May 26, 2009

පහුගිය දවස්

පහුගිය ටිකේම හ‍රිම බිසී... ඉතිං ලියන්න වෙලාවක් තිබුනෙ නෑ... සති අන්තයෙ ගෙදර යන්න හිතන් හිටියත් අන්තිමට ගියෙ නෑ... ගිය ඉරිදාවක රෑ චයිනීස් කාලා සන් ජුලියානෝ පාක් එකට ගිහින් ඇවිද්දා... ඒ පාක් එක හරිම ලස්සනයි... කලපුව අයිනෙ නිසා මුහුදු හුලන් ගොඩයි... මේ සතියෙ ගෙද‍ර කාලා පාක් එකට ගිහින් ඇවිද්දා... දීපා බාප්පයි පුංචි ලොරෙන්සෝයි, ආසියා නංගීයී අශේන් මල්ලී බාප්පයි පුංචියී මායි... පොඩි උන්ටික බයිසිකල් අරන් ගියනිසා උන් ඒවා පැද්දා... ඉරිදා එක්කෙනෙක් අස් උන නිසා දැන් වැඩ වැඩීයී... ඊයෙ අදුරන අයියා කෙනෙක් ඇවිල්ලා මට පොත් දෙකක් දුන්නා... මම ඊයෙම එකක් කියවලා ඉව‍ර කලා... එඩ්වඩ් මල්ලවාරච්චි ගෙ "පතා ආ සැටි" හ‍රිම ලස්සනයි... මම පාන්ද‍ර 1 වෙනකන් නිදිම‍රාගෙන කියෙවුවා එත් උදේ නැගිටිද්දි නං මාර අමාරැයි... මේ දවස්වල පුදුම රස්නයක්.... ඉවසන්න බෑ... අද වැඩ ඇරිලා ආ ගමන්ම බාත්රෑම් එකට පැනලා ඇග හෝද ගත්තා... නිවන් ගියා වගේ... හෙට අනිත් පොත කියවන්න ඔන... පොඩිඋන් දෙන්නට මම සිංදුවක් දාලා දුන්නා... උන් දෙන්නා මෙතන ඇද උඩ උඩපැන පැන නටනවා... දැන්නන් මට මහන්සියී... ගිහින් පොඩ්ඩක් නිදාගන්න ඕනෙ... පුංචීයී බාප්පයි සුපර්මාකට් එකට ගියා තාම නෑ... මං නිදාගත්තොත් පොඩිඋන් දෙන්නා මොනා ක‍රගනීද දන්නෙ නෑ... එයාලා ආවහමම නිදියනවා... ඊයෙ අවුරැදු උත්සවේ විඩියෝ එක බැලුවා... හිනාකාලා පන ගියා...

7 comments:

  1. දොයියන්න දොයියන්න සුබ නින්දක් :D

    ReplyDelete
  2. මේ රෑ ගමං යන්නේ පරිස්සමෙන් ආරංචි වෙන්නේ ඔය දීපකරේ කාඩවරුන්(කොටි හිතවාදීන්) ගහනවා කියලා කතාවක්.
    මේ‍ දිනවල ඔහේ උෂ්ණත්වය කියද අක්කේ?

    ReplyDelete
  3. රස්නේ නම් A/C එක ඔන් කරන්න

    ReplyDelete
  4. දොයි දොයි දොයිය අක්කියෝ.....
    හි..හි..

    ReplyDelete
  5. මොන්ටිසෝරි යන පොඩි එකෙක් කියෝගෙන කියෝගෙන යනව වගේ එකක් නෙ මේක.
    මට මතක් වුණේ 'අපූරු ඉස්කෝලෙ' පොතේ තියෙන ටොට්ටෝ චං කියන ගැහැණු ළමයගෙ කතාව.

    ReplyDelete
  6. මනූශාන ්>> දොයියන්න ලැබුනෙ නෑ මල්ලි එදා...

    බින්කු >> යක්කුන්ට බය නන් සොහොනෙ ගෙවල් හදන්නෙ නැහැනෙ මල්ලි.... කොටින්ට බය නෑ අපි... අපිට ගැහුවොත් අපිත් ගහනව... 36° C තිබුනෙ එත් පෙරෙදා ඉදලා නන් සීතලයි..

    තිලින >> තෑන්ක් යූ අදහසට හි හි හී..

    නැන් පියස >> මල්ලි බබාල නලවන්නත් දන්නවද... හි හි හී

    ශාකුන්තල >> හදීසි වැඩි කමට ලියගෙන ලියගෙන ගියා.. කවුද මල්ලි ඒ ගෑනු ලමයා...

    ReplyDelete
  7. මෙන්න මේ පොතේ සිංහල පරිවර්තනය තමයි මම කියවපු පොත.
    http://en.wikipedia.org/wiki/Totto-chan,_the_Little_Girl_at_the_Window

    ReplyDelete