩොලර් 2.40 ක් වැය වෙනවා... ඒ ලංකාවෙ ගනන්...
නමුත් බංග්ලාදේශයෙ සිට යුරෝපයට කිලෝග්‍රරැම් එකක් ගෙන්වන්න වැය වන්නේ ඇමරිකන් ඩොලර් 1.00 ක් පමණයි.....
සෑම කිලෝග්‍රෑමයකටම ඇ. ඩො 1.40 ක් වැඩිපුර දෙන්න වත්කමක් අපිට නැහැ... ඉතින් යුරෝපයේ ජීවත්වෙන අපි මිලදී ගන්නෙත් බංග්ලාදේශයෙන් ගෙන්වන එළවළු.

අනෙක් අවනඩුව නම් ලක්ෂ 4 1/2 ක් පමන ශ්‍රී ලාංකිකයින් වෙසෙන මේ යුරෝපයේ ලාංකීය තොගවෙලෙන්දන් නොමැති කම... මෙය ඉතාමත් ලැජ්ජාවට පත්වීමට කරැණක්.... බහුතරයක් චීන සහ බංග්ලාදේශ, ඉන්දීය තොග වෙලෙන්දන් ශ්‍රී ලාංකීය වියලි ආහාර ඔවුනට රිසි ඉතාමිල අධික මිලගනන් වලට සිල්ලර වෙලෙන්දන්ට විකුණන අතර අසරණ පාරිභෝගිකයන් එමනිසා ඉමහත් අපහසුතාවයකට පත්වේ....

අවසන් වශයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය කරන්නා වූ බෙදාගෙන නොව බදාගෙන කෑම් නිසා ලාංකීය අපගේ දුක් මහන්සියෙන් උපයන මුදල් අන්ය රටවල් වල දිව්නුව සදහා යෙදෙන අන්දම ඉතා කණගාටුදායකයි....

අදාල බලධාරීන් ගේ ඇස් කන් ඇරී මේ තත්වය යහපත් අතට හැරේවායි පතමින් අවසන් කරන්නම්...

27 comments:

  1. නංගී මට හිතෙන්නේ ලංකාවේ එළවළු මිල ගනන් දැන් ඔයා දන්නේ නැති නිසා එහෙම කියනවා ඇත්තේ..
    ලංකාවේ එළවළු යුරෝපයේ එළවළු වලට වඩා ගොඩාක් ගනන්.. නිශ්පාදන වියදම වැඩී..

    උදාහරනෙකට කියනවා නම් කිකිළි බිත්තරයක් ලංකාවේ හදලා විකුනන්නේ රුපියල් 15කට නම්, වෙන රටකින් ගෙනත් ලාබෙකුත් තියාගෙන රුපියල් 12කට විතර දෙන්න පුළුවන්ලු. ඒ වගේ තමයි අනිත් ඒවත්.. එළවළුත්..

    ඉතින් මම නම් කැමතියි, මෙහේ වැවෙන එළවළු කන්න, ලාබෙට.. මොකද ලංකාවේදී මට, එළවළු කන්න වත්කමක් නැති නිසා..

    ReplyDelete
  2. අයියද මල්ලිද මම නොදනිමි කෙසේ හෝ වේවා මම කතා කරන්නේ එළවළු මිල ගනන් ගැන් නොවෙයි... ට්‍රාන්ස්පෝර්ට් මිල ගනන්.... මම ලියලා තියෙන දේවල් බොරු නෙමෙයි...
    ගොටුකොල, මුකුනුවැන්න වගේ කොළ ජාතිත්, බණ්ඩක්කා කරවිල වගේ උශ්න කලාපීය රටවල වැවෙන දේවල් මේ රටවල වැවෙන්නේ නැහැ... මම කියන්නෙ බංග්ලාදේශ් වගේ 3 වැනි ලෝකෙ රටක් ඇ.ඩො 1 කට ට්‍රාන්ස්පෝර්ට් කරනවා නම් ලංකාවට ඇයි එහෙම කරන්න බැරි? බංග්ලාදේශය දවසින් දවස දියුනු වෙනවා... මගේ පැතුම අපි හම්බකරන හැම සතේම ලංකාවට යනවානම් හොදයි කියලායි...

