Apr 14, 2009

ප‍රණ අවුරැද්ද සහ අලුත් අවුරැද්ද...

අද අළුත් අවුරැද්ද...

අද උදෙත් ඇහැරැනේ නිරෝශා ගේ සිංදුවකින්... අම්මා හැමදාම උදේට කන පැලෙන ත‍රන් හයියෙන් සිංදු දානවා අපිව ඇහැරෙන්න... පහුගිය අවුරැද්දෙම දැම්මේ සුරේන්ද‍්ර ගේ සිංදු... ඉතිං උදේට ඇහැරෙන්නේ ඒ මිනිස්සුන්ට බැන බැන... පවු... අම්ම ක‍රන වැඩෙන් අපිට ගායකයො එපා වෙනවා... ඔන්න ඉතින් නැගිටලා තේ බිවුවා.. අම්මා අද කිරිබත් හදලා... හැබැයි ලුණු මිරිස් නං හදලා නැහැ.. රස වැක්කෙරෙන සවි හට්ටියකුත් හදලා හකුරැත් දාලා... රසම රසයි... එකත් බීලා මම නා ගන්න කියලා හැදුවෙ.. මල්ලි ඇවිල්ලා වද දෙනවා කොන්ඩෙ ටිකක් කපන්නලු... ඒ ලමයගෙ කොන්ඩෙ මාර ඉක්මනට වැවෙන්නෙ... මම ඉතිං බාබර් කෙනෙක්යැ... ඒත් ඉතිං පවුනෙ කියලා කැපුවා... මාර කේස් එක... මගෙ අතින් එක තැනක වැඩියෙන් කැපුනා.. හොද වෙලාවට ඔලුවෙ පිටිපස්ස පැත්ත නිසා මල්ලිට පේන්නෙ නෑ... මල්ලි කොන්ඩෙට තියෙන්නෙ මාර ආද‍රයක්... භක්තියක්... අර මීයා කාපු තැන දැක්කා නං මිනිහා මාව කයි.., මම ඉතිං හෙන ගේම් එකක් දීලා කොහොම හ‍රි අර මීයා කාපු තැන ෂේප් කලා... දන්නැති weddings ක‍රන්න ගියහම ඕක තමයි වෙන්නෙ...

සාමයෙන් සෞභායෙන් සපිරි සුභ නව වස‍රකට ලක්වාසී සියලු දෙනාට (කොටි ඇරෙන්න) මම ආසිරි පතනවා....!





අද ප‍රණ අවුරැද්ද... 13/4/09

අද නං ඉරිදා නිසා නිවාඩු... ගේ ටිකක් අස් ක‍රලා අන්තර්ජාලයේ රවුමක් ගැහුවා...
මූණූ පොතට ගිහින් හැමෝටම අලුත් අවුරැද්දට සුභ පැතුවා.. මගෙ කටට රසට බ්ලොග් අඩවියත් ටිකක් හැදුවා... අවුරැදු කාලේ නිසා කැවිලි ටිකක් හදන හැටි දැම්මා... වෙන නං මොකුත් කලේ නෑ... තාත්තා සන්ෆ්ලවර්ස් ලගෙ සංගීතෙ බලන්න ගියා... මම ෆිල්ම් එකක් බල බල උයලා කාලා නිදා ගත්තා..

8 comments:

  1. අද තමයි බ්ලොග් එක දෑක්කේ.ඔබට සුභ අලුත් අවුරුද්දක්.ඒ වගේම සුභ පෑතුම්.

    ReplyDelete
  2. ආ... අක්කාටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා! අර කටට රසට තියෙන බ්ලොග් අඩවියට නම් කෙළ ඉනෙනවා... ම්.... :D

    ReplyDelete
  3. අඩේ...! එහෙත් ඉන්නවද කොණ්ඩයෙක්? හික් :D මටත් තියෙනව දැන් දිග වරලසක්... (blogger profile එකේ දාල තියෙන පින්තූරෙ මාස හයක් විතර පරණ එකක්)

    ෆිල්ම් එකක් බල බලද කෑම හැදුවේ? හදන කෑම වර්ගයට ගැලපෙන ෆිල්ම් එක බලන්න තෝරගත්තම කෑම රස වෙනවලු.
    මස් ව්‍යංජනයක් හදනවනම් Apocalypto, Texas Chainsaw Massacre වගේ එකක් සිරා.

    ReplyDelete
  4. ආ.... අනංමනං කතා අස්සේ සුබ පතන්න බැරි වුණානෙ! අක්කාටත් සුභම සුභ nuovo anno felice වේවා....!

    ReplyDelete
  5. අක්කටත් අක්කගේ පවුලේ හැමෝටමත් සුභ නව වසරක් වේවා කියල පතනවා.

    ReplyDelete
  6. ආහ් වට්ටෝරැවට ස්තුති වේවා!

    සුභම සුබ අලුත් අවුරැද්දක් වේවා!

    ReplyDelete
  7. nuwan.sl >> ඔබටත් සුභම සුභ අලුත් අවුරැද්දක්... :) බොහොම ස්තූතියී....
    -------------------------

    සුපුන්,සුදාරක >> ඔයටත් සුභ අලුත් අවුරැද්දක් වේවා මල්ලියා... හී හී හී.. මල්ලි කැවිලි කන්න පෙරේතයි වගේ... මමත් කැවිලි කන්න පෙරේතයි :)

    ------------------------

    ශාකුන්තල >> අපොඉ ඔව්, මෙහෙත් ඉන්නවා වැදි ප‍රපුරෙන් පැවත එන කෙනෙක්, ඔයත් එන්නේ ඒ ප‍රපුරෙන් වගේ.. :D ඔයා ඔය කියල තියෙන ෆිල්ම්ස් බල බල මම කෑම හදලා ඔයාටම කන්න දෙන්නම්කෝ... :D එකගද?
    ඔයටත් ෆෙලිචෙ අන්නො නුඔවො :)...

    -------------------------

    උන්මත්තක මල්ලි >> ඔයාටත් සුභම සුභ අලුත් අවුරැද්දක් වේවා කියලා මම පතනවා, මේ අවුරැද්දෙ වත් ඔය පිස්සුව හොද ක‍්රගන්න බලන්න ....! :D

    --------------------------

    බිன்ku >> අයියෝ සුලු දෙයක්නෙ... ඔයාටත් සුභම සුභ අලුත් අවුරැද්දක් වේවා....

    OOOOOOOOOOO

    ප‍රක්කු උනා සුභ පතන්න... සොරි හොදේ.... :(

    ReplyDelete
  8. මධූ >> අපහාස කරන්න එපා හලෝ.. මේක Metallica කස්ටියගෙන් පැවතෙන කොණ්ඩයක්... අහල බලන්න 1984 Ride The Lightning ඇල්බම් එක -- සැප කනේ.. :D
    Il curry... sì sono d'accordo. Io porrò il filmato qui torrent e poi si può preparare il pasto e-mail a me.

    ReplyDelete