Apr 19, 2009

අපි වෙනුවෙන් අපි

18 / 04 / 2009

ඔන්න ඊයෙ අපි විචෙන්සා ගියා "අපි වෙනුවෙන් අපි" සංස්කෘතික උලෙල බලන්න... ෂා කියලා වැඩක් නෑ.. අපේ හමුදාවෙ සහොද‍රයො නියම වැඩ කිඩ ටිකක් පෙන්නුවා, පිනුන් ගැහුවා, නැටුවා, සිංදු කිවුවා, රග පෑවා... අපි කෙල්ලො ටිකත් නිකන් හිටියෙ නෑ... අත්පුඩි ගහල කෑ කෝ ගහලා හෙන සපෝට් එකක් දීලා හෙන ජොලියෙන් හිටියා... මම ෆොටොස් ගත්තා එවා මූණූ පොතට දාන්න ඕනෙ... හැබැයි ටිකක් රෑ උනා ගෙද‍ර එද්දි... ලබන සතියෙ අපේ ගමේ අවුරැදු උත්සවේ නිසා හැමෝම හරි හ‍රියට ලක ලැහැස්ති වෙනවා... ලබන ඉරිදා වෙනකන් ඉන්නෙ ඉවසිල්ලක් නැතිව... මෙදා පාර නං මම හැම තරගෙකටම සහභාගී වෙනවා... කොහොම හ‍රි තෑග්ගක් දිනන්න ඕනේ...

Apr 17, 2009

මායා බන්ධන (15 16 17 බක් මාසය)

පහුගිය දවස් 3 ම මම කලේ youtube වෙබ් අඩවියෙන් spellbinder (මායා බන්ධන) බලපු එකයි...
අවුරැදු 13 ක අතීතයට මම නැවත ගියා වගේ... ආසාවේ බැහැ... ඉතිං බ්ලොග් එක ලියන්න බැරි උනා...
15 කොටස තමයි දැන් බලමින් ඉන්නේ... මම ලංකාවෙ ඉද්දි මේක බලල හිතන් හිටියෙ ඇත්තටම සමාන්ත‍ර ලෝක ඇති කියලා... :) අනේ මටත් ආසයි පෝල් වගේ සමාන්ත‍්ර ලෝකෙකට ගිහිල්ලා ආයෙත් එන්න... :)

-මායා බන්ධන-

Apr 14, 2009

ප‍රණ අවුරැද්ද සහ අලුත් අවුරැද්ද...

අද අළුත් අවුරැද්ද...

අද උදෙත් ඇහැරැනේ නිරෝශා ගේ සිංදුවකින්... අම්මා හැමදාම උදේට කන පැලෙන ත‍රන් හයියෙන් සිංදු දානවා අපිව ඇහැරෙන්න... පහුගිය අවුරැද්දෙම දැම්මේ සුරේන්ද‍්ර ගේ සිංදු... ඉතිං උදේට ඇහැරෙන්නේ ඒ මිනිස්සුන්ට බැන බැන... පවු... අම්ම ක‍රන වැඩෙන් අපිට ගායකයො එපා වෙනවා... ඔන්න ඉතින් නැගිටලා තේ බිවුවා.. අම්මා අද කිරිබත් හදලා... හැබැයි ලුණු මිරිස් නං හදලා නැහැ.. රස වැක්කෙරෙන සවි හට්ටියකුත් හදලා හකුරැත් දාලා... රසම රසයි... එකත් බීලා මම නා ගන්න කියලා හැදුවෙ.. මල්ලි ඇවිල්ලා වද දෙනවා කොන්ඩෙ ටිකක් කපන්නලු... ඒ ලමයගෙ කොන්ඩෙ මාර ඉක්මනට වැවෙන්නෙ... මම ඉතිං බාබර් කෙනෙක්යැ... ඒත් ඉතිං පවුනෙ කියලා කැපුවා... මාර කේස් එක... මගෙ අතින් එක තැනක වැඩියෙන් කැපුනා.. හොද වෙලාවට ඔලුවෙ පිටිපස්ස පැත්ත නිසා මල්ලිට පේන්නෙ නෑ... මල්ලි කොන්ඩෙට තියෙන්නෙ මාර ආද‍රයක්... භක්තියක්... අර මීයා කාපු තැන දැක්කා නං මිනිහා මාව කයි.., මම ඉතිං හෙන ගේම් එකක් දීලා කොහොම හ‍රි අර මීයා කාපු තැන ෂේප් කලා... දන්නැති weddings ක‍රන්න ගියහම ඕක තමයි වෙන්නෙ...