    ReplyDelete
  3. ඔයා හරි, ඔයා කියන දේ මට තේරෙනවා.
    ඒත්, අපේ රටේ එහෙම කරන්නේ කොහොමද නංගී??

    එළවළු වල නිශ්පාදන මිල, අනිත් රටවල් වලට සාපේක්ශව වැඩි නම්..
    හෙචින් සහ අනිත් මගඩි නිසා ඉන්ධන මිල වැඩි නම්..
    ලොකු ලොක්කෝ හැම දේකින්ම පගා ගහන්න බලාගෙන ඉන්නවා නම්..

    ඉතිං, අපිට එහෙම අඩු මිලට ට්‍රාන්ස්පෝට් බලාපොරොත්තු වෙන්න බෑ...
    ඒ හැම මගඩියකටම යන සල්ලී, කපාගන්නේ ඔය ට්‍රාන්ස්පෝට් වලට යන ගානෙන් තමයි.

    ReplyDelete
  4. අනිත් එක අපිට පිට රට යවන්න තරම් එළවළු අතිරික්තයක් නෑනේ..
    පිටරට යවන්න එහෙම ලේසියකිනුත් බෑ..
    HACCP Approval එක ගන්න ලේසියකින් බෑ...
    මෙයාලා කොලිටි එක ගොඩාක් බලනවානේ.. ඒකයි Sri Lankan අය මේක කරන්නේ නැත්තේ...

    ReplyDelete
  5. අම්බෝ මම මුකුත් කියන්නේ නැහැ ... හොදටම තරහ ගිහින් අපේ පිස්සාට පිස්සු හැදේන්න කතා කරලා "අයියද මල්ලිද මම නොදනිමි"

    ReplyDelete
  6. මම ඉතින් නොදන්න දෙයක් නැහැනේ
    HACCP - hazards analysis and critical control point
    [හරිද දන්නේ නැහැ ....]

    ඔක ඔය iso 20000 / 9000 වගේ ආහාර වලට තියන පුමිති කරණයක් ....

    ReplyDelete
  7. බුදු වැපෝ, උඹ ආපු එක හොදයි..
    මම මේ මෙයාට පණ බයේ හිටියේ...

    ReplyDelete
  8. මගේ පඩුපුල් අසුන උනු උනා එකයි මම බැලුවේ. බැලින්නම් අපේ පිස්සට කරදරයක් ....

    ReplyDelete
  9. HACCP රෙජිස්ටර් එක ගැන මමත් ඉස්කෝලෙ ඉගෙන ගත්තා... හැබැයි හරිම අසාධාරනයි මේ වැඩේ නං

    ReplyDelete
  10. දැන් ඔයා මාත් එක්ක ශේප් ද? හෙ හේ..

    ඒකේ ඇති අසාධාරණයක් නෑ.. එහෙම තමා හැම දේකම ප්‍රමිතියක් තියෙන්න ඕනනේ.. නැත්නම් හැම කුණු ගොඩාක්ම මෙහේ එවයි නේ...

    ReplyDelete
  11. මේ හලෝ මම කතාකලේ HACCP එක ගැන නෙමේ...
    ඒක අනිවාර්යයෙන්ම තියෙන්න ඕනෙ දෙයක්...
    මම කතා කරන්නෙ මගෙ ප්‍රධාන මාතෘකාව ගැන නොහොත් ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් කරන මංකොල්ලය ගැන...

    දැං ඔයාට ඕනෙ මාත් එක්ක ෂේප් වෙන්නද?

    ReplyDelete
  12. ඔව්,,ශේප් වෙන්න ඕනේ..

    ReplyDelete
  13. ඔයා කොහොමද මට නංගි කියන්නේ?

    ReplyDelete
  14. බොලං නංගී, මම තොට වඩා වැඩිමල් නිසා, එහෙම කිව්වේ.
    මට අවුරුදු 24ට වඩා වැඩි නිසා.. තේරුනාද?