සාමයෙන් සෞභායෙන් සපිරි සුභ නව වස‍රකට ලක්වාසී සියලු දෙනාට (කොටි ඇරෙන්න) මම ආසිරි පතනවා....!





අද ප‍රණ අවුරැද්ද... 13/4/09

අද නං ඉරිදා නිසා නිවාඩු... ගේ ටිකක් අස් ක‍රලා අන්තර්ජාලයේ රවුමක් ගැහුවා...
මූණූ පොතට ගිහින් හැමෝටම අලුත් අවුරැද්දට සුභ පැතුවා.. මගෙ කටට රසට බ්ලොග් අඩවියත් ටිකක් හැදුවා... අවුරැදු කාලේ නිසා කැවිලි ටිකක් හදන හැටි දැම්මා... වෙන නං මොකුත් කලේ නෑ... තාත්තා සන්ෆ්ලවර්ස් ලගෙ සංගීතෙ බලන්න ගියා... මම ෆිල්ම් එකක් බල බල උයලා කාලා නිදා ගත්තා..

Apr 8, 2009

06 - 11 බක් මාසය 2009

6/4/09

අද මම වැඩට ගියා, මහ රෑ වෙලා ආවෙ, අද නං න‍රකම නෑ එත් හ‍රිම මහන්සී...
මහ රෑ ගෙද‍ර ආවෙ... අද ටානියා ආවා... මට සනිධප ෂො එකෙ ෆොටො ගෙනෙල්ලා දුන්නා...
අද අබෘස්සො වල භූමිකම්පාවක් වෙලා... පව් ගොඩක් දෙනෙක් මැරිලා..


7/4/09

අද නං හ‍රිම රස්නෙයි... අද උදෙ මම තනියම ගියේ... එපා උනා... හ‍රිම මහන්සී...
රොහාන් අංකල් එයාගෙ අලුත් සිංදු මට අහන්න දුන්නා... එක සිංදුවක් නං හ‍රිම ලස්සනයි..
"ඔබ සිටියා නම් මගෙ තුරැලේ " සිංදුව... අද අර අලුතින් ඇවිත් ඉන්න නංගි එක්ක මම කතාකලා...


8/4/09

අම්මො අද නං උදෙ වරැව ගෙද‍ර... දැන් මම නාන්න යනවා..
පැය 13 ක් වැඩ ක‍රනව කියන්නෙ සෙල්ලම් නෑ...
රෑ අම්මයි තාත්තයි එක්ක ආවෙ..