    ඇයි?? එහෙම කියන්න එපාද?

    ReplyDelete
  15. සොරි අයියෙ...

    ReplyDelete
  16. කමක් නෑ, නංගී,,,
    අපි දෙන්නා හොද යාළුවොනේ දැන් ..

    ReplyDelete
  17. එදෙන්නා යාලු උනා .... උදව්වට ගිය මම නොන්ඩි උනා ... මටත් හොද වැඩේ ..... :)

    ReplyDelete
  18. ප‍ට්‍ට‍ ස‍ද්‍දෙ‍නෙ‍.comment එ‍ක‍ක්‍ දා‍න්‍න‍ත්‍ බ‍ය‍යි‍.(මෙ‍හෙ‍ම‍ කි‍ව්‍වෙ‍ මේ‍ ගැ‍න‍ කි‍ය‍න්‍න‍ ද‍න්‍නැ‍ති‍ නි‍සා‍)

    @වැ‍ප්‍ --- ඕ‍ක‍ වෙ‍න‍වා‍ කි‍ය‍ලා‍ දැ‍න‍ ගතතේ අ‍ද‍ද‍ ?

    ReplyDelete
  19. හපොයි, වැපෝ,,,, මාව බේරගන්න ඉදිරිපත් වුනු අතිජාත මිත්‍රයෝ,
    උඹට මගේ ආමාශයෙන්ම හටගත් ස්තූතිය මෙයින් පුදකර සිටිමි..
    ඇය සමඟ හටගත්තා වූ බැදීම, සහෝදරකමක් පමණක් බවද කියනු රිසියෙමි.

    @ isaman- ඔන්න ආවා වැපාව අවුස්සන්න.. හප්

    ReplyDelete
  20. පිස්සාට උදව්ට පැමිණි මාද , මාහට උදව්ට පැමිණි isaman ද, මධු හා සහෝදරකමින් බැදිමටකට කැමැත්තෙමු .... [isaman උබත් කැමති නෙ.. ..?]

    ආමාශයෙන්ම හටගත් ස්තුතිය ටිකක් විතර දිරවගන්න අමාරැ වෙයි, නැද්ද වෙන තැනක් ඔය ස්තුතිය පුද කරන්න?

    ReplyDelete
  21. @වැප් -----

    හ්ම්ම්.. ඒකෙ අවුලක් නැ.

    @පිස්සා -----

    සහෝදරකමක් හැර අන් දෙයක් අපිද අදහස් නොකලෙමු. එහෙම නේද වැප්? (විහිලුවට).

    කො මේ වෙලාවකට හ‍රිම අහිංසක, වෙලාවකට නපුරැ, වෙලාවකට සංවේදී, වෙලාවකට ටිකක් පිස්සු, වෙලාවකට හ‍රිම කම්මැලි, වෙලාවකට ටිකක් මෝඩ, වෙලාවකට ටිකක් අමුතු සාමාන්‍ය ළමයා?..

    ReplyDelete
  22. බැරිවෙයිද අපිටත් බංගලිදේශෙන් වත් ලාබෙට එළවළු ටිකක් ගෙන්න ගන්න, මොකො මේ දවස් වල ලංකාවේ එලවලු ගිණි ගනන්

    ReplyDelete
  23. ආදරයෙන් සාදරයෙන් සහෝදර සහෝදරියන් සියලු දෙනාවම පිලිගන්නෙමි :)

    චුට්ටක් වසයි... ඒ උනාට මම හොද ලමයෙක්.. :)

    ReplyDelete
  24. ම >> දුක තමයි... ඔයාට බැරිද වත්තෙ හිටවන්න මොනා හරි එලවලුවක්?

    ReplyDelete
  25. "ම" ඉන්න අමාරුව දන්නවා ඇත්තේ ඌ විතරයි. තව එළවලුත් වවපල්ලකො.

    ReplyDelete
  26. කොහිල කිලෝ එකක් කීයද ඔය පැත්තේ?

    කතන්දරකාරයා

    ReplyDelete