9/4/09

අද උදේ නං මට නැගිට ගන්න බැරි උනා... අම්මත් එක්ක ගියෙ ඉතිං... අපි බස් එකේ යද්දි අම්ම ලස්සන ගවුමක් දැකලා, අපි ටාං ගාල බැස්සා, ගිහින් එ ගවුම ගත්තා.. රතු පාට ටිකක් කොට එකක්, මට නං එච්චිරම ඇල්ලිවෙ නෑ, එත් අම්මා බල ක‍රලා අරන්දුන්න නිසා ගත්තා, නිකං හම්බෙනව නං දෙමල පත්ත‍රෙත් කියවනවා වගෙ... මං යද්දි 11.30 ත් පහුවෙලා... අපෝ අද නං එපාම උනා... පිටිපස්සෙ බිත්තියක් ගැලෙව්වා අද...
මට ඇතිම උනා, පස්සෙ 7.30 ට විත‍ර මම ගෙද‍ර එන්න කියල ආවා.. මෙන්න එක පාරට බයිසිකලේක නැගපු මිනිහෙක් මගෙත් එක්ක කතාවට එන්න හදනවා.. මම ආයෙම හැරිලා ආවා... ඒ මිනිහා ගියාට පස්සෙ ආයෙ ගියා... ලෝකෙ කොහෙත් එකයි කියලා මට හිතුනා.. මෙ වගෙ උන දෙවෙනි දවස අද... පලවෙනි පාර ලංකාවෙදි... ක‍රාටි ටිකක් ඉගෙන ගත්තොත් හොදයි වගෙ... හ්ම්ම්ම්... අද මල්ලි යුනි ගිහින් නැහැ...

දවසේ සිතිවිල්ල:
කෙනෙක් මැරැනා වෙන්නෙ එයාට ආද‍රේ ක‍රන අයගෙ ආද‍රෙ, නැතිවෙලා ගිය දාටයි....! ආද‍රේ ක‍රන එක, ආද‍රේ හිතෙන එක නවත්තන දාටයි...!






10/4/09

සති අන්තය වෙනකන් බලා ඉන්න නිසාද මන්ද, මම හිතන් හිටියෙ අද සෙනසුරාදා කියලා... අනිත් අයගෙ බ්ලොගි වලට පොඩ්ඩක් ඔලුව දාලා බැලුවා.. මෙන්න මේ ලිපියෙ පාසල් එන අම්මලාට සාරි අන්දන්නට දත කවන අපේ විදුහල්පතිවරු සමහ‍රක් පිලිතුරැ කියවද්දි නම් මට පුදුම ත‍රහක් දැනුනා, මමත් හොද පිලිතුරක් ලිවුවා ඉතින්...

සෑම් ට පිලිතුරැ

[ උපුටනය]සීමා දැම්මේ නැත්තම් මෙ හයක් හතරක් නොදන්නා, අසමජ්ජාති ලංකාවේ අධම මිලේච්ච ගෑනු ජාතිය, කොටට අදින්න පටන් ගනීවි. දැන් අපි මේ නීතී රීතී දා, මේ ලංකාවේ ගෑනු සංහරය ආන්ඩුමට්ටු කර තියෙනා නිසා රන්දිල්ගේ අම්මාත් හොදට ඇග පත වැසෙන්නට අදිති.[ නූඋපුටනය]

විසි එක්වැනි සත වර්ශයේ දී මෙවැනි කියුන් අසන්නට ලැබේ යැයි මා කිසිසේත් බලා පොරොත්තු වූයේ නැත… සෑම්ගේ පිලිතුර පිලිබද මම බෙහෙවින්ම ශෝකයට පත් වෙමි…. ලංකාව ප‍්රජාතන්ත‍්රවාදී රටක් ලෙස පිලිගැනුනත්, මෙම ලෙස ගැහැනු අයව ආන්ඩු මට්ටු කිරීමට සැරසී සිටින අය සිටින තාත් කල් සැබවින්ම ලංකාව ප‍්රජාතන්ත‍්රවාදී රටක් වන්නේ නැත. පිරිමි උඩවිය කියනා තාලයට ගැහැනු නටනේ නම් මොවුන් අතිශයින්ම සතුටුය…

රටේ ලෝකයෙ සිටිනා ගැහැනුන්ට නීතී දැමීමට හැකි අයිතිය කොහෙන් කොහොම ලැබුනාදැයි මම විස්මිත වෙමි…. සදාචාරය යනු බලෙන් පෙවිය හැක්කක් නොව… බලෙන් කිරීමට යන කිසිම දේක තේරැම්ක් හෝ පැවැත්මක් නැත… යම් දෙයක් සාර්ථක වන්නේ එහී ඇති වැදගත්කම සැබවින්ම හදුනාගෙන ක‍්රියාත්මක වන විටදීය.

සැබවින්ම ලංකාව දේශගුනයෙන් අතිශයින්ම උනුසුම් රටකි… මෙවැනි දේශගුනයක් පවතින රටක ගැහැනුන්ට මුලු ශ‍්රීරයම වසාගෙන යෑම මහත් ක‍රද‍රයකි… මා මෙයින් අදහස් ක‍රන්නේ නිරැවතට හෝ අඩ නිරැවතට අනුබල දීමක් නෙවේ…

කාරැනික පිරිමි සහොද‍්රවරැනි… හෙට සිට ඔබ සැමට අප්ගේ ජාතික ඇදුම හිස සිට දෙපතුල දක්වා අදිනට ලැහැස්තීනම් ගැහැනු අපිත් සාරී ඇදීමට සූදානම්ය… :P




11/4/09


ඇති යන්තං මම මෙච්ච‍්ර දවසක් බලන් හිටිය ශනිදාව ආවා... අද ඉතිං ගෙද‍ර, පුදුමෙ කියන්නෙ වැඩට යන දවස් වලට බොම්බ ගැහුවත් ඇහැරෙන්නෙ නැති මම අද වගේ නිඩඩු දවසට උදෙන්ම නැගිටින එක, ගේ ටිකක් අස් අස්කරලා බ්ලොග් එක පැත්තට ඔලුව දැම්මා... මල්ලි පහුගිය දවස් ටිකේම සිංදුවක් දාලා දාලා මාව ඒකට ආස කෙරෙවුවා, ඇත්තටම ඒක ගොඩක් ලස්සන සිංදුවක් :)




Apr 5, 2009

ජීවිතේ තවත් එක දවසක්

අද නං කිසිම වැඩක් කලේ නෑ... හැබැයි බ්ලොග් එකෙ ග්රැෆික්ස් නං ටිකක් හැදුවා, වැඩෙ සාර්ථකයි වගේ මම ආස විඩිහට ආවා, අද හැබැයි කාළගුනය නං න‍රකම නෑ, හැබැයි රෑ වෙනකොට වැස්සා, සදුදා ඉදලා මට වැඩට යන්න වෙයි වගෙ... හෙට තමයි නිදාගන්න තියෙන අන්තිම දවස.. එක අතකට කමක් නෑ කියල හිතෙනවා... මොනා ක‍රන්නද වෙන... පෙරලුනුපිට හොදයි නොකියා... දැන් වෙලාව පාන්ද‍්ර 2 යි 14... ගෑනු ලමිස්සියේ නිදා ගන්න වෙලාව.. අනෙ අම්මපා :D

Apr 3, 2009

මෙග් පලෙවනි සීරියස් බ්ෙලාගිය

ඔන්න මමත් හා පුරා කියලා බ්ෙලාග් එකක් ලියන්න ෙසට් උනා
පලවෙවනි දවසෙම මෙක හිස් තියන්න මොකද්ද වගෙ, එක නිසා නිකන් වල්පල් ටිකක් ලියලා දැම්මා.
හෙට උදෙට නැගිටලා ග්රැපික්ස් ටික හදන්න ඔන...
කව්ද දන්නෙ blogger එක blogspot එකට වඩා ලේසී කියලා, දන්නවනං කලින් හදන්නෙ... අප‍රාදෙ මං blogspot එකෙ html එක්ක හැප්පුන හැප්පිල්ල... කමක් නෑ... එකත් අත්දැකීමක් කියලා හිත හදාගත්තා..
වෙලාව රෑ 9.39 හප්පෙ ඉක්මනින් ගිහිල්ලා රෑට උයන්න ඔන, නැත්තන් අම්මගෙ චරැ චුරැව අහන්න වෙනවා.
මෙ ඩය‍රිය පිරෙන්න ලියන්න රසවත් අත්දැකීම් ලැබෙවායි පතමින් මම නවතිමි...